"ථේරවාද බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
101 පේළිය:
නිබ්බාන කරා යන මාර්ගය, නැතහොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්න සමහර අවස්ථාවල දී හැඳින්වෙන්නේ මේ ත්‍රිවිධ ශික්ෂාවන් වලින් යුතු ධම්මානුධම්ම පටිපදාව හැටියට. ඒවා වර්ග තුනකි: සීල නොහොත් ශික්ෂණය, සමාධි නොහොත් මානසික පුහුණුව සහ ප්‍රඥා නොහොත් ඥානය දියුණු කර ගැනීම.
==
භාවනා යනුවෙන් අදහස් වෙන්නේ ධනාත්මක ලෙසින් මනස ශක්තිමත් කර ගැනීමයි. සමත හා විපස්සනා යන පුළුල් වශයෙන් දෙවර්ගයකින් වූ භාවනාව නම් ඥානය පාදා ගැනීමේ වැදගත් ක්‍රමවේදයකි. සමත යන්න වචනානුසාරයෙන් ගත් කළ අදහස් වෙන්නේ "කුසලතාවය ඇති කිරීම" යන්නයි. ඊට ඇති අනෙකුත් අදහස් නම් "ශාන්ත, සංසුන්". ""දෘශ්‍යමාන" සහ "ඉෂ්ට කර ගැනීම" යනාදියයි. විපස්සනා යන්නේ අදහස "විදර්ශනාව", "අන්තර්ඥානය" යනාදියයි. මේ සංදර්භයෙන් ගත් කළ සමත භාවනාව යනු පුද්ගලයාට මනසේ ඒකාග්‍රතාවය තහවුරු කරන්නා කුසලතාවය වඩවන්නකි. මනස එසේ නිසි පමණින් ඒකාග්‍රතාවයකින් යුතු වූ පසු විපස්සනා භාවනාව විසින් ඉදිරිපත් කරන්නේ අඥානයේ තිරය උස්සා චතුරාර්ය සත්‍යය දැකීමට හැකියාවයි.
පාලි ත්‍රිපිටක විසින් බුදුන් තම අනුගාමිකයන්ට ඥානාවබෝධය කරා යෑමට චිත්ත සමාධි නම් පිළිපැදිය යුතු පිළිවෙත් කියා දී ඇත. ප්‍රංපචයන් තුලින් ගවේෂණයෙන් හා ඍජු අත්දැකීම් වලින් විමුක්තිය කරා යන්නට බුදුන් ද භාවිතයට ගත්තේ ඥානයයි. <ref>{{Cite web|url=http://www.accesstoinsight.org/ptf/buddha.html|title=A Sketch of the Buddha's Life |accessdate=2007-12-03|publisher=Access to Insight }}</ref> සම්මා සමාධි නොහොත් නිවැරදි සිහිය එළඹවා ගැනීම යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක් පියවරක් වෙයි. සමාධි යන්න වර්ධනය කරගැනීමට ආනාපානසති භාවනාව නොහොත් ආශ්වාසය හා ප්‍රාශ්වාසය හා බැඳි භාවනා ව්‍යායාමයකින්, 'කසින' නම් වූ යම් දෘශ්ටිමය වස්තූන් ඇසුරින් සහ නැවත ප්‍රතිචාරයෙන් යුතු වගන්ති වලින් ද පුළුවන. සමථ භාවනාව සඳහා උපයෝගී කරගන්නා වස්තු 40 ක් සම්ප්‍රදායික ලැයිස්තුවේ සඳහන්ය. සෑම වස්තුවකට ම විශේෂිත වූ ඉලක්කයක් ඇත. උදාහරණයක් වශයෙන් 'කායානුපස්සනා' හෝ 'කායාගතසති' යන ශරීරයේ විවිධ අංගයන් ගැන සැලකිල්ලෙන් යුතුව කරන භාවනාව හේතුවෙන් තමන්ගේ සිරුරටත් අනුන්ගේ සිරුරැ වලටත් ඇති බැඳීම් අඩුකරගත හැකියි. එයින් සංවේදනයෙන් ඇතිවන ආශාවන් අඩුකරගත හැකිය. මෙත්තා නොහොත් මෛත්‍රිය භාවනාවෙන් තමන්ටත් අනිත් ජීවින්ටත් හොඳ යහපත් හා සතුටු හැඟීම් පැතිරවීමේ හැකියාවෙන් යුතුය. මෛත්‍රිය භාවනාව ව්‍යාපාදය, ක්‍රෝධය සහ බිය නැති කරගැනීම සඳහා පාවිච්චියට ගන්නකි.
== මාර්ග ඵල ==
{{මූලික|Four stages of enlightenment}}
# '''සෝතාපන්න මාර්ග ඵලය''' - පළමු බන්ධන තුන (එනම් "මම" යැයි අල්ලා ගෙන ඉන්නා මායාව, විචිකිච්ඡාව, වත් පිළිවෙත් වලට ඇති ඇබ්බැහිය) විනාශ කර දමන්නට සමත් වෙන්නා වූ අය දොම්නස් තත්වයන්ට වැටීමෙන් (ඔවුන් සත්ව, ප්‍රේත, හොල්මන් හෝ අපාය ජීවින් ලෙසින් ඉපදීමෙන්) නිදහස් වෙති. ඔවුන් නිවන් අවබෝධයට පෙර නැවතත් හත්වතාවක් උපදති.
# '''සකෘදාගාමි මාර්ග ඵලය''' - පළමු බන්ධන තුන (එනම් "මම" යැයි අල්ලා ගෙන ඉන්නා මායාව, විචිකිච්ඡාව, වත් පිළිවෙත් වලට ඇති ඇබ්බැහිය) මෙන්ම රාගය හා ද්වේශය ද අඩු කරගන්නට හැකියාව ලැබීමයි. ඔවුන් නිවන් අවබෝධයට පෙර නැවතත් එක් වතාවක් උපදිති.
# '''අනාගාමී මාර්ග ඵලය''' - ප්‍රාථමික බන්ධන පහ වූ සංවේදනයන් තුලින් උපදින තණ්හාවන් විනාශ කර දමන්නට සමත් වෙන අයයි. ඔවුන් නැවතත් මිනිස් ලෝකයේ උපදින්නේ නැති අයයි. ඔවුන් දිව්‍යලෝකයේ ඉපිද නිබ්බාන අවබෝධයට ඉඩ ලබනා අයයි. නැවත ඉපදීමක් සිද්ධ නොවන මේ මාර්ග ඵලය ගිහියන්ගේ ඉලක්කය වීමට සුදුසු යැයි ආදී පොතපතේ සඳහන් වෙයි.<ref>Sarah Shaw, author of ''Buddhist Meditation: An Anthology of Texts from the Pāli Canon''. Routledge, 2006. [www.vesakday.net/vesak50/article/pdf_file/13_Buddhist_%20Meditation_Practices_West.pdf], page 8.</ref>
# '''අර්හත්''' - බෝධි නොහොත් විමුක්තිය කරා ළඟා වූවන්, අජරාමර වූ, ක්ලේශයන් ගෙන් තොර වූ, අවිද්‍යාව හා බැඳීම් වලින් තොර වූ තත්වයක් මෙයින් කියැවේ. පැවිද්දන් විසින් ඉලක්ක කරගත යුතු තත්වයක් ලෙසින් ආදී පොතපතේ අර්හත් තත්වය සඳහන් වේ.<ref>Sarah Shaw, author of ''Buddhist Meditation: An Anthology of Texts from the Pāli Canon''. Routledge, 2006. [www.vesakday.net/vesak50/article/pdf_file/13_Buddhist_%20Meditation_Practices_West.pdf], page 8.</ref>
== ශුද්ධ ලියකියැවිලි ==
The Theravada school upholds the [[Pali Canon]] or [[Tipitaka]] as the most authoritative collection of texts on the teachings of Gautama Buddha. The [[Sutta]] and [[Vinaya]] portion of the Tipitaka shows considerable overlap in content to the [[Agamas]], the parallel collections used by non-Theravada schools in India which are preserved in [[Chinese language|Chinese]] and partially in [[Sanskrit]], [[Prakrit]], and [[Tibetan language|Tibetan]], and the various non-Theravada Vinayas. On this basis, both these sets of texts are generally believed to be the oldest and most authoritative texts on Buddhism by scholars. It is also believed that much of the Pali Canon, which is still used by Theravāda communities, was transmitted to Sri Lanka during the reign of Asoka. After being orally transmitted (as was the custom in those days for religious texts) for some centuries, were finally committed to writing in the last century BCE, at what the Theravada usually reckons as the fourth council, in [[Sri Lanka]]. Theravada is one of the first Buddhist schools to commit the whole complete set of its Buddhist canon into writing.<ref>Harvey, ''Introduction to Buddhism'', Cambridge University Press, 1990, page 3.</ref>
|