"ථේරවාද බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
42 පේළිය:
යටත්විජිතවාදීන් විසින් කරන ලද වෙනස්කම් නිසා ද බෞද්ධ පුනර්ජීවයක් ඊට එරෙහි ව පැන නැඟී ඇත. බටහිර යටත්විජිතවාදීන් සහ ක්‍රිස්තියානි මිෂනාරීවරුන් උවමනාවෙන් ම යම් ආකාරයක වූ ක්‍රිස්තියානි පල්ලි හැදියාවක් ලංකාවේ සහ ගිණිකොන දිග ආසියාවේ රටවල බෞද්ධ ස්වාමීන්වහන්සේලාට නියම කරන ලදි. එනම් පන්සලට සීමා වූ ධර්ම බෙදා දෙන කටයුතු සහ ඒකීය පුද්ගලයාට නිවන් මඟ කියාදෙන කටයුතු වලට ස්වාමීන්වහන්සේලා සීමා කර තැබීමයි. <ref>Edmund F. Perry's introduction to Walpola Rahula's ''The Heritage of the Bhikkhu: A Short History of the Bhikkhu in the Educational, Cultural, Social, and Policital Life.'' Grove Press, New York, 1974, page xii.</ref> බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට පෙර, බුරුමයේ සහ ශ්‍රී ලංකාවේ යන රටවල් දෙකේ ම මහණුන් ගිහි ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ වගකීමෙන් යුතු වූහ. ඔවුනට විශාල සාහිත්‍ය නිර්මාණ පිරිනමන්නට සමත් වූහ. බ්‍රිතාන්‍යයන් විසින් පාලනය අල්ලා ගැනීමෙන් පසුව බෞද්ධ පංසල් තීව්‍රර පරිපාලනයකට මුහුණ දුනි. ඔවුන්ගේ මුදල් වියදම් කරන්නට අනුමැතිය ලැබුනේ ආගමික කටයුතු සඳහා පමණි. අධ්‍යාපන පද්ධතියේ පාලනය ක්‍රිස්තියානි ආගමික නායකයන්ට ලැබිණ. ඔවුන්ගේ වේතන රජයෙන් නඩත්තු කළ මිෂනාරී වැඩ වලට යෙදවුණි. <ref>Stanley Jeyaraja Tambiah, ''Buddhism Betrayed?'' The University of Chicago Press, 1992, pages 35-36.</ref> විදේශීය පාලනය යටතේ, විශේෂයෙන්ම බ්‍රිතාන්‍යය පාලන යටතේ දී සංඝ සමාජය තුල ජෛවයෙන් අඩපණ තත්වයක් බිහිවිය.<ref>Stanley Jeyaraja Tambiah, ''Buddhism Betrayed?'' The University of Chicago Press, 1992, page 28.</ref> වල්පොල රාහුල තෙරණුවන්ට අනුව, එතෙක් අධ්‍යාපනය, සමාජ කටයුතු හා සුබසාධනය සඳහා බෞද්ධ ආගමික නායකයන්ට තිබි සමාජ තත්වය ඉවත් කර එය ක්‍රිස්තියානි මිෂනාරින් වෙත පවරන ලදි. එයින් ඇති වූයේ සමාජයේ ආයතන වල ඉහළ තනතුරු දැරූ අය වෙත බලපෑම් කරන්නට මෙතෙක් බෞද්ධ ආගමික නායකයන්ට තිබි අවස්ථාව ස්ථිර කාලීනව ඉවත් වීමයි. <ref>Stanley Jeyaraja Tambiah, ''Buddhism Betrayed?'' The University of Chicago Press, 1992, page 28.</ref> පශ්චාත් යටත්විජිත සමයේ බොහෝ බෞද්ධ තෙරණුවන් මේ සුසමාදර්ශය වෙනස් කරන්නට කැප වූහ. <ref>Stanley Jeyaraja Tambiah, ''Buddhism Betrayed?'' The University of Chicago Press, 1992, page 29.</ref> සමාජයේ බුද්ධාගමට හිමි ව තිබි තැන යළි ස්ථාපිත කරන්නට ශ්‍රී ලංකාවේ හා බුරුමයේ උත්සාහයන් වර්ධනය විය.<ref>Stanley Jeyaraja Tambiah, ''Buddhism Betrayed?'' The University of Chicago Press, 1992, pages 63-64.</ref>
 
ශ්‍රී ලංකාවේ ථේරවාදීන් තම සම්ප්‍රදායට නව ජීවයක් ලබාගනු පිණිස බටහිර සංස්කෘතිය වෙත නෙත් යොමු කළහ. ක්‍රිස්තියානි මිෂනාරිවරු විසින් ස්වදේශී වූ සංස්කෘතියකට තර්ජනය කරන ලදි. {{sfn|Gombrich|1996|p=177-181}} ඊට ප්‍රතිචාරයක් වශයෙන්, ථේරවාදීන් විසින් ථේරවාදය පතුරුවා හරින්නට කටයුතු කළහ. ඔවුන්ට සහාය දෙන්නට ආවේ පරමවිඥානාර්ථවාදීන්ය.<ref>http://en.wikipedia.org/wiki/Theosophical_Society</ref> ඔවුන් පැරණි ඥානය ගැන සොයා බැලූ අයයි. එය වෙනත් මූලාශ්‍ර වලින් මෙන් ම පාලි සුත්ත පිටකයේ සහ බුද්ධාගම තුලින් සොයා ගත හැකි යැයි සිතූ අයයි. ඇමෙරිකන් කර්නල්වරයෙකු වූ ද, පරමවිඥානාර්ථවාදීන්ගේ සංගමයේ සම නිර්මාතෘවරයෙක් සහ පළමු සභාපති තනතුර ද දැරූ [[සර් හෙන්රි ඕල්කොට්]] සහ හෙලේනා බ්ලැවැට්ස්කි දෙදෙනා 1880 මැයි 25 වැනි දා බුද්ධාගම ආගම කරගත් ප්‍රථම ඇමෙරිකානු යුරෝපීය බෞද්ධයන් සේ මහජනතාවට දැනුම් දීමක් කළහ.<ref>http://en.wikipedia.org/wiki/Henry_Steel_Olcott</ref> ඔවුන් දෙදෙනා ගාල්ලේ වැලිවත්තේ වූ විජයානන්ද විහාරයේ දී පන්සිල් පද පහ රැගෙන ඇත්තේ 1880 මැයි 19 වැනිදා ය. පරමවිඥානාර්ථවාදීන්ගේ මූලිකත්වයෙන් ලංකාවේ බෞද්ධ පාසැල් ගණනාවක් ඉදි කරන ලදි. කොළඹ ආනන්ද විද්‍යාලය, නුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ලේ මහින්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය ඒවා ලෙස සැලකේ. 1885 දී බෞද්ධ කොඩිය නිර්මාණය කරන්න උපදෙස්කරුවෙක් ලෙසින් ද ඕල්කොට් කටයුතු කරන ලදි. එය පසු කාලයේ දී ලෝක බෞද්ධ සංවිධාන විසින් බෞද්ධ සම්ප්‍රදායික ධජයක් ලෙසින් පිළිගන්නා ලදි. ඔවුන් හා එක් වූ මුල් ථේරවාදියෙක් ලෙස සැලකෙන්නේ අනගාරික ධර්මපාලය. විපස්සනා භාවනා ක්‍රම යළි ස්ථාපනය කරන්නට අනගාරික ධර්මපාල උත්සාහයක් ගත්තේය. ඒ සඳහා පාලි ත්‍රිපිටකයෙන් හා විසුද්ධි මග්ගයෙන් ක්‍රමවේදයක් සොයා ගියේය. මැද පංතියේ අය සොයා ගිය ධර්මපාල ඔවුන් වෙනුවෙන් ආගමික චාරිත්‍ර වාරිත්‍ර සඳහා අවස්ථාවක් සහ ආගමික අනන්‍යතාවයක් ලබා ගන්නට වෙහෙස විය. එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට විරෝධය දක්වනු සඳහා ද පාවිච්චියට ගැනිණ. එයින් ඇතිපරමවිඥානාර්ථවාදීන්ගේ වුඋත්සාහයේ ප්‍රතිඵලයප්‍රතිඵලයක් නම්හැටියට රටේ ආගමික හැදියාව වෙනසකට භාජනය වී මෙතෙක් පැවිද්දන් පමණක් නියැළුනු භවානා ක්‍රමවේදයන් ගිහියන් ද භාවිතා කරන්නට අවසර ලද්දහ.{{sfn|Gombrich|1996|p=172-197}}
 
පාලි ත්‍රිපිටකයේ පරිවර්තනය හා ප්‍රකාශනයත් සමඟ ඉතිහාසයේ ප්‍රථම වරට පාලි ත්‍රිපිටකය ගිහි සමාජය අතට පත්විය. එය බටහිරට පමණක් නොව නැගෙනහිර සමාජයට ද ලැබුණු ප්‍රථම වතාව එයයි. පරමවිඥානාර්ථවාදී සංගමයෙන් ථේරවාද බුද්ධාගමේ ජනප්‍රියත්වයට ආධාර ලැබිණ. එය 20 වැනි සියවසේ ආරම්භය දක්වා පැවතිණ. 1970 ගණන් වල දී නැවත පිබිදීමක් ඇති විණ. එයින් බටහිර වැසියන් තවත් පිරිසක් සත්‍යය සොයා පාලි සූත්‍ර පිටකය මුද්‍රණයටත්, පසුකාලීනව එය අන්තර්ජාලයට එකතු කරන්නටත් දායක වූහ.
"https://si.wikipedia.org/wiki/ථේරවාද_බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි