"තිරසාර සංවර්ධනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
2 පේළිය:
 
තිරසාරතිරසර (ධරණීය) සංවර්ධනය යනු මුලිකවම [[පරිසරය|පරිසරයේ]] පවත්නා සම්පත් වලින් ප්‍රයෝජනය ගන්නා අතරම අනාගතය සඳහා ද ඒවා සුරැකීමයි.මේ අනුව ධරණීය සංවර්ධනය යන්නෙන් පවත්නා සම්පත් වර්තමානයේ ප්‍රයෝජන ගැනීම, එවා සංවර්ධනය කිරීම මෙන්ම,අනාගත පරපුරේ අවශ්‍යතාවයන් සඳහාද ඒ සම්පත් යම් ප්‍රමාණයකට ආරක්ෂා කිරීමත් අදහස් වේ.අනාගතය සඳහා සම්පත් සුරකීමේදි යම් ප්‍රමාණයකට හෝ වර්තමාන අවශ්‍යතා කැප කිරීමට සිදුවිය හැකිය.
 
ධරණීය සංවර්ධනය පිළිබද සංකල්පය සකස් වි ඇත්තේ චිරාත් කාලයක් තුළ එකිනෙකට ප්‍රතිවිරැද්ධ දෙසට ඇදි ගිය ධාරා දෙකක් එක් පොදු දිශාවකට යොමු වීම මගිනි.එවා නම් මානව කේන්ද්‍ර ගත භෞතික සංවර්ධනය පිළිබද චින්තන ධාරාව හා ජෛව කේන්ද්‍රගත වු පරිසරය සංරක්ෂණය පිළිබඳ චින්තන ධාරාවන්ය.පශ්චාත් යුධ සමයේදි ඌන සංවර්ධිත ලෝකය යනුවෙන් හැදින්වුණු වත්මන් තුන්වන ලොව රටවල් කාර්මිකරණය කිරිම පිළිබඳ ප්‍රශ්නය සංවර්ධනය යනුවෙන් හදුන්වන ලදි.එහිදි කැපි පෙනුන මුලික ලක්ෂණය නම් උණ සංවර්ධිත ලෝකය සංවර්ධනය කිරිම යනු සංවර්ධිත රටවල‍ටම ආවේනික කාර්මිකරණයේ අනුරුවක් බවට පත් විය යුතු බව විනා තෙවන රටවල පරිසර, සමාජ, ආර්ථික හා සංස්කෘතික තත්වයන්ට ගැලපෙන සංවර්ධනයක් විය යුතු බව අදහස් නොවීමයි. [[සංවර්ධිත රටවල්]] අනුගමනය කෙරුනු දේශපාලන මතවාද [[සංවර්ධනය වෙමින් පවතින රටවල්|සංවර්ධනය වෙමින් පවතින රටවලට]] බලපෑවේ විවිධාකාර ලෙස වුවද සංවර්ධනය පිළිබඳ සමස්ත චින්තනයම හුදු ආර්ථික පාරාමිතින්ම පදනම් කර ගත් එකක් බව පොදුවේ දක්නට ලැබේ.අනෙක් අතට පාරිසරික චින්තනය ඇසුරින් මතුවී ආ ප්‍රධාන කරුණ වුයේ සංවර්ධිත රටවල [[කාර්මිකරණය‍‍]] තුල ඇති වු විපත් පිළිබඳව කතා කිරීමයි.එබදු තත්වයක් සංවර්ධනය විරෝධි එකකි.මේ තත්වය යටතේ මෙම චින්තන ධරා දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ විය.සංරක්ෂණ වාදින් ගත් කළ සංවර්ධනය විරෝධින් වශයෙන් සංවර්ධනය පරිසරයේ සතුරෙකු ලෙසද සිතිමට තරම් අන්තගාමි තත්වයකට ඹවුන්ගේ එම චින්තනයන් සකස් වී තිබුණි.මෙම අන්තගාමි තත්වයන් දෙකෙහිම සාරය මුසු කොට ගත් විසදුමක් කරා යොමු විමට ධරණීය සංවර්ධනය නම් සංකල්පය බිහිවින.
"https://si.wikipedia.org/wiki/තිරසාර_සංවර්ධනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි