"තෝමස් ජෙෆර්සන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
57 පේළිය:
|signature=Thomas Jefferson Signature.svg
}}
 
'''තෝමස් ජෙෆර්සන්''' ඇමෙරිකාවේ තුන්වැනි ජනාධිපතිවරයා ය. ඔහු [[ඇමෙරිකාවේ ආදීපීතෘවරුන්|ඇමෙරිකාවේ ආදීපීතෘවරයෙක්]] ද වෙයි. ඇමෙරිකන් නිදහස් ප්‍රකාශනයේ ප්‍රධාන කතුවරයා ද වෙයි. [[අමෙරිකානු විප්ලවීය යුද්ධය|ඇමෙරිකන් විප්ලවීය යුද්ධය]] මුල දී ඔහු මහාද්වීප කොංග්‍රසයේ සේවය කළේ වර්ජීනියාවේ නියෝජිතවරයෙක් ලෙසිනි. අනතුරුව ඔහු යුද්ධ පැවති සමයේ වර්ජීනියාවේ ආණ්ඩුකාරයා ලෙසින් ද සේවය කළේය. යුද්ධයේ අවසානයත් සමඟ ප්‍රංශයේ පැරිස් නුවර රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙසින් සේවයට ගියේය. 1785 දී හේ ප්‍රංශයට පත්වීම් ලද එක්සත් ජනපද ඇමතිවරයා වෙයි. ජෙෆර්සන් එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයා වශයෙන් සේවය කරන්නේ 1790 සිට 1793 දක්වා ප්‍රථම ජනාධිපති [[ජොර්ජ් වොෂින්ටන්|ජෝර්ජ් වොෂිංටන්]] යටතේ ය. සිය කුළුපග මිතුරා වූ [[ජේම්ස් මැඩිසන්|ජේම්ස් මැඩිසන්]] සමඟින් ඔහු ඩෙමොක්‍රැටික්-රිපබ්ලිකන් පක්ෂය සංවිධානය කරන ලද්දේ ය. අනතුරුව හේ වොෂිංටන්ගේ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. 1796 දී උප ජනාධිපතිවරයා ලෙසින් තේරී පත් වූයේය. ඔහු 1801 මාර්තු 4 වැනි දා ඇමෙරිකාවේ තුන්වැනි ජනාධිපතිවරයා ලෙසින් පත්විය.
 
==පුද්ගලික තොරතුරු==
 
තෝමස් ජෙෆර්සන් උපන්නේ 1743 අප්‍රේල් 13 වැනි දින වර්ජීනියාවේ ෂැඩ්වෙල් නම් වතු වැවිලිකරයේය. ඔහු උපන් ස්ථානය 1770 ගින්නක දී දැවී යන ලදි. වයස අවුරුදු 9 සිට 14 දක්වා ඔහු නොර්තම් හි සෙන්ට් ජේම්ස් දේවස්ථානයේ පූජ්‍ය විලියම් ඩග්ලස් නම් වූ දේව ධර්ම ආචාර්යවරයෙකු වෙතිනි. වයස 14 සිට 16 දක්වා ඔහු ෆ්‍රෙඩරික්ස්විල් හි පූජ්‍ය ජේම්ස් මෝරි පාසැලේ අධ්‍යාපනය හදාරයි. ඉන්ග්ලිස් නම් මහත්මයෙක් යටතේ ඔහු නර්තනය හදාරයි. 1760 දී ඔහු විලියම් ඇන්ඩ් මේරි විශ්ව විද්‍යාලයේ විද්‍යාව, ගණිතය, වාග් කෞශල්‍ය, දර්ශනය, සාහිත්‍යය යනාදී විෂයයන් වසර දෙකක කාලයක් අධ්‍යයනය කළේය. ඔහු දිනකට පැය 15 ක් පමණ අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කරන ලද සිසුවෙක් සේ සඳහන් වෙයි. විශ්ව විද්‍යාලයේ සිටි සමයේ ඔහු "පැතලි තොප්පි" නමින් වූ සමාජයීය සබඳතා සඳහා වූ සමාජයක සාමාජිකයෙක් විය. 1762 සිට 1767 දක්වා කාලයේ දී ජෙෆර්සන් නීති ශාස්ත්‍රය හැදෑරුවේ ජෝර්ජ් වයත් යටතේ ය. පස් අවුරුදු නීතීඥ පුහුණුවක් ලැබීම එකළ සාමාන්‍ය සිරිත විය. 1767 දී ඔහු වර්ජීනියාවේ නීතීඥවරයෙක් වශයෙන් රැකියාව ආරම්භ කරන ලදි.
අඩි 6 ක් සහ අඟල් 2 1/2 ක උසින් යුතු වූ තෝමස් ජෙෆර්සන් සිහින් සිරුරකින් යුතු වූයෙකි.
 
== මූලාශ්‍ර ==
{{reflist}}
 
* http://en.wikipedia.org/wiki/Thomas_Jefferson
* The Complete Book of U. S. Presidents, 5th Edition, William A. DeGregorio, Gramacy Books, New York, 2002
"https://si.wikipedia.org/wiki/තෝමස්_ජෙෆර්සන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි