"එක්සත් ජනපදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
71 පේළිය:
'''ඇමෙරිකා එක්සත් ජනපදය''' නොහොත් '''එක්සත් ජනපදය''' මෙන් ම, '''US''' නමින් ද, '''USA''' නමින් ද '''ඇමෙරිකාව''' නමින්ද හැඳින්වෙන්නේ ප්‍රාන්ත පනහකින් සහ ෆෙඩරල් දිස්ත්‍රික්කයකින් සමන්විත වූ ෆෙඩරල් ව්‍යවස්ථාදායක ජනරජයකි. මෙහි බහුතර භූමිය පිහිටා ඇත්තේ උතුරු මැද ඇමරිකාවේය, එහි ප්‍රත්‍යාසන්න ප්‍රාන්ත 48 ක් සහ අගනුවර දිස්ත්‍රික්කය වන වොෂිංන්ටන් ඩී.සී. ද පිහිටා ඇත්තේ පැසිෆික් සහ අත්ලාන්තික් සාගර අතර ය. උතුරැ මායිමේ පිහිටන්නේ කැනඩාව ය. දකුණු මායිමේ පිහිටන්නේ මෙක්සිකෝව ය. ඇලස්කා ප්‍රාන්තය වයඹින් පිහිටා ඇති අතර එහි නැගෙනහිර මායිම් වෙන්නේ කැනඩාවෙනි. එය බටහිරින් මායිම් වෙන්නේ බේරින් සානුව එපිටින් පිහිටන රුසියාවයි. හවායි ප්‍රාන්තය පැසිෆික් සාගරය මධ්‍යයේ පිහිටි ‍කොදෙව් දූපත් සමූහයකින් සෑදෙන්නකි. මෙම රටට කැරිබියන් හා පැසිෆික්හි භෞමික ප්‍රදේශයන් කිහිපයක් අයිති වෙයි. වර්ග සැතපුම් මිලියන 3.79 ක් ( වර්ග කිලෝමීටර් මිලියන 9.83) යුතු මෙම රටෙහි ජනගහනය මිලියන 314 කට වඩා අධික ය. රටට අයත් සම්පූර්ණ ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේ දී එය ජනගහණයෙන් හා භූමි ප්‍රමාණයෙන් යන දෙකින් ම ලොව තුන්වන හෝ හතරවන විශාලතම රට වෙයි. ලෝකයේ විවිධ රටවල් වලින් විශාල සංඛ්‍යාවක් සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් ලෝකයේ වඩාත් ම විවිධ වූ ජනවාර්ගික නියෝජනයෙන් යුක්ත හා බහුසංස්කෘතික වූ රටක් වෙයි.
 
අද ඇමෙරිකාව යැයි සැලකෙන මහා භූමි ප්‍රමාණයට වසර 15,000 කට පමණ පෙර ආසියාවෙන් පේලියෝඉන්දියානුවන් සංක්‍රමණය වූවා යැයි සැලකේ. ස්වදේශී ඇමෙරිකන් ජනගහණය ඔවුන් වෙතින් පැවත එන්නන් සේ සැලකෙන අතර ක්‍රමයෙන් ජනගහණය අඩු වී යන්නේ පළමුව යුරෝපීයයන් ගේ පැමිණීමත් සමඟ ඔවුන් හා සබඳතා පැවැත්වීමේ දී බෝවෙන ලෙඩ රෝග වැළඳීමත් අනතුරුව ඒ තත්වය යුරෝපීය යටත්විජිත පටන් ගැනීමේ දී වැඩියෙන් පැතිර යාමත් නිසා ය. අත්ලාන්තික වෙරළබඩ පළාත් හි වූ බ්‍රිතාන්‍යය යටත්විජිත උපනිවේෂ දහතුනකින් ඇමෙරිකාව මුලින් සෑදෙන ලදි. 1776 ජූලි 04 වැනිදා මහාද්වීප කොංග්‍රසයට සහභාගී වූ උපනිවේෂ නියෝජිතයන් විසින් නිදහස් ප්‍රකාශනයක් නිකුත් කරන ලද්දහ. එයින් කියා සිටියේ ඔවුනට ස්වෛරීභාවයට සහ ස්වාධීන රාජ්‍යයක් පිහිටුවන්නට අයිතියක් ඇතැයි කියාය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පරාජය කරමින් විප්ලවිය ප්‍රාන්ත විසින් [[ඇමෙරිකන් විප්ලවීය අරගලය|ඇමරිකානු විප්ලවීය යුද්ධය]] ජයගන්නට සමත් වූහ. එය යටත්විජිතයක් ස්වාධීනත්වය දිනාගත් ප්‍රථම සාර්ථක යුද්ධයයි. වර්තමාන ඇමෙරිකන් එක්සත් ජනපද ව්‍යවස්ථාව පිහිටුවා ගන්නේ 1787 සැප්තැම්බර් 17 වැනිදා ය. එහි අපරානුමත කිරීම් ඊ ළඟ වසරේ දී සිද්ධ වෙන්නේ සියළු ප්‍රාන්ත එකතු වෙමින් ඒකීය ජනරජයක් හා ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් නිර්මාණයෙනි. ව්‍යවස්ථා ප්‍රතිසංශෝධන දහයකින් මූලික සිවිල් අයිතීන් හා නිදහස තහවුරු කරන [[අයිතීන්ගේ ව්‍යවස්ථා කෙටුම් පනත]] අපරානුමතය සිදු වෙන්නේ 1791 දී ය.<ref>ජෝර්ජ් වොෂිංටන්, නයනි මැලගොඩ, 2006, 174 පිටුව</ref>
 
19 වන ශත වර්ෂය පුරා එක්සත් ජනපදය රට ව්‍යාප්ත කරන සීඝ්‍ර මෙහෙයුමක් උතුරු ඇමෙරිකාව තුල පටන් ගනියි. එයින් ස්වදේශී ගෝත්‍රික ජනතාවට පදිංචි වී හිටි තැන් අහිමි වූහ. 1803 දී ප්‍රංශයෙන් ලුයිසියානා භෞමික ප්‍රදේශය මිල දී ගන්නා ලදි.<ref>www.en.wikipedia.org/wiki/Louisiana_Purchase</ref> 1845 දී ටෙක්සාස් ජනරජය ඈඳා ගන්නා ලදි. එයින් ඇරඹුනු යුද්ධයෙන් මෙක්සිකෝවෙන් බාගයක් පමණ අල්ලා ගන්නට හැකිවිය. 1867 දී රුසියාවෙන් ඇලස්කාව මිල දී ගන්නා ලදි. මුල් කාලීන භෞමික ව්‍යාප්ත මෙහෙයුම් නිසා වහල් අයිතිය හිමි කෘෂිකාර්මික දකුණු පළාත් අතරත් වහල් සේවයෙන් නිදහස්-භූමියෙන් යුතු කාර්මික උතුරු පළාත් අතර ත් සුවිශේෂී අරගල ඇති වී [[ඇමෙරිකන් සිවිල් යුද්ධය]] පටන් ගන්නට හේතු සාධක විය. උතුරේ ජයග්‍රහණය නැවතත් රට එක්සත් කරන ලදි. එක්සත් ජනපදයේ සියළු ම ප්‍රාන්ත වල වහල් සේවයට මිනිසුන් යෙදවීම එයින් අවසන් බව නීතිගත කෙරෙන ඇමෙරිකන් ව්‍යවස්ථාවේ දහතුන් වැනි ප්‍රතිසංශෝධනය අපරානුමත කරන්නට යුද ජයග්‍රහණයෙන් පසු හැකිවුණි. මිටියාවත් ඉන්දියන් යුද්ධ නිසා ඉතිරි වී සිටි ගෝත්‍රිකයන් සංරක්ෂක භූමි වලට ඇතුල් කරන ලදි. කොංග්‍රසයේ අභියෝජනාවක් මඟින් හවායි ජනරජය ඈඳා ගන්නා ලදි. ස්පාඤ්ඤ-ඇමෙරිකන් යුද්ධය අවසන් කරමින් පුවෙර්තො රීකෝ සහ ගුවාම් උත්ත්‍යක්ත ප්‍රදේශයන් බවට පත්විය. 19 වැනි ශ. ව. අවසානයේ දී එහි ජාතික ආර්ථික ලෝකයේ විශාලතම වූවයි.
 
ස්පාඤ්ඤ-ඇමෙරිකන් යුද්ධය සහ පළමුවැනි ලෝක යුද්ධය රට ගෝලීය හමුදා බලයෙන් යුතු වූවක් බව තහවුරු කරන ලදි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පරමාණු අවි ඇති ප්‍රථම රට එක්සත් ජනපදය වෙයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය ලබයි. සීතල යුද්ධය අවසානය සහ සෝවියට් යුනියනය විසුරුවා හැරීමත් සමඟ එක්සත් ජනපදය සුපිරි බලයෙන් වූ එකම රට වෙයි. එක්සත් ජනපදයේ ආර්ථිකය ලොව විශාලතම ජාතික ආර්ථිකයයි. 2011 දී එහි දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 15.1 ක් විය. එහි ප්‍රතිශ්‍රීර්ෂ ආදායම ලෝකයේ හය වැනි ඉහළ ස්ථානය ගනියි. ගෝලීය හමුදා වැයෙන් 41% ක් වියදම් දරන්නේ මේ රටයි. එසේම එය ලෝකයේ ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික යනාදියේ ප්‍රමුඛත්වය ගන්නකි.
81 පේළිය:
1507 දී, ජර්මන් සිතියම්කරුවෙක් වූ මාටින් වල්ඩ්සෙමුලර් ලෝක සිතියමක් ඉදිරිපත් කළේය. එහි අපරාර්ධ ගෝලයේ භූමින් ඔහු "ඇමෙරිකා" යැයි නම් කළේ ඉතාලි ජාතික දේශ ගවේෂකයෙකු හා සිතියම්කරුවෙකු වූ ඇමෙරිගෝ වෙස්පූසි සිහි කරමිනි.
 
1776 අප්‍රේල් 6 වැනිදා වර්ජීනියා ප්‍රාන්තයේ විලියම්ස්බර්ග් නගරයේ "වර්ජීනියා ගැසට්" නමින් වූ පුවත්පතේ නිර්නාමිකව ලියන ලද රචනාවක "ඇමෙරිකා එක්සත් ජනපදය" යන වගන්තිය සටහන් ගත වීම ඵෛතිහාසික මුල් සාක්කියයි. 1776 ජූනි මස දී [[තෝමස් ජෙෆර්සන්]] විසින් [[නිදහස් ප්‍රකාශනයේ|නිදහස් ප්‍රකාශනය]] "මුල් ම දළ සටහන" ලියද්දී එහි සිරස්තලය ලෙසින් "ඇමෙරිකා එක්සත් ජනපදය" යන මුළු වගන්තිය ඉංග්‍රීසි ලොකු අකුරු වලින් ඇතුල් කරන ලදි. නිදහස් ප්‍රකාශනයේ සුනිශ්චිත ජූලි හතරවැනිදා සංස්කරණයේ දී ඒ කොටස වෙනස් වී කියැවෙන්නේ "ඇමෙරිකා එක්සත් ජනපද දහතුනේ ඒකමතික නිදහස් ප්‍රකාශනය" යනුවෙනි.
 
1777 නොවැම්බර් 15 වැනිදා දෙවැනි මහාද්වීප කොංග්‍රසය විසින් "ප්‍රාන්ත ඒකාබද්ධ ගිවිසුම" අපත්‍යීකෘත කරගත්හ. එහි "මේ රාජ්‍යසන්ධානයේ හිදිවර වනුයේ ඇමෙරිකා එක්සත් ජනපදයයි" යනුවෙන් සඳහන් ය. 1778 දී අත්සන් තැබි ප්‍රංශ-ඇමෙරිකානු ගිවිසුම් ද "උතුරු ඇමෙරිකා එක්සත් ජනපද" යැයි භාවිතා විය. එහෙත් 1788 ජූලි 11 දා සිට "ඇමෙරිකා එක්සත් ජනපදය" යන්න රටේ මුදල් නෝට්ටු ගණුදෙනු වල දී පටන් ගැනිණ. එතැන් පටන් එය රටේ නිල නාමය වශයෙන් භාවිතා වෙයි.
101 පේළිය:
 
==='''ස්වාධීනත්වය සහ ව්‍යාප්තිය'''===
1760 කාලයේ සිට 1770 ගණන් වල මුල් කාලය දක්වා බ්‍රිතාන්‍යයත් ඇමෙරිකන් යටත්විජිත අතරත් පැවති නොසන්සුන් වාතාවරණය 1775 සිට 1781 දක්වා පැවැත්වෙන [ඇමෙරිකන් විප්ලවීය අරගලය|ඇමරිකානු විප්ලවීය යුද්ධය] ට හේතු විය. 1775 ජූනි 14 වැනි දා, ෆිලඩෙල්ෆියාවේ පැවැත්වුනු මහාද්වීප කොංග්‍රසය [[ජෝර්ජ් වොෂින්ටන්වොෂිංටන්|ජොර්ජ් වොෂින්ටන්]] යටතේ මහාද්වීප හමුදාව පිහිටුවන ලදි. "සියළු මිනිසුන් එක හා සමාන ලෙසින් නිර්මාණය කරන ලදැයි" ප්‍රකාශයට පත් කර, ඔවුන්ට "අයින් කරනු නොහැකි යම් අයිතීන්" ඇතැයි පවරා දී, 1776 ජූලි 4 වැනි දා [[තෝමස් ජෙෆර්සන්|තෝමස් ජෙෆර්සන්]] ප්‍රමුඛත්වයෙන් ලියැවෙන නිදහස් ප්‍රකාශනය කොංග්‍රසය විසින් අපත්‍යීකෘත කර ගනියි. මේ දිනය ඇමෙරිකාවේ නිදහස් දිනය ලෙස වාර්ෂිකව සැමරෙන්නකි. 1777 දී, ප්‍රාන්ත ඒකාබද්ධ ගිවිසුම පිහිටුවන ලද්දේ දුර්වල වූ පෙඩරලීකෘත වූ ආණ්ඩුවකි. එය 1789 දක්වා ක්‍රියාත්මක විය.
 
ස්පාඤ්ඤ සහ ප්‍රංශ ආධාරය ඇතිව ඇමෙරිකන් හමුදාවට මහා බ්‍රිතාන්‍යය පරාජය කරන්නට හැකි වු පසු මහා බ්‍රිතාන්‍ය එක්සත් ජනපදයේ ස්වාධීනත්වය පිළිගති. එසේම ප්‍රාන්ත වලට මිසිසිපි ගඟේ බටහිරින් පිහිටි ඇමෙරිකන් භූමියට ස්වෛරී අයිතියක් කියන්නට හැකි යැයි ද පිළිගති. බදු අය කරන්නට හැකි බලයෙන් යුතු ශක්තිමත් ෆෙඩරල් ආණ්ඩුවක් පිහිටුවන්නට අදහස් කළ අය, ව්‍යවස්ථා සමුළුවක් 1787 දී සංවිධානය කළහ. 1788 දී එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව අපරානුමතය විය. නව ජනරජයේ පළමු සෙනෙට් සභාව, මහජන මන්ත්‍රී සභාව, සහ ජනාධිපති -ජෝර්ජ් වොෂින්ටන්- 1789 දී නිල වශයෙන් සේවය පටන් ගත්හ. 1791 දී ඒකීය පුද්ගල නිදහස සහ තවත් නීතිමය ආරක්ෂා සමූහයක් තහවුරු කරන [['''අයිතීන්ගේ ව්‍යවස්ථා කෙටුම් පත''']] අපත්‍යීකෘත විය.
 
වහල් සේවය ගැන තිබි අදහස් කෙමෙන් වෙනස් වන්නට පටන් ගැනිණ. ව්‍යවස්ථාවේ අන්තර්වාක්‍යයකින් අත්ලාන්තික වහල් වෙළඳාම ආරක්ෂාවට ඉඩ ලැබුනේ 1808 දක්වා පමණි. 1780 සහ 1804 අතර කාලයේ දී උතුරු පෙදෙස් හි ප්‍රාන්ත විසින් වහල් ශ්‍රමය අහෝසි කරන ලදි. එයින් වහල් ශ්‍රමය භාවිතා කළ දකුණේ ප්‍රාන්ත මේ "අමුතු ආයතනය" ආරක්ෂා කරන අය ලෙසින් හංවඩු ගැසිණ. 1800 දී පමණ ආරම්භ වූ දෙවැනි මහා පුබුදුවීම, හේතුවෙන් පැතිර ගිය ඉවැන්ජලිකල්වාදය නිසා විවිධ සමාජයීය ප්‍රතිසංස්කරණ, වහල් ශ්‍රමය මුලිනුපුටා දැමීමට ද ඇතුළුව, සඳහා වූ ව්‍යාපාර රැසක් පටන් ගති.
110 පේළිය:
 
==='''සිවිල් යුද්ධය සහ කාර්මීකරණය'''===
වහලුන් සිටි ප්‍රාන්ත හා නිදහස් ප්‍රාන්ත අතර නොසන්සුන්තා වර්ධනය වූයේ ප්‍රාන්ත ආණ්ඩු සහ ෆෙඩරල් ආණ්ඩුව අතර සම්බන්ධය ගැන විවාද වලිනි. එසේම වහල් ශ්‍රමය නව ප්‍රාන්ත වලට ද පැතිරෙන්නට ගත් හෙයින් ඇති වූ ප්‍රචණ්ඩ කෝලාහල නිසා ය. වහල් විරෝධී ව්‍යාපාරයට පෙනී සිටි රිපබ්ලිකන් පක්ෂයෙන් චන්දය ඉල්ලූ [[ඒබ්‍රහම් ලින්කන්]] ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූයේ 1860 දී ය. ඔහු නිල වශයෙන් වැඩ බාරගන්නට පෙර වහල් ශ්‍රමය භාවිතා කළ ප්‍රාන්ත හතක් ෆෙඩරල් ආණ්ඩුවෙන් ඉවත් වූ බව නිවේදනය කළහ. එය ෆෙඩරල් ආණ්ඩුව නීති විරෝධී වූවක් සේ සලකන ලද්දකි. ඉවත් වූ ප්‍රාන්තයන් "ඇමෙරිකාවේ සමාබන්ධන ප්‍රාන්ත" නමින් සංවිධානය වූහ. සම්ටර් බලකොටුවට සමාබන්ධනයෙන් එල්ල වූ වෙඩි ප්‍රහාරයත් සමඟ සිවිල් යුද්ධය ආරම්භ විය. ඊට වහලුන් සිටි තවත් ප්‍රාන්ත හතරක් එක් වූහ. 1863 දී ලින්කන් විසින් වහල් සේවය අහෝසියට කරන ලද "විමුක්ති ප්‍රකාශනය" කියා සිටියේ සමාබන්ධනයේ සිටි සියළු වහලුන් නිදහස් බවයි. 1865 යුනියන් ජයක් අත්වීම සමඟ, එක්සත් ජනපද ව්‍යවස්ථාවට එකතු කරන ලද සංශෝධන තුනකින් මිලියන හතරකට පමණ ආසන්න වූ අප්‍රිකානු ඇමෙරිකන් අයට නිදහස සහතික කරන ලදි. ඔවුන්ට පුරවැසිභාවයත් චන්ද ප්‍රකාශයට අයිතියත් ලැබිණ. යුද්ධය සහ එහි අවසන් තීරණය නිසා ෆෙඩරල් ආණ්ඩුවේ බලය සැලකිය යුතු තරමකින් වැඩි විය. සොල්දාදුවන් 620,000 ක් මිය ගිය මේ යුද්ධය තවමත් ඇමෙරිකන් ඉතිහාසයේ දරුණු ම වූ යුද්ධය ලෙසින් සැලකේ.
 
යුද්ධයෙන් පසුව, ඒබ්‍රහම් ලින්කන් වෙඩි තබා මරා දැමීම නිසා රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රැඩිකල්වාදී ලෙසින් මෙහෙයවීම පටන් ගැනිණ. අලුතින් නිදහස් වූ වහලුන්ගේ අයිතීන් ආරක්ෂා කරන අතර යුද හානියට ලක් වූ දකුණු ප්‍රාන්ත යළි ගොඩනැඟීම සහ ඒ ප්‍රාන්ත අතර කටයුතු ඒකාබද්ධ කිරීම් පටන් ගැනිණ. 1876 ජනාධිපතිවරණය ගැන ඇති වූ මතභේදයන් සමථයකට පත් කිරීම1877 සමගි සම්මුතියෙන් සිදු කරන ලදි. ඉන්පසුව සියළු ප්‍රතිසංස්කරණ නවතා දැමිණ. අනතුරුව ගෙන එන ජිම් ක්‍රෝ නීතිය බොහෝ අප්‍රිකානු ඇමෙරිකන්ට චන්ද අයිතිය අහිමි විය. උතුරේ නාගරීකරණය වීම පටන් ගැනිණ. දකුණු හා නැගෙනහිර යුරෝපීය රටවල් වලින් විශාල සංක්‍රමණික ජනගහණයක් ඇදී ආහ. ඔවුන් රටේ කාර්මීකරණය ඉක්මන් කළහ. එසේ ඇදී ආ සංක්‍රමණික රැල්ල 1929 දක්වා පැවතිණ. එය ශ්‍රමය සැපයූ අතර ඇමෙරිකන් සංස්කෘතිය වෙනසකට භාජනය කරන්නට සමත් විය. ජාතික යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නිසා ආර්ථික වර්ධනයට ජවයක් ලැබිණ. 1867 දී රුසියාවෙන් ඇලස්කාව මිල දී ගැනීම නිසා රටේ මහා භූමියේ ව්‍යාප්තිය සම්පූර්ණ විය. 1890 දී සවුත් ඩකෝටා හි වූන්ඩඩ් නී නම් ගඟ අසලබඩ සිද්ධ වූ සමූල ඝාතනය ඉන්දියානු යුද්ධ වල අවසන් ප්‍රධාන සටන සේ සැලකේ. 1893 දී එහි වාසය කරන ලද ඇමෙරිකන් වැසියන් විසින් පැසිෆික් හි හවායි රාජ්‍යයේ ආදීවාසී රාජාණ්ඩුව කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කරන්නට සමත් වූහ. 1898 දී හවායි දූපත් එක්සත් ජනපදයට ඈඳා ගන්නා ලදි. එම වසරේ දී ම ස්පාඤ්ඤ-ඇමෙරිකන් යුද්ධයේ ජයග්‍රහණයෙන් ඇමෙරිකාව ලෝක බලයෙන් යුතු රටක් ලෙසින් සැලකිල්ලට ලක්වුණි. එයින් පසු පුවෙර්තො රීකෝ, ගුවාම් සහ පිලිපීනය ද ඈඳා ගන්නා ලදි. අර්ධ ශතකයකට පසුව පිලිපීනය ස්වාධීනත්වය ලබා ගත්තේ ය. පුවර්තො රීකෝ සහ ගුවාම් තමවත් එක්සත් ජනපද භූමියට අයිති වූ රටවල් ය.
 
==='''පළමු ලෝක යුද්ධය, මහා අවපාතය, සහ දෙවැනි ලෝක යුද්ධය'''===
1914 දී පළමු ලෝක යුද්ධය පටන් ගැනෙද්දී එක්සත් ජනපදය අපක්ෂපාතී විය. බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ රජයන් සමඟ බොහෝ ඇමෙරිකන් වැසියන් දුක ප්‍රකාශ කළත් බහුතරය මැදිහත්වීමට විරුද්ධ වූහ. 1917 දී එක්සත් ජනපදය මිත්‍රරාජ්‍යයන්ට එකතු විය. ඇමෙරිකන් සොයාබැලීමේ හමුදාවක් මධ්‍යගත බලයන්ට එරෙහිව අනිත් පැත්තට යුද්ධය හරවන්නට සමත් විය. යුද්ධයෙන් පසුව, "ජාතීන්ගේ සංගමය" පිහිට වූ "වාසෙයි හි ගිවිසුම" සෙනෙට් සභාව අපරානුමත කළේ නැත. රට සොයා ගියේ ඒක පාර්ශවීය වූ ප්‍රතිපත්තියකි. එය ඒකලනවාදයකට ඔන්න මෙන්න තිබියකි. 1920 දී කාන්තා අයිතීන් සංවිධාන විසින් ව්‍යවස්ථාව ප්‍රතිසංශෝධනයෙන් කාන්තාවට චන්ද ප්‍රකාශයට බලය දිනා ගති. "සීඝ්‍රගාමී විසි ගණන්" යැයි හැඳින්වෙන යුගය අවසන් වෙන්නේ 1929 දී වෝල් වීදියේ ආර්ථික පරිහානියත් සමඟිනි. එයින් ඇරඹුනේ මහා අවපාතයයි. 1932 දී ජනාධිපතිවරයා වූ [[ෆ්‍රෑන්ක්ලින් ඩී. රූසවෙල්ට්]] විසින් "නව ප්‍රදත්තය" ඉදිරිපත් කළේය. එහි ප්‍රතිපත්ති වලින් ආර්ථිකයට ඇඟිලි ගහන ආණ්ඩුවේ මැදිහත්වීම් රාශියක් පටන් ගැනිණ. ඉන් එකක් වූයේ සමාජ ආරක්ෂක සැලැස්මයි. "දුහුවිලි කුණාටුව" නොහොත් "දුහුවිලි පාත්‍රය" නමින් හැඳින්වෙන 1930 ගණන් මැද දී පැතිර ගිය ස්වභාවික ව්‍යසනයන් කෘෂිකාර්මික සමාජයන් බොහොමයක් අඩපණ කරන ලදි. රටේ බටහිර පළාත් වලට ඇදී යන සංක්‍රමණික රැල්ලක් පටන් ගති.
 
එක්සත් ජනපදය දෙවැනි ලෝක යුද්ධය පටන් ගත් කාලයේ ද අපක්ෂපාතීව ඉන්නට සමත් විය. 1939 සැප්තැම්බර් මාසයේ දී නාට්සි ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කළ පසුව මිත්‍රරාජ්‍යයන්ට භාණ්ඩ සපයන්නට පටන් ගත්තේ 1941 මාර්තුවේ දී ලෙන්ඩ්-ලීස් නම් වැඩසටහන යටතේ ය. 1941 දෙසැම්බර් 7 වැනිදා ජපන් අධිරාජ්‍යය විසින් පර්ල් වරායට හදිසි ප්‍රහාරයක් එල්ල කරන්නට සමත් විය. එයින් එක්සත් ජනපදය මිත්‍රරාජ්‍යයන්ට එකතු වී අක්ෂ බලයන්ට එරෙහිව කටයුතු කරන්නට පටන් ගති. ජපන් ඇමෙරිකන් වැසියන් දහස් ගණනින් කඳවුරු වල වාසයට සීමා පනවන ලදි. යුද්ධයට සහභාගී වීමෙන් කාර්මික ධාරිතාවට සහ මූල්‍ය ආයෝජනයට ජවයක් ලැබිණ. සටන් වැදි ප්‍රධාන රාජ්‍යයන් අතරින් යුද්ධය අවසානයේ දී ධනවත් වෙන්නට හැකියාව ලැබුනු එකම රට එක්සත් ජනපදයයි. යුද්ධය නිසා දුප්පත් වෙනවාට වඩා ඉතා ධනවත් වන්නට හැකිවුණි. මිත්‍රරාජ්‍යයන් හි සම්මේලන පැවැත්වුන බ්‍රෙන්ටන් වුඩ්ස් සහ යාල්ටා හි දී අන්තර්ජාතික සබඳතා සඳහා වූ නව සංවිධාන සැලසුමක් යෝජනා විය. ඒවායෙන් එක්සත් ජනපදය සහ සෝවියට් යුනියනය ලෝක සබඳතා මැද්දට ගෙන යන ලදි. යුරෝපයේ ජයග්‍රහණයත් සමඟින් 1945 දී ජාත්‍යන්තර සමුළුවක් සැන් ෆ්‍රැන්සිස්කෝවේ දී පැවැත්වින. එහි ඵලය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියයි. එය යුද්ධයෙන් පසුව ක්‍රියාවට නැඟුණි. පරමාණු අවි ලෝකයේ මුල් වරට නිෂ්පාදනය කළ එක්සත් ජනපදය අගෝස්තුවේ දී ඒවා හිරෝෂීමා සහ නාගසාකි යන ජපන් නගර වල දී ඒවා භාවිතා කළේය. සැප්තැම්බර් 2 වැනිදා ජපානය යටත්වීමෙන් පසු යුද්ධය අවසන් විය.
122 පේළිය:
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු බලය සඳහා තරඟ කිරීම එක්සත් ජනපදය හා සෝවියට් යුනියනය අතර සිද්ධ වෙන්නේ සීතල යුද්ධය සමයේ ය. නේටෝ සංවිධානය සහ වෝර්සොව් එකඟතාවයත් මඟින් යුරෝපයේ හමුදාමය කටයුතු වල වැඩියෙන් යෙදෙන්නේ මේ රටවල් දෙකය. පෙරකලාසි යුද්ධයන්හි නිරත වෙන ඔව්හු බලවත් පරමාණු අවි ගබඩා නිෂ්පාදනයේ යෙදුනහ. මේ රටවල් දෙක කෙළින් ම එකිනෙකා හා සටන් කිරීමට ඉදිරිපත් නොවූහ. එක්සත් ජනපදය සෝවියට් අනුග්‍රහයෙන් සිද්ධ වූවා සේ දැකි තුන්වැනි ලෝකයේ රටවල වාමාංශික ව්‍යාපාරයන්ට විරුද්ධ විය. 1950-53 පැවැති කොරියන් යුද්ධ වල දී ඇමෙරිකන් හමුදා කොමියුනිස්ට් චීන සහ උතුරු කොරියන් හමුදාවන්ට එරෙහිව සටන් වැදුනහ. මහජන මන්ත්‍රී සභාවේ වූ ඇමෙරිකන්-නොවන හැදියාවෙන් කටයුතු කරන අය ගැන විමසන කමිටුවක් මඟින් වාමාංශික පෙරළිකාරයන් ගැන සොයන්නට විභාගයන් පවත්වන ලදි. කොමියුනිස්ට් විරෝධයට මූලිකත්වය ගත්තේ සෙනෙට් සභිකයෙකු වූ ජෝසෆ් මැක්කාර්ති විසිනි.
 
1961 දී සෝවියට් යුනියනය ලොව ප්‍රථම වරට මිනිසෙක්ව අභ්‍යාවකාෂයට යවන්නට සමත් වුණි. ඒ නිසා ජනාධිපති [[ජෝන් එෆ්. කෙනඩි]] ඇමෙරිකන් වැසියන් ගෙන් ඉල්ලා සිටියේ ප්‍රථමයෙන් මිනිසෙක් ව සඳ මතට බස්සවන්න කියාය. එය ඔවුන් 1969 දී සාක්ෂාත් කරගත්හ. කෙනඩිට පරමාණු අවි අර්බූදයකට ද මුහුණ පාන්නට සිදුවිය. ඒ සෝවියට් හමුදා කියුබාවට ඇතුල් වෙන්නට උත්සාහ කළ අවස්ථාවේ දී ය. මේ අතර තුරේ දී ඇමෙරිකාව දිගින් දිගට ම ආර්ථික ව්‍යාප්තිය පවත්වා ගෙන යන්නට සමත් විය. අප්‍රිකානු ඇමරිකන් ජන සමාජයේ රෝසා පාර්ක්ස් සහ මාටින් ලූතර් කින්ග්, ජූනියර් වැනි අයගේ මුලිකත්වයෙන් සංකේතවත් වූ සිවිල් අයිතීන්ගේ පෙරමුණක ආරම්භය මෙකල සිද්ධ විය. එය පරිහාරිය නොහොත් වෙනස් සේ සැලකීම යන්නටත් විසංගනය නොහොත් වෙන් කර තැබීමටත් විරුද්ධ වූ හිංසනයෙන් තොර විරෝධතා පෙළපාලි ලෙසින් පටන් ගැනිණ. 1963 දී කෙනඩි ඝාතනය සිද්ධ විය. 1964 දී සිවිල් අයිතීන් පනත සහ 1965 දී චන්ද අයිතීන් පනත ජනාධිපති [[ලින්ඩන් බී. ජොන්සන්]] යටතේ සම්මත වූහ. එසේම ඔහු මෙඩිකෙයාර් සහ මෙඩිකේඩ් යන සෞඛ්‍ය වැඩසටහන් නීතිගත කළේය. ජොන්සන් සහ ඔහුට පසු බලයට පැමිණි [[රිචඩ් නික්සන්]] යන දෙදෙනා ම නිරිත දිග ආසියාවේ පෙරකලාසි යුද්ධය අසාර්ථක වූ වියට්නාම් යුද්ධය දක්වා ව්‍යාප්ත කරන ලද්දහ. යුද විරෝධී, කළු ජාතිකත්වය සහ ලිංගික විප්ලවය යන හැඟීම් වලින් අනු සංස්කෘතියක් පැතිර යන්නට පටන් ගැනිණ. බෙටී ෆ්‍රීඩන්, ග්ලෝරියා ස්ටයිනම් සහ තවත් අය කාන්තාවාදයක පෙරමුණ ගත්හ. ඔවුන් දේශපාලන, සමාජයීය හා ආර්ථක සාමානාත්මතාවයන් කාන්තාව වෙනුවෙන් ඉල්ලා සිටියහ.
 
1974 දී වෝටර්ගේට් නම් වූ ලෝකාපවාදයට හසුවෙන නික්සන් [[ඇමෙරිකන් ජනාධිපතිවරු]] අතරින් ප්‍රථමයෙන් සිය තනතුරින් ඉල්ලා අස් වෙන ජනාධිපතිවරයා විය. නීතියට ඉඩක් නොදීම සහ බලය අපහරණයට ඔහුට එල්ල වූ චෝදනා වලට වැරදිකරු වෙන්නට පෙර ඔහු එසේ ඉල්ලා අස්වූයේය. 1970 ගණන් අග දී [[ජීමී කාටර්]] පාලන සමය ඉල්ලුම හා රැකියා අවස්ථාවන් හි අනුරූපී වැඩිවීමක් රහිත උද්ධමනයක් තිබි කාලයක් විය. එය ඉරාන ප්‍රාණ ඇපකරු අර්බූදය ද සිදු වූ කාලයයි. 1980 දී [[රොනල්ඩ් රේගන්]] ජනාධිපතිවරයා වී ඇමෙරිකන් දේශපාලනයේ දක්ෂිණාංශ මුහුණුවරක් කරා යයි. බදු සහ ආණ්ඩුවේ වියදම් ප්‍රමුඛතා වල වෙනස්කම් ඇතිවෙයි. ඔහුගේ නිල කාලයේ දෙවන වාරය ඉරාන්-විරුද්ධ ලෝකාපවාදයත්, එසේම සෝවියට් යුනියනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය වීමත් සිද්ධ විය. සෝවියට් යුනියනය කඩා වැටිමත් සමඟ සීතල යුද්ධය අවසන් විය.
 
==='''වර්තමානය'''===
ජනාධිපති [[ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්]] යටතේ එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන් අනුමත කරන ලද ගල්ෆ් යුද්ධයේ මූලිකත්වය ගනියි. 1991 මාර්තු සිට 2001 මාර්තු දක්වා නූතන ඇමෙරිකන් ඉතිහාසයේ දීර්ඝ කාලීන වූ ආර්ථික ව්‍යාප්තිය සිදුවේ. එම කාලයට ජනාධිපති [[බිල් ක්ලින්ටන්]] පාලන සමය ද අයිති වෙයි. ඊට ඩොට් කොම් බුබ්බුලය පුපුරා යෑම ද අයිති වෙයි. 1998 දී සිවිල් නඩුවකින් සහ ලිංගික ලෝකාපවාදයකින් ක්ලින්ටන් ද්යෝෂාභියෝගයට ලක් වූවත් ඔහු නිලයේ රැඳී සිටියි. 2000 දී ඇමෙරිකන් ඉතිහාසයේ ජනාධිපතිවරණයක දී චන්ද සංඛ්‍යාව දෙපැත්තට ම ඉතා සමාන වූ ආකාරයකින් බෙදී ගිය මැතිවරණය පැවැත්වෙයි. එක්සත් ජනපද සුපිරි උසාවි තීරණයකින් ජයග්‍රාහකයා කවුදැයි තීරණය වෙන එම මැතිවරණයේ ජය අත් වෙන්නේ [[ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්]] ට ය. ඔහු ජනාධිපතිවරයා වෙයි.
 
2001 සැප්තැම්බර් 11 වැනි දා, නිව් යෝර්ක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ වොෂිංටන් දිස්ත්‍රික්කයේ පිහිටන පෙන්ටගනයට ඇල්-කයිඩා ත්‍රස්තවාදීන් වෙතින් ප්‍රහාර වැදෙයි. එහි දී තුන්දහසක ජනතාව මිය යති. ඊට පිළිතුරක් වශයෙන් බුෂ් ආණ්ඩුව ත්‍රස්තවාදයට එරෙහිව ගෝලීය මෙහෙයුමක් අරඹයි. ඇෆගනිස්තානය ආක්‍රමණය කරයි. තලිබාන් ආණ්ඩුව සහ ඇල්-කයිඩා පුහුණු කඳවුරු ඉවත් කරයි. තලිබාන් ත්‍රස්තවාදීන් ගරිල්ලා යුද්ධයක නිරත වීම කරගෙන යති. 2002 දී බුෂ් ආණ්ඩුව ඉරාකයේ ආණ්ඩුව වෙනස් කරනු පිණිස පෙරැත්ත කරන්නට පටන් ගති. එයට ඉදිරිපත් කරන ලද හේතු විවාදයට ලක්වුණි. 2003 දී ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කරයි. සදාම් හුසේන් බලයෙන් පහ කරන ලදි. 2005 දී කත්රීනා නම් වූ චණ්ඩමාරුතයෙන් ගල්ෆ් වෙරළබඩ පෙදෙස් වලට දරුණු හානි සිද්ධ වේ. නිව් ඔර්ලියන්ස් විනාශයට පත් වෙයි. 2008 ගෝලීය ආර්ථික අවපාතයක් මැද ඇමරිකාවේ ප්‍රථම අප්‍රිකානු ඇමරිකන් ජනාධිපතිවරයා වන බරක් ඔබාමා තේරී පත් වෙයි. වසර දෙකකට පසුව දැවැන්ත සෞඛ්‍ය පහසුකම් සහ මූල්‍යමය සැලසුම් ගෙන එයි. 2011 දී නේවි සීල්ස් හමුදා සේනාංකය විසින් පාකිස්තානයේ දී ඇල්-කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය වෙයි. 2011 දෙසැම්බර් මාසයේ දී ඉරාක යුද්ධය නිල වශයෙන් අවසන් වී සියළු ඇමෙරිකන් හමුදාව රටෙන් ඉවත් කරයි.
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජනපදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි