"පාමෙනියිඩස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
17 පේළිය:
}}
 
'''පාමෙනයිඩිස්''' ක්‍රි. පූ. 515-440 දක්වා විසූ ග්‍රීක දාර්ශනිකයෙකි. ඔහු ඉපිද ඇත්තේ ග්‍රීසියේ දකුණුබඩ වෙරළේ ඊලියා නම් නගරයේ ය. ඊලියාටික දාර්ශනික ගුරු පරම්පරාවේ නිර්මාතෘවරයා ලෙසින් ඔහුව සැලකිල්ලට පාත්‍ර වෙයි. ඔහුගේ කෘති අතරින් ඉතිරි වී ඇත්තේ එකම එක ගද්‍යයක් පමණි. එය "ස්වභාවය ගැන" වූ ශීර්ෂයෙන් ලියන ලද්දකි. ඒ ගද්‍යයෙන් පාමෙනයිඩීස් යථාර්ථය ගැන ආකල්ප දෙකක් ඉදිරිපත් කරයි. ස්ව ප්‍රත්‍යයෙන් අවබෝධ වෙන සත්‍යයක් හැටියට යමක පැවතීම ඔහු පෙන්වා දෙයි. එය නිරීක්ෂණයකින් ළඟා වෙන්නක් නොව විචාරයේ සත්‍යයක් යැයි හේ පෙන්වයි. එම සත්‍යය එසේ නොවෙතැයි කීමට ස්ව-විසංවාදයකින් තොරව නොහැකි යැයි හේ පැහැදිලි කරයි. යමක් 'එසේ නැතැයි' කීමේ දී කිසිත් පවතින්නේ නැතැයි ගම්‍ය වෙයි. එහෙත් එසේ කියන්නා එවැනි අවස්ථාවක දී කුමක් හෝ ඇති බව කියා ඇතැයි පැහැදිලි වෙයි.
 
පාමෙනයිඩීස් විශ්වාස කළේ පැවැත්ම යනු යථාර්ථාවදී වූවක් ලෙසය. සිතන දෙයක් පැවතිය හැකිය. 'කිසිවක් නැත' යන්න ගැන ශුන්‍ය අර්ථයකින් සිතනු නොහැකි නිසා කුමක හෝ පැවැත්මක් තිබිය යුතුය. එවැනි පැවැත්ම හේ නිර්මාණය නොකරන ලද, විනාශ කරත නොහැකි, සදාකාලික වූ, විභේදනය කළ නොහැකි පැවැත්මක් ලෙස සැලකීය.
"https://si.wikipedia.org/wiki/පාමෙනියිඩස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි