"ඇරිස්ටෝටල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
96 පේළිය:
 
කලාව ගැන ඇරිස්ටෝටල් ඉදිරිපත් කරන දර්ශනය ද ප්ලේටෝගේ දර්ශනය පිළිබඳ විචාරයක් ලෙසින් ලියැවුනකි. ප්ලේටෝ ට අනුව කලා යනු ප්‍රතිරූපයකි. රූපක යන්න දෙවියන්වහන්සේ කරන ලද නිර්මාණයක් වූ කල, අපි දකින ඒකීය වස්තූන් ඒ දෙවියන්ගේ රූපකයේ අනුකරණ වෙති. කලා යනු ඒ අනුකරණයන්ගේ ද ප්‍රතිරූපයන් වන බැවින් ඒවා අගය කිරීමෙන් සද්ගුණයට හානියක් වෙතැයි ද අහිතකර මනෝවිද්‍යාත්මක ප්‍රතිඵල ලැබේ යැයි ද ප්ලේටෝ අදහස් කළේය.<ref>http://plato.stanford.edu/entries/plato-aesthetics/</ref> තව දුරටත් කලාකරුවා යනු සත්‍යය රූපක නොදන්නා අයෙක් ප්‍රතිබිම්බයන් දැක ඒවායෙන් ප්‍රතිරූප නිර්මාණය කරනා අයෙක් හෙයින්, සත්‍යය දන්නවා යැයි කියා එය උගන්වන්නට යන නූගතෙක් සේ ප්ලේටෝ සලකයි. ඒ නිසා කලාකරුවා යනු සාමාන්‍ය නූගතෙක් පමණක් නොව අවදානම් ඇති කරන නූගතෙක් යැයි ප්ලේටෝ කියයි. එසේම සත්‍ය දැයෙහි ලස්සන යන්න කලා කෘතියන් බිහිවීම නිසා අගයෙන් අඩුවේ යැයි ද හේ කියුවේය. දාර්ශනික බුද්ධියට ගෝචර නොවෙන කලා නිර්මාණය හැඟීම් උපදවන සුළු බැවින් එය දර්ශනය නොදන්නා සමාජයේ ගැටීම් වැඩි කරන බවත් හේ කීය. මෙහි දී ද කලාකරුවා සමාජයේ අවදානම් ඇති කරන්නෙකි.
 
ප්ලේටෝ හා ඇරිස්ටෝටල් එකඟ වෙන්නේ කලාව යනු ප්‍රතිරූපයන් යැයි කියන්නට ය. එහෙත් ඔහු ප්ලේටෝ කියන කලාවට හිමි ස්ථානය හා එකඟ නොවෙයි. කලා නිර්මාණ සාමාන්‍ය දෑ පිළිබිඹු කරනවා වෙනුවට ඉහළ සත්‍යයන් උලුප්පා පෙන්නුම් කරනවා යැයි ඇරිස්ටෝටල් පෙන්වා දුන්නේ ය. ඒ නිසා කලා නිර්මාණ සාර්ථක වෙද්දී එය දාර්ශනික බවින් යුතු වේ යැයි ඇරිස්ටෝටල් කීය. අයහපත් හැඟීම් අවුස්සනවා වෙනුවට ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ වලට පුද්ගලයන් තුල එතෙක් ගොඩනැඟී ඇති හැඟීම් වලින් අයහපත් කොටස් ඉවත් කර දැමිය හැකි බව ඇරිස්ටෝටල් විග්‍රහ කළේය.
 
== මූලාශ්‍ර ==
"https://si.wikipedia.org/wiki/ඇරිස්ටෝටල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි