"ඇරිස්ටෝටල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
6 පේළිය:
|image_caption = ඇරිස්ටෝටල්ගේ උඩුකය ප්‍රතිමාවක්. ක්‍රි. පූ. 330 දී පමණ ලිසිප්පස් තැනූ මුල් ග්‍රීක ලෝහමය නිර්මාණයේ රෝමානු කොපියකි. ඇලබැස්ටර් සළුව නූතන එකතුවකි.
|name =ඇරිස්ටෝටල් {{polytonic|Ἀριστοτέλης}}, ''Aristotélēs''
|birth_date =ක්‍රි. පූ. 384<br />[[Stageira|ස්ටැපේයිරා]], [[Chalcidice|චැල්සියඩිස්]]
|death_date =ක්‍රි. පූ. 322 (age 61 or 62)<br />[[Euboea|යු‍‍බෝයා]]
|school_tradition = [[Peripatetic school|ජංගම පාසල් සංස්කෘතිය]]<br />[[Aristotelianism|ඇරිස්ටෝටලියානු ගුරු පෙළපත]]
|main_interests = [[භෞතික විද්‍යාව]], [[පාර භෞතික විද්‍යාව]], [[ගද්‍ය]], [[නාට්‍ය රංගනය]], [[සංගීතය]], [[ව්‍යක්ත කථනය]], [[Politics|දේශපාලනය]], [[පාලන තන්ත්‍රය]], [[Ethics|ආචාර ධර්ම]], [[Biology|ජීව විද්‍යාව]], [[සත්වවිද්‍යාව]]
50 පේළිය:
 
භොතික විද්‍යා ක්ෂේත්‍ර පිළිබද ඇරිස්ටෝටල් පළ කළ මතවාද මධ්‍යතන යුගයේ අධ්‍යාපනික ක්‍රමවේදයන් හැඩගස්වන ලද අතර ඒවායේ බලපෑම් විද්‍යාත්මක පුනරුදය දක්වා පැතිර ගොස් අවසානයේ දී නිව්ටන්ගේ භෞතික විද්‍යා ඉදිරිපත් කිරීම් වලින් නිශ්ප්‍රභා විය. ඇරිස්ටෝටල් විසින් සත්ව විද්‍යාව පිළිබඳ පළ කළ සමහර අදහස් සත්‍ය බව ඔප්පු කිරීම සිදුවූයේ 19 වැනි සියවසේ දී ය. දැනට හඳුනාගෙන ඇති ලොව ප්‍රථම ක්‍රමානුකූල තර්ක ශාස්ත්‍ර අධ්‍යයනයන් ඇරිස්ටෝටල් විසින් ඉදිරිපත් කරන ලද අතර ඔහුගේ එම අධ්‍යයනයන් මගින් හෙළි වූ කරුණු 19 වැනි සියවස අගභාගයේ දී නූතන ක්‍රමානුකූල තර්ක ශාස්ත්‍රය හා මුහුකර ගන්නා ලදී. යුදෙව් හා ඉස්ලාමීය දේවධර්ම සම්ප්‍රදායන් හි ආගමික හා දාර්ශනික චින්තනයට ඇරිස්ටෝටලියානුවාදය සහ පාරභෞතික විද්‍යාව බෙහෙවින් බලපාන ලදි. වර්තමානයේ පවා ක්‍රිස්තියානු දේවධර්මයට ඇරිස්ටෝටල්ගේ මතවාද බලපෑම් කරනු දැකිය හැකිය. ඇරිස්ටෝටල් චින්තනයේ සියලු පැතිකඩවල් වර්තමානයේ දී ක්‍රියාකාරී ශාස්ත්‍රීය අධ්‍යයනයන්ට භාජනය වෙති. ශාස්ත්‍රීය ග්‍රන්ථ හා සම්භාෂණ රාශියක් පළ කළ ද වර්තමානයේ ඇරිස්ටෝටල්ගේ ග්‍රන්ථවලින් ඉතිරිව ඇත්තේ තුනෙන් එකක ප්‍රමාණයක් පමණක් බව විශ්වාස කෙරේ. වරක් සිසෙරෝ විසින් ඇරිස්ටෝටල්ගේ ග්‍රන්ථයන් හා සාහිත්‍ය ක්‍රමය "රත්තරන් ගංඟාවකට" උපමා කරන ලදී.
 
==පුද්ගලික තතු==
 
ඇරිස්ටෝටල් උපදින්නේ ග්‍රීසියේ එවක ස්ටැජියිරා නමින් වූ නගරයේ ය. ඔහුගේ පියා වූ නිකොමාකස් මැසඩොන් හි ඇමින්ටාස් රජුගේ පුද්ගලික වෛද්‍යවරයා විය. රදළ පංතියට දායාද වූ අධ්‍යාපනයක් හා පුහුණුවක් ඇරිස්ටෝටල්ට ලැබුණි. වයස අවුරුදු දහඅටේ දී පමණ ඔහු ඇතැන්ස් හි පැවති ප්ලෝටෝගේ ඇකඩමියේ ඉගෙනුම පටන් ගනියි. ඔහු වසර විස්සක් පමණ එහි ගෙවා දැමූ බව සටහන් වෙයි. ප්ලේටෝගේ අභාවයෙන් පසු ඔහු ඇකඩමිය හැර ගියේ එහි නව පාලනය ලැබි ප්ලේටෝගේ ඥාති පුත් ස්පියුසිප්පස් සමඟ ඇතිකරගත් අමනාපයක් බැවින් යැයි කියැවේ. එහෙත් තවත් අර්ථ කතනයක් වන්නේ ඇරිස්ටෝටල් ප්ලේටෝගේ අභාවයට පෙර, මැසිඩෝනියානුවන්ට එරෙහි වූ හැඟීම් බහුල වෙද්දී ඇකඩමිය හැර දා ගිය බවයි. තියෝෆ්‍රැස්ටස් සමඟ ලෙස්බොස් නම් වූ දූපත කරා යන ඇරිස්ටෝටල් එහි දී ඔහු සමඟ එක් වී දුපතේ පැලෑටි විද්‍යාව හා සත්ව විද්‍යාව පිළිබඳ පර්යේෂණ පවත්වති. පිතියාස් නම් වූ ඇටැර්නියුස් හි හර්මියාස් නම් වූවාගේ සුළු දියණිය (ඥාති දුවක් ද වන්නට පිළිවන) හා ඇරිස්ටෝටල් විවාහ වෙයි. ඔවුනට ලැබෙන දියණිය ඔවුන් පිතියාස් යැයි නම් කරති.
 
හර්මියාසේගේ මරණයෙන් පසු මැසඩොන් හි දෙවැනි පිලිප් සිය පුත් ඇලෙක්සැන්ඩර්ට ගුරුවරයෙක් වන්නට යැයි කියා ඇරිස්ටෝටල්ට ආරාධනා කරන්නේ ක්‍රි. පූ. 343 දී ය. මැසඩොන් හි රාජකීය ඇකඩමියේ ප්‍රධානියා ලෙසින් ඇරිස්ටෝටල් පත්වීමක් ලබයි.
 
ක්‍රි. පූ. 335 දී ඔහු නැවතත් ඇතැන්ස් වෙත පැමිණ එහි දී ලයිසියම් නමින් තම අධ්‍යාපන ආයතනය පිහිටුවා ගනියි. ඊ ළඟ වසර දොළහක කාලයක් ඔහු එහි පාඨමාලා උගන්වයි. ප්ලේටෝගේ දර්ශනය එහි ඉගැන්වෙන අතර එය විවේචනයට ද භාජනය කෙරෙයි. එහි දී ඔහුගේ භාර්යාව වූ පිතියාස් මිය යන්නීය. ස්ටැජියිරා හි හර්ෆිලිස් නම් කාන්තාවක් හා සම්බන්ධකමක් ඇති කරගන්නා ඇරිස්ටෝටල් ලැබෙන පුත්‍රයා ඔවුන් නිකොමාකස් යැයි නම් කරති. ක්‍රි. පූ. 335 සිට 323 කාලය, ඇරිස්ටෝටල් සිය නිර්මාණ වැඩි ම ප්‍රමාණයක් බිහි කරන ලද කාලය සේ සැලකේ. ඔහු අතින් සම්පාදනය වූ වැදගත් ම කෘති ලෙසින් සැලකෙන්නේ භෞතික විද්‍යාව, පාර භෞතිකවිද්‍යාව, නිකොමාකියන් ආචාර ධර්ම, දේශපාලනය, ආත්මය ගැන සහ ගද්‍ය යන ඒවාය.
 
ඇලෙක්සැන්ඩර්ගේ මරණයෙන් පසුව, ඇතැන්ස් හි නැවතත් මැසඩෝනියානුවන්ට එරෙහි හැඟීම් බහුලව පැතිර ගියේය. දෙවියන් නිසි ගරුත්වයෙන් සලකන්නේ නැතැයි ඇරිස්ටෝටල්ව දෝෂාරෝපණයට පත්විය. ඇතැන්ස් වලින් පැන ඇරිස්ටෝටල් ඔහුගේ මවගේ ඥාතීන්ට අයත් වූ නිවෙසක ජීවත් වෙන්නට යයි. දර්ශනයට එරෙහිව දෙවතාවක් පව් කරන්නට ඇතීනියානුවන්ට ඉඩක් ලබා නොදෙන බව ඇරිස්ටෝටල් කියන්නේ ඊට කළින් සිදු වූ සොක්‍රටීස්ට මරණය පැමිණ වූ අන්දම සිහි කරමිනි. ක්‍රි. පූ. 322 දී ඔහු ඉයුබෝයා හි ස්වභාවික මරණයකට ගොදුරු වෙයි. තම සිසුවෙක් වූ ඇන්පේටර් වෙත අන්තිම කැමති පත්‍රයකින් බලතල පවරන ඇරිස්ටෝටල් තමාව තම භාර්යාව අසලින් මිහිදන් කරන්න යැයි ලියැවිල්ලෙන් ඉල්ලීය.
 
==දර්ශනය==
 
දාර්ශනිකයෙකු ලෙසින් තම පූර්වගාමීන්ට වඩා වෙනස් මඟක ගමන් කරන ඇරිස්ටෝටල් තම දර්ශනය ක්‍රමවත් ලෙසින් ලොවට පිරිනමයි. ඔහුගේ සංවාද ශීර්ෂයන් යටතේ බෙදා, විවේචනාත්මක ශෛලියකින් ඉදිරිපත් කරයි. එසේම ආගමික නැඹුරුවකින් හෝ දැඩි හැඟීම් වලින් ඉදිරිපත් නොවන නිසා අදහස් නීරස ලෙසකින් ඉදිරිපත් කර ඇත.
 
ඇරිස්ටෝටල්ට අනුව පවතින්නේ එක ලෝකයකි. ප්ලේටෝ ගේ සංකල්පවාදය විවේචනය කරන ඔහු තර්ක ගණනාවක් ගෙන එයි. රූපක යනු යමක සාරය නම් ඒවා එයින් බැහැරව පවතින්නේ කෙසේ දැයි ඇරිස්ටෝටල් විමසයි. ඒවා යමක හේතුව වන්නේ නම්, ඒවා වෙනත් ලෝකයක පවතින්නේ කෙසේද යැයි හේ විමසයි.
 
හෙරක්ලයිටස් දැරූ අදහස වූයේ චිරස්ථිතිය නම් මායාවක් යැයි කියාය. පාමනයිඩීස් දැරූ අදහස වූයේ චලනය මායාවක් යැයි කියාය. මේ උභතෝකෝටිකය විසඳන්නට ප්ලේටෝ හෙරක්ලයිටිස් හා පාමනයිඩීස් යන දෙදෙනාගේ ම අදහස් එකතු කළේය. වෙනස් වන හෙරක්ලයිටිගේ ලෝකය චිරස්ථායි වූ පාමනයිඩීස්ගේ ප්‍රතිබිම්බයක් යැයි ප්ලේටෝ කීම ඇරිස්ටෝටල් පිළිගත්තේ නැත. ඇරිස්ටෝටල් පැහැදිලි කළේ රූපක හා පදාර්ථ අතර විශේෂත්වය පහදනු අවශ්‍ය බවයි. මේ අංගයන් දෙක අතර සත්‍යයතාවය වටහා ගත හැකියාව ඇත්තේ සිතුවිලි වලට මිසක සිද්ධි දිහා බැලීමෙන් නොවන බව ඇරිස්ටෝටල් කියා දුනි. රූපක යනු බාහිර ව පවතින දෑ නොවේ. ඒවා ඒ ඒ දෑ වල අන්තර්ගත වූවකි. ඒවායෙන් ලොව නිමැ වී ඇත. යම් වස්තුවක් වස්තුවක් හැටියට සලකන්නට නම් එය රූපක සහ පදාර්ථ යන දෙකින් ම නිමැවී තිබිය යුතුයි. යම් වස්තුවක් නමින් හඳුන්වන විට එහි නාමය භාවිතා කරනවා යැයි ඇරිස්ටෝටල් පෙන්වා දුන්නේ ය. එසේම යම් වස්තුවක් එහි සාරය ද වෙයි. එහි ස්වභාවික වූ තත්වය ද වෙයි. එහිම සිද්ධ වෙන්නා වූ කර්තව්‍යයකින් යුතු වෙයි. යම් වස්තුවක පදාර්ථය වනාහි ඒ වස්තුවට පමණක් විශේෂිත වූවකි. යම් වස්තුවක රූපක හා පදාර්ථ යන දෙකම තිබීම ඇරිස්ටෝටල් විසින් භාවාර්ථය යැයි හැඳින්විය.
 
සෑම භාවාර්ථයකම සාරයක් ඇත. එය එහි රූපකය හා සාමාන්‍යයෙන් සමාන වෙයි. යම් වස්තුවක භාවාර්ථයට ඉතා වැදගත් වූ ලක්ෂණ මෙන් ම අවැදගත් ලක්ෂණ ද වෙති. මේවා හඳුනාගැනීම දර්ශනයේ කාර්යය බැව ඇරිස්ටෝටල් කියා දුන්නේ ය. මනුෂ්‍යයෙක් වන්නට නම් අයෙක් තාර්කික හැකියාවෙන් යුතු වීම අවශ්‍යය. එය මනුෂ්‍යත්ව සාරයේ අංගයක් වෙයි. නමුත් මිනිසුන් අතර දකින්නට ලැබෙන කොණ්ඩය තිබීම සහ තට්ටය තිබීම වැන්නක් මනුෂ්‍යත්වයේ වැදගත් අංගයක් නොවන බව හේ කියයි. ප්ලේටෝ ඉදිරිපත් කරන විවිධ මට්ටම් වලින් යුතු වූ රූපක වෙනුවට ඇරිස්ටෝටල් බහුවිධ භාවාර්ථ වලින් සත්‍යය නිර්මාණය වී ඇතැයි කියයි. රූපක හා පදාර්ථ සත්‍ය ලෝකය තුලින් විග්‍රහ කරන ඇරිස්ටෝටල් ඕක් ඇටයක උපමාවක් ගෙන එයි. ඕක් ඇටයක් තුල ඕක් ගසක් වීමේ ශක්තිය පවතී. එය තමයි ඕක් ඇටයේ සත්‍යය භාවාර්ථය. ඕක් ඇටයේ භාවාර්ථය මුදුන් ඵල වීම ඕක් ගස යැයි ඇරිස්ටෝටල් පෙන්වා දෙයි.
 
සියළු භාවාර්ථයන් ප්‍රත්‍යය හතරකින් විශ්ලේෂණයට ඇරිස්ටෝටල් සමත් වෙයි. යමක් නිමැ වී ඇති පදාර්ථ ප්‍රත්‍යය ඉන් එකකි. එනම් යම් ප්‍රතිමාවක් නිමැවෙන්නට පෙර ඇති කිරිගරුඬ පදාර්ථය. රූපක ප්‍රත්‍යය හෙවත් සාරය නම් එය නිමාවෙන් පිරිනැමෙන්නයි. මෙය නිර්මාණකරුවාගේ සිතේ හෝ ඒ කිරිගරුඬ වල ද තිබෙන්නට පිළිවන් වූවකැයි හේ කියයි. කාර්යක්ෂම ප්‍රත්‍යය නම් වෙනස ඇති කරන්නට සමත් වෙන්නයි. ශිල්පියා කිරිගරුඬ කඩා නිර්මාණයට බැසීම. අවසන් ප්‍රත්‍යය හැටියට ඇරිස්ටෝටල් දක්වන්නේ වස්තුවේ අරමුණයි. යම් ස්ථානයක් සැරසීම සඳහා එය ඉදිවීම.
 
ස්වභාව ධර්මය වනාහි එසේ සෑම තලයකින් ම සෑම ප්‍රත්‍යයක් විසින් ම ස්ව-සාර්ථක බවක් අත් කරගන්නට පරිපූර්ණත්වය කරා යන උත්සාහයකි. එහි දී ඒ ඒ සාරයට විශේෂ වූ සීමාවන් තුල ඒ පරිපූර්ණත්වය කරා යෑම සිද්ධ වෙන සාධ්‍යතා පද්ධතියක් බව හේ පෙන්වා දෙයි. ප්ලේටෝ මෙන් ම ඇරිස්ටෝටල් ද සෑම පද්ධතියක් ම පරම හොඳ යන්න සොයා යන්නකි. එසේ නම් සියල්ල විසින් සොයනා පරම හොඳ යන සත්‍යය වූවක් පැවතිය යුතු යැයි හේ පිළිගනියි.
 
 
[[ප්‍රවර්ගය:ක්ෂේත්‍රය අනුව සංකල්පයන්]]
"https://si.wikipedia.org/wiki/ඇරිස්ටෝටල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි