"රෙනේ ඩෙකාට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
31 පේළිය:
ඩෙකාට් කතෝලික බැතිමතෙකු විය. ඔහුට කතෝලික පල්ලිය හා ආරවුලක් ඇති කරගැනීමට උවමනා වූයේ නැත. ගැලිලෙයෝ අත්විඳි කතෝලික පල්ලියේ දණ්ඩායනය සමාජයට අයහපත් යැයි හේ දැකීය. විද්‍යාවට ඉඩ නොදෙන ආගමික ආඥාදායක්වය නිසා මිනිසාට ආගම අප්‍රසන්න වේ යැයි ඔහු සිතුවේ ය. ඒත් එය ඔප්පු කරනු සඳහා සිරගෙදර යන්නට ඔහු අකමැති විය. ඉතා සූක්ෂම ලෙසින් මුද්‍රණාලයෙන් ඉවත් කරගත් අත්පිටපත ඩෙකාට් අතින් යළි සකස් වෙයි. එය '''භාවනා''' නොහොත් ''පළමු දර්ශනයේ භාවනා'' යැයි ඔහු නම් කරයි. එසේ නම් කර ඔහු එය පිරිනමන්නේ "පැරිසියේ දේවධර්මය හදාරන පූජනීය පීඨයේ වඩාත් ම ප්‍රඥාවත් හා සත්කීර්තිමත් පීඨාධිපති ඇතුළු ආචාර්යවරු වෙතටයි."<ref>http://www.wright.edu/cola/descartes/lod.html</ref> ඒ අතරතුර තම හිතවතුන්ට ලියන ඩෙකාට් "මේ භාවනා හයෙන් භෞතික විද්‍යාව ගැන වූ මගේ සියළු ම ප්‍රධාන අදහස් ගැන කියැවේ. ඒත් එය ඔබගේ දැන ගැනීම සඳහා පමණක් තබාගන්න," යැයි ලියා යවන්නේ ය.<ref>https://catalyst.library.jhu.edu/catalog/bib_822810</ref>
 
==කාතීසියානු සැකය==
==දර්ශනය==
 
කාතීසියානු සැකය ගැන කියැවෙන්නේ 1637 දී ලියන ලද "විධික්‍රම ගැන සංවාද" සහ 1642 දී ලියන ලද "භාවනා" යන කෘති වලිනි.
 
'''පළමු දර්ශනයේ භාවනා''' කෘතියෙන් ඩෙකාට් ඉදිරිපත් කරන්නේ මෙතෙක් පිළිගත් ඥාන විභාග පදනම් කඩා බිඳ දමා අලුතින් සැකිල්ලක් ගොඩ නඟනා ආකාරයයි. ''රැඩිකල් සැකය'' නම් විධි ක්‍රමයක් ගෙනෙන ඩෙකාට් සියල්ලක් ම සැකයට පාත්‍ර කළ යුතු යැයි කීවේය. සැකයට පාත්‍ර කළ හැකි සියල්ලක් ම හේ සැක කළේය. තර්කානුකූලව සැකයට පාත්‍ර කළ නොහැකි ප්‍රස්තුතය ඥාන විභාගයේ පදනම වේ යැයි හේ කීවේය. සියල්ල සැක කරන ඔහුට ඒ සියල්ල සැක කරන තමන් ඉන්නා බව සැක නැතැයි පෙනින. එනම්, මගේ පැවැත්ම ගැන සැකයි කියන්නා ද, සැකයෙන් තොරව පැවැත්මකින් තමා ඉන්නා බව ඔප්පු කර ඇතැයි හේ දැකීය.
 
සිරුරෙහි පැවැත් ම ගැන සැකයක් තිබුණ ද, සිතුවිලි ගලා එන සිතෙහි පැවැත්ම සැකයකින් තොර යැයි ඩෙකාට් විස්තර කළේය. ස්වීය යනු සවිඥානික බව යැයි එයින් ඔහු පහදා දුන්නේ ය. ඒ නිසා තමා යනු තමාගේ මනස යන්නත් ඒ දෙකම එකක් ම වන්නේ ය යන්නත් හේ කීය. මෙහි දී ඔහු ස්වීය, අනන්‍යතාවය, භාවාර්ථ සහ දෙවියන්වහන්සේ යන සංකල්ප මනසේ හටගන්නා ඊට සහජ වූ අදහස් යැයි තීරණය කරයි. දෙවියන්වහන්සේ යන්න මනසට සහජ වූ අදහසක් නම්, එය ඔප්පු කර පෙන්විය හැකි නම්, එහි දී තම ආත්මීයවාදයෙන් බැහැරකින් වූවක් ගැන කතා කරන්නට පියවරක් ගත හැකි යැයි ඔහු පෙන්වා දෙයි. එහෙත් දෙවියන්වහන්සේ ගැන වූ අදහස තම මනසේ රෝපණය කරන ලද්දේ පිටතින් පැමිණි පාපකාරී සතුරෙක් යැයි දැන ගන්නේ කෙසේ ද යන්න ඊ ළඟට ඔහුට මුහුණ දෙන්නට වූ ගැටළුවයි. දෙවියන්ගේ පැවැත්ම ඔප්පු කරනු පිණිස, තම මනසට පිටතින් අදහසක් ගෙනා පාපකාරී හතුරෙක් නැතැයි ඔප්පු කරනු පිණිස ඩෙකාට් තර්කයක් ගෙන එයි.
 
පැවැත්ම තහවුරු කරන සිතුවිල්ලට ඉඩක් ලබාදෙන මනස සිතුවිලි වලින් අයින් කරනු නොහැකි යැයි හේ එක තර්කයකින් පෙන්වයි. දෙවියන්ගේ පැවැත්ම එහි සාරයෙන් ඉවත් කරත නොහැකි සේ ම, ත්‍රිකෝණයක කෝණ වල එකතුවකට ඍජු කෝණ දෙකෙහි එකතුව ඇතුල් වී ඇත්තා සේ, කන්දක් ඇත්නම් මිටියාවත් ඇත්තා සේ, යනාදිය දක්වමින් ඔහු කියන්නේ අතිශ්‍රේෂ්ඨ සර්ව සම්පූර්ණ සත්තාව වන දෙවියන්වහන්සේට පැවැත්මක් නැතැයි කීම මිටියාවතක් නැතැයි කීමක් වැනි කියාය. මේ අදහස සාන්ත ඇන්සලම් වෙතින් ද එන්නක් බව එහි දී ඩෙකාට් සඳහනක් නොකරයි. ඔහු ගෙනෙන දෙවැනි තර්කය නම් (අ) මම සැක කරනවා යන්න මම සර්ව සම්පූර්ණ සත්තාවක් නැතැයි ඔප්පු කරන්නකි, සර්ව සම්පූර්ණ සත්තාව ඇත්තා සියල්ල දන්නේ ය, ඒ නිසා සැක නැත්තෙකි; (ආ) සර්ව සම්පූර්ණ බව කුමක් දැයි මම දැනටමත් දන්නේ නම් පමණක් මම සර්ව සම්පූර්ණ නැතැයි මට දැනගත හැකිය, (ඇ) සර්ව සම්පූර්ණ බව ගැන මට ඇති අදහස එන්නේ සර්ව සම්පූර්ණ වූ යමක් ඇති නිසාය; (ඈ) ඒ නිසා, සර්ව සම්පූර්ණ වූ යමක් පවතී, ඒ දෙවියන්වහන්සේ ය.
 
තම පැවැත්ම සැකයෙන් තොර යැයි කියන ඩෙකාට්, සැකයෙන් තොර පැවැත්මක් ඇති මට සර්ව සම්පූර්ණ වූ සත්තාවක් ගැන සංකල්පයක් ඇත්නම්, ඒ දෙවියන්වහන්සේ විය යුතුයි කියා එයින් දෙවියන්වහන්සේගේ පැවැත්ම ඇතැයි එසේ පෙන්වයි. සැකයක් ඇති කරගන්නේ සිතකින් නිසා, "මම සිතමි, එබැවින් මම ඇත්තෙමි," යන්න ඩෙකාට් විසින් "මම සැක කරමි, එබැවින් මම ඇත්තෙමි," යයි ද "මම සැක කරමි, ඒ නිසා දෙවියන්වහන්සේ ඇත්තේය," යන්න ද එසේ පෙන්වා දෙයි.
 
ඩෙකාට්ට අනුව ලෝකයේ යථාර්ථය ගැන අදහස් ගණිතමය භෞතිකවාදයෙන් කියා පෑ හැකිය. ඒ මඟින් ගැලිලෙයෝ විසින් ඉදිරිපත් කරන ලද නව විද්‍යාව යොදාගෙන දෙවියන්වහන්සේගේ පැවැත්ම ඔප්පු කරත හැකි යැයි කියයි.
 
==කාතීසියානු යථාර්ථවාදය==
 
දකින දෑ පවතින දෑ යන සාමාන්‍ය දැක්මෙන් ඉවත් වෙන ඩෙකාට් සියළු සංවේදනයන් වෙතින් ලැබෙන සාරාත්මක ගුණයන් (රතු, නිල්, පැණිරස, උණුසුම්, මිහිරි) යනාදිය මනසෙන් අත්විඳිනා දේ හැටියට හේ සලකයි. සීතල, ගඳ සුවඳක් නැති, පාටක් නැති, හඬක් නැති, රහක් නැති යනාදිය භෞතික වූ දෑ හැටියට හේ සලකයි. එසේ දෙකකට වෙන් කර තැබිය නොහැකි බව ඩෙකාට් විසින් විමසන්නේ නැත. මනසේ හටගන්නා සිතුවිලි භෞතික දේ වලට බලපෑමක් ඇති කරන්නේ කෙසේ ද සහ භෞතික දෑ වලින් මනසට බලපෑමක් ඇති කරන්නේ කෙසේ ද යන ද්වෛතවාදය පහදන්නට ඩෙකාට් ගෙනෙන්නේ මනස සිරුර හා හමුවෙන්නේ මොළයේ කේන්ද්‍රස්ථානයක බව කියමිනි. මේ විසඳුම ගැටලුව නිරාකරණය නොකරන බව ඔහු එතම් සැලකිල්ලකට ගත්තේ නැත. මොළයේ පවතින ඒ මධ්‍යස්ථානය කේතුක ග්‍රන්ථිය යැයි හේ කියයි. එහෙත් මනස සිරුර මුණ ගැසෙන්නේ කොතැනක දී ද යන්නෙන් ඵලක් නොවේ. මන්ද, එවිට මනසට ස්ථානයක් ලැබෙන නිසා, මනස ඒ තැනේ දී සිරුර බවට පත්වෙයි. එවිට මනස භෞතික පදාර්ථයක් බවට පත්වෙයි.
 
මේ ගැන වැඩි විස්තර පහදන්නට පෙර ඩෙකාට් ස්වීඩනයේ ක්‍රිස්ටිනා රැජිනගේ ඉල්ලීමකින් ඇය හමුවෙන්නට යන්නේ ය. එහි දී සෙම්ප්‍රතිශ්‍යාවකින් පෙළෙන හේ මිය ගියේය.
 
== මූලාශ්‍ර ==
"https://si.wikipedia.org/wiki/රෙනේ_ඩෙකාට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි