"රෙනේ ඩෙකාට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
31 පේළිය:
ඩෙකාට් කතෝලික බැතිමතෙකු විය. ඔහුට කතෝලික පල්ලිය හා ආරවුලක් ඇති කරගැනීමට උවමනා වූයේ නැත. ගැලිලෙයෝ අත්විඳි කතෝලික පල්ලියේ දණ්ඩායනය සමාජයට අයහපත් යැයි හේ දැකීය. විද්‍යාවට ඉඩ නොදෙන ආගමික ආඥාදායක්වය නිසා මිනිසාට ආගම අප්‍රසන්න වේ යැයි ඔහු සිතුවේ ය. ඒත් එය ඔප්පු කරනු සඳහා සිරගෙදර යන්නට ඔහු අකමැති විය. ඉතා සූක්ෂම ලෙසින් මුද්‍රණාලයෙන් ඉවත් කරගත් අත්පිටපත ඩෙකාට් අතින් යළි සකස් වෙයි. එය '''භාවනා''' නොහොත් ''පළමු දර්ශනයේ භාවනා'' යැයි ඔහු නම් කරයි. එසේ නම් කර ඔහු එය පිරිනමන්නේ "පැරිසියේ දේවධර්මය හදාරන පූජනීය පීඨයේ වඩාත් ම ප්‍රඥාවත් හා සත්කීර්තිමත් පීඨාධිපති ඇතුළු ආචාර්යවරු වෙතටයි."<ref>http://www.wright.edu/cola/descartes/lod.html</ref> ඒ අතරතුර තම හිතවතුන්ට ලියන ඩෙකාට් "මේ භාවනා හයෙන් භෞතික විද්‍යාව ගැන වූ මගේ සියළු ම ප්‍රධාන අදහස් ගැන කියැවේ. ඒත් එය ඔබගේ දැන ගැනීම සඳහා පමණක් තබාගන්න," යැයි ලියා යවන්නේ ය.<ref>https://catalyst.library.jhu.edu/catalog/bib_822810</ref>
 
==දර්ශනය==
==
 
'''පළමු දර්ශනයේ භාවනා''' කෘතියෙන් ඩෙකාට් ඉදිරිපත් කරන්නේ මෙතෙක් පිළිගත් ඥාන විභාග පදනම් කඩා බිඳ දමා අලුතින් සැකිල්ලක් ගොඩ නඟනා ආකාරයයි. ''රැඩිකල් සැකය'' නම් විධි ක්‍රමයක් ගෙනෙන ඩෙකාට් සියල්ලක් ම සැකයට පාත්‍ර කළ යුතු යැයි කීවේය. සැකයට පාත්‍ර කළ හැකි සියල්ලක් ම හේ සැක කළේය. තර්කානුකූලව සැකයට පාත්‍ර කළ නොහැකි ප්‍රස්තුතය ඥාන විභාගයේ පදනම වේ යැයි හේ කීවේය. සියල්ල සැක කරන ඔහුට ඒ සියල්ල සැක කරන තමන් ඉන්නා බව සැක නැතැයි පෙනින. එනම්, මගේ පැවැත්ම ගැන සැකයි කියන්නා ද, සැකයෙන් තොරව පැවැත්මකින් තමා ඉන්නා බව ඔප්පු කර ඇතැයි හේ දැකීය.
 
සිරුරෙහි පැවැත් ම ගැන සැකයක් තිබුණ ද, සිතුවිලි ගලා එන සිතෙහි පැවැත්ම සැකයකින් තොර යැයි ඩෙකාට් විස්තර කළේය. ස්වීය යනු සවිඥානික බව යැයි එයින් ඔහු පහදා දුන්නේ ය. ඒ නිසා තමා යනු තමාගේ මනස යන්නත් ඒ දෙකම එකක් ම වන්නේ ය යන්නත් හේ කීය. මෙහි දී ඔහු ස්වීය, අනන්‍යතාවය, දෙවියන්වහන්සේ යන සංකල්ප
 
== මූලාශ්‍ර ==
"https://si.wikipedia.org/wiki/රෙනේ_ඩෙකාට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි