"රෙනේ ඩෙකාට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
25 පේළිය:
==පුද්ගලික තතු==
 
වංශවත් පවුලකින් එන ඩෙකාට්, 1604 සිට 1616 දක්වා ලා ෆ්ලේෂේ හි රාජකීය හෙන්රි-ල-ග්‍රාන්ඩ් නමින් තිබි ජෙසුයිට් පාසැලක ඉගෙනුම ලැබීය. ඩෙකාට් ගේ පියා බ්‍රිට්නියෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූයේය. පියාට හිමි ඉඩම් පියාගේ මරණයෙන් පසු ඩෙකාට් ට හිමි වූවා යැයි සැලකේ. 1612 දී පැරිස් නගරයට යන ඩෙකාට් හුදෙකලා ජීවිතය ප්‍රිය කරන ලද්දෙකි. හමුදාවට බැඳෙන ඩෙකාට් ඕලන්දයේ 1618-1619 දක්වා කාලය ගෙවූ බව සඳහන් වෙයි. ස්පාඤ්ඤය සහ ඕලන්දය අතර සාමකාමී සමයක් වූ බැවින් ඔහු ගණිතය හදාරන්නට තම කාලය වැය කළේය. උදෑසන අවදි නොවෙන, දහවල් තෙක් නිදාගන්නා පුද්ගලයෙක් හැටියට ඩෙකාට් නම් දරයි. 1620 නොවැම්බර් මාසයේ දී ප්‍රාග් නගරය අසල බද වූ වයිට් මවුන්ටන් සටනේ දී ඩෙකාට් බැවේරියාවේ මැක්සිමිලියන් ඩ්‍යුක්වරයාගේ හමුදාවේ සටන් වැදි බව කියැවේ. 1621 දී යුද්ධ අතහැර දමන ඔහු ප්‍රංශයේ වාසය පටන් ගනිමින් යුරෝපයේ සංචාරයන්ට ගියේය. 1627 දී ප්‍රංශයේ හ්‍යුගනොට් බලකොටුවක් වු ලා රොෂෙල් අල්ලා ගැනීමේ මෙහෙයුමට ඩෙකාට් කාඩිනල් රිෂෙලියූ යටතේ සහභාගී වූවා යැයි සඳහන් වෙයි. එහි දී යම් සිත් තැවුලකට ලක්වෙන ඔහු ඕලන්දය තම වාසස්ථානය කරගනු පිණිස එහි යන්නේ ය. 1628 සිට 1649 සැප්තැම්බර් දක්වා ඕලන්දයේ ජීවත්වෙන ඔහු එහි දී හමුවෙන මෙහෙකාර කෙල්ලක් වූ හෙලේනා යන්ස් වැන් ඩ ස්ට්‍රොම් සමඟින් ෆ්‍රැන්සීන් නමින් දියණියක් වැදූ බවත් කියැවේ. 1640 දී දියණිය ආරක්තක උණ හැදී මිය යන්නීය.
 
විචාරයේ යුගයෙන් පුනරුද යුගයට බසින විද්‍යාත්මක ගවේෂණයේ යෙදෙන විද්වතුන් අතරට ඔහු එකතු වෙන්නේ විශ්ලේෂණ ජ්‍යාමිතිය හඳුන්වා දීමෙනි. පයිතගරස්ගේ අදහස් හැදැරූ අය අතර තිබි සම්ප්‍රදායික බලාපොරොත්තුවක් වූ තල ජ්‍යාමිතිය<ref>http://en.wikipedia.org/wiki/Plane_(geometry)</ref> සහ ශුද්ධ වීජ ගණිතය අතර සබැඳියාවක් පෙන්වන්නට ඩෙකාට් සමත් වෙයි. 1633 දී ඩෙකාට් විසින් තම භෞතික විද්‍යාව ගැන "ලෝකය" නමින් ලියූ පර්යේෂණ කෘතිය මුද්‍රණයට යන අවස්ථාවේ දී ඔහුට ගැලිලෙයෝ ගැලිලි මතක් වෙයි. වසර දාහතකට පෙර (1616) මිථ්‍යා දෘශ්ටීන් නැති කරනු පිණිස වූ කතෝලික සභාව විසින් ගැලිලෙයෝ සිරගතආගමික දණ්ඩායනයට ලක් වෙන අන්දම ඩෙකාට් ට සිහිවේ. වහා මුද්‍රණාලය වෙත දිව යන ඩෙකාට්, පෘතුවියේ භ්‍රමණය සහ විශ්වයෙහි අන්තය ගැන ලියූ තම අත්පිටපත ප්‍රකාශන නොකර ඉවත් කර ගන්නා ලදි. ගැලිලෙයෝ සිරගත වූයේ ඔහු නිමැ වූ දුරේක්ෂකයෙන් ජුපිටර් ග්‍රහලෝකයේ කක්ෂය වටා දිවෙන උප ග්‍රහයන් සිටිනා බව කීම නිසා ය. කතෝලික සභාව එකල දැරූ අදහස වූයේ පෘතුවිය විශ්වයේ කේන්ද්‍රස්ථානය බව ය. සූර්යයාගේ කක්ෂය වටා පෘතුවිය ගමන් කරන බව කටකතා වලින් පැතිර ගියත්, පෘතුවියේ කක්ෂය වටා යන චන්ද්‍රයා හේතුවෙන් ඔවුන් කේන්ද්‍රස්ථානය වන්නේ පෘතුවිය යැයි සැකයක් නැතිව ඔප්පු කරත හැකි විද්‍යාත්මක සත්‍යයක් ලෙස සැලකූහ. එහෙත් ගැලිලෙයෝ විසින් ජුපිටර් වටා සිටින උපග්‍රහයන් හතර දෙනෙක් දකින්නට හැකි බව කියද්දී ඔව්හු තම මතය නිශ්ප්‍රභා වේ යැයි අකමැත්තෙන් ගැලිලෙයෝ සිරගත කළහ.
 
ඩෙකාට් කතෝලික බැතිමතෙකු විය. ඔහුට කතෝලික පල්ලිය හා ආරවුලක් ඇති කරගැනීමට උවමනා වූයේ නැත. ගැලිලෙයෝ ගේඅත්විඳි සිරගතකතෝලික කිරීමපල්ලියේ දණ්ඩායනය සමාජයට අයහපත් යැයි හේ දැකීය. විද්‍යාවට ඉඩ නොදෙන ආගමික ආඥාදායක්වය නිසා මිනිසාට ආගම අප්‍රසන්න වේ යැයි ඔහු සිතුවේ ය. ඒත් එය ඔප්පු කරනු සඳහා සිරගෙදර යන්නට ඔහු අකමැති විය. ඉතා සූක්ෂම ලෙසින් මුද්‍රණාලයෙන් ඉවත් කරගත් අත්පිටපත ඩෙකාට් අතින් යළි සකස් වෙයි. එය '''භාවනා''' නොහොත් ''පළමු දර්ශනයේ භාවනා'' යැයි ඔහු නම් කරයි. එසේ නම් කර ඔහු එය පිරිනමන්නේ "පැරිසියේ දේවධර්මය හදාරන පූජනීය පීඨයේ වඩාත් ම ප්‍රඥාවත් හා සත්කීර්තිමත් පීඨාධිපති ඇතුළු ආචාර්යවරු වෙතටයි."<ref>http://www.wright.edu/cola/descartes/lod.html</ref> ඒ අතරතුර තම හිතවතුන්ට ලියන ඩෙකාට් "මේ භාවනා හයෙන් භෞතික විද්‍යාව ගැන වූ මගේ සියළු ම ප්‍රධාන අදහස් ගැන කියැවේ. ඒත් එය ඔබගේ දැන ගැනීම සඳහා පමණක් තබාගන්න," යැයි ලියා යවන්නේ ය.<ref>https://catalyst.library.jhu.edu/catalog/bib_822810</ref>
 
==
 
== මූලාශ්‍ර ==
"https://si.wikipedia.org/wiki/රෙනේ_ඩෙකාට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි