"ඇමරිකානු විප්ලවීය යුද්ධය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
19 පේළිය:
1776 ජූලි මාසයේ දී බ්‍රිතාන්‍යයට එරෙහිව '''නිදහස් ප්‍රකාශනය''' ලියා උපනිවේෂ වැසියන් විසින් සම්මත කරගන්නා ලදි. නිදහස නම් සංකල්පය මත පදනම් වූ යුද්ධය බ්‍රිතාන්‍යය උපනිවේෂ 13 ක වැසියන් අතර ජනප්‍රිය විය. යුද්ධය ආරම්භයේ දී ඇමෙරිකාවේ නිර්මාතෘවරුන් විසින් නිදහස් ප්‍රකාශනයෙන් කියූ දෑ සාක්ෂාත් කරගන්නට හැකි වේ යැයි සිතු අය නොවූහ. ඔවුන්ට මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය හා සටන් වැදීමෙන් ලැබෙනුයේ ජයග්‍රහණයක් නොව අපකීර්තියක් යැයි සිතූ අය වැඩි වූහ. කෙසේ වුව ද, 1783 දී පැරීසියේ සාම ගිවිසුම අත්සන් කරද්දී ඒ අනාවැකි එසේ වේ යැයි සිතූ අය බහුතරය විය.<ref>Justin Winsor, The American Revolution, New York: Bicentennial Sons of Liberty Publication, 1972</ref>
 
ඇමෙරිකන් විප්ලවීය හමුදාවේ නායකත්ව තනතුරු දරනා අයගේ යුද දැනුම හා හමුදා පුහුණුවක් නැතිකම යුද්ධයේ එතෙක් දැඩි අඩුපාඩුවකින් වූවකි. 1775 ජූනි මාසයේ දී කොන්ටිනෙන්ටල් හමුදාවේ අණ දෙන නායකයා ලෙස පත් කරන ලද [[ජොර්ජ් වොෂින්ටන්|ජෝර්ජ් වොෂින්ටන්]] ඊට පත්වූයේ වර්ජීනියා මිලීෂීයාවේ ඔහු දැක් වූ දස්කම් නිසාය. එහෙත් ඔහු වෘත්තියෙන් මිනින්දෝරුවෙකු වූ වැවිලි වගාවේ යෙදි ගම්බද මහත්තෙයක් ලෙසින් සැලකෙන ලද්දෙකි. ඔහු වෘත්තිමය සොල්දාදුවෙක් නොවීය. අනෙකුත් අය අතර හොරේෂියෝ ගේට්ස් සහ චාල්ස් ලී යන දෙදෙනා අවම යුද අත්දැකීම් වලින් යුතු අය වූහ. නැතානියෙල් ග්‍රීන් නැමැත්තා යකඩ තලන්නෙකි. හෙන්රි නොක්ස් පොත්කඩ අයිතිකාරයෙකි. බෙනඩික්ට් ආර්නෝල්ඩ් ඇපොතකරියේ අත් උදව්වට සිටියෙකි. ඔහු පසුකලෙක බ්‍රිතාන්‍යයට පක්ෂපාතී වූවෙක් වෙයි. මේ හමුදාපතිවරුන් හත් අවුරුදු යුද්ධයක් දිනාගත් මහා අධිරාජ්‍යයක් සොලවන්නට සමත් වේ යැයි කිසිවෙකු සිතුවේ නැත.
 
උපනිවේෂ ප්‍රාන්ත ආණ්ඩු සහ අලුතින් පිහිටුවා ගත් කොංග්‍රසය ස්ථිර හමුදාවක වැය දරන්නට ද පසුබෑමකින් යුතු වූහ. දේශපාලනඥයන් සිතුවේ ස්ථිර හමුදාවක් නඩත්තු කිරීමෙන් ප්‍රජා පීඩක ආඥාදායකයෙකුගේ වැඩීමකට අත දීමක් සිද්ධ වේ යැයි කියාය. ප්‍රාන්ත ආණ්ඩු කල්පනා කළේ රටේ ආරක්ෂාවට යන වැය ගැන ය. 1776 දී මුල් රෙජිමේන්තු වලට එකතු වූ ස්වේච්ඡා හමුදා භටයන් වේතන නොමැතිව සටන් කරනු නොහැකි යැයි කියා නිවෙස් බලා ගියහ. එවිට කොංග්‍රසය කලබල වී වහාම වසර තුනක සේවයට හෝ යුද්ධය අවසන් වෙන තෙක් පමණක් සටන් කරන්නට යැයි හමුදාවට එකතුවෙන්න යැයි ඔවුන් ව යළි කැඳවීමයි. රටේ ඇති තරම් පිරිමි ජනගහණයක් සිටියත් හමුදාවට බැඳෙන පිරිමි මඳ වූහ. එවිට කොංග්‍රසය මාස නමයක අනිවාර්ය සේවයක් නියම කළේය. ඒ 1777 මුල් කාලයේ දී ය. එහෙත් ඊට ද වැසියන් සවන් නොදුන්හ. මන්ද ප්‍රාන්ත බලය තුල ඒ අනිවාර්ය කිරීම බලපෑවේ කරකියා ගන්නට නොහැකි වූවන්ට පමණයි. හමුදාවට බැඳෙන අයට අතට මුදල් හා ඉඩම් කෑලි ලබාදෙනවා යැයි කොංග්‍රසය කියා සිටියේය. එහෙත් ජනතාව ඊට රැවටුනේ නැත. මන්ද අතට මුදල් දෙනවා කිව්ව ද, $750 ගෙවුනේ මුදල් අගය වේගයෙන් බහින කරදහි කොළ වලිනි. සොල්දාදුවෙකුගේ දවසේ වේතනයට වඩා තිස් ගුණයක් සිවිල් කම්කරුවෙකුට දිනක දී උපයත හැකියාව තිබිණ. ඒ නිසා ජෝර්ජ් වොෂින්ටන්ගේ හමුදාවේ සිටියේ තුනෙන් දෙකක ප්‍රමාණයක හමුදාවක සටන් වදින්නට නුසුදුසු අයයි.<ref>Robert Leckie, George Washington's War, The Saga of the American Revolution, Haper Collins, 1992</ref>
"https://si.wikipedia.org/wiki/ඇමරිකානු_විප්ලවීය_යුද්ධය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි