"ඇමරිකානු විප්ලවීය යුද්ධය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''ඇමෙරිකන් විප්ලවීය යුද්ධය''' (1775-1783), නොහෙත් '''ඇමෙරිකන් නිදහස් අරගලය''' නොහොත් සරල ව '''විප්ලවීය යුද්ධය''' යනුවෙන් හැඳින්වෙන්නේ ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය අතර පටන් ගැනුණකි. එය අවසානය වෙද්දී බ්‍රිතාන්‍ය එක පැත්තක ද, ඇමෙරිකාව, ප්‍රංශය, නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය අනෙත් පැත්තේ ද සටන් වැදුනහ. ඇමෙරිකාවට ජය අත් විය. මෙය සාමජයීය පෙරළියක් නොව දේශපාලන සටනකි. ඇමෙරිකාවේ නිදහස වෙනුවෙන් සටන් වැදි මේ යුද්ධය තුලින් දිව යන්නේ පැරණි සහ නව දේශපාලන අදහස් වෙති. එසේම නව හමුදාමය සංකල්ප ඵල ගැනීමකි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජනයක් නැතිව, උපනිවේෂ ඇමෙරිකානුවන්ගෙන් අදහස් විමසන්නේ නැතිව ඔවුන් වෙත බදු පැනවිය හැකි ද යන්න බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ තුන්වැනි ජෝර්ජ් රජුට උත්තර දෙන්නට සිද්ධ වූ ගැටළුව යුද්ධයක් ලෙසින් දියත් වී බදු ගැන විමසූවන් වෙන් වී ගොස් රටක් ලෙසින් ලෝකයට බිහි වී නිමා වූවකි.<ref>David Chandler, General Editor, The Dictionary of Battles, New York: Henry Holt and Company, 1987</ref>
 
උපනිවේෂයන් හි පාලකයන් යැයි කියාගත් බ්‍රිතාන්‍ය එහි ආරක්ෂාවට මුදල් වැය කරන්නට අකමැති වූහ. උපනිවේෂයන් හි මිලීෂීයාවට තම ආරක්ෂාව සලසා ගැනීමට තරම් යුදමය දැනුමක් සතු නොවිණ. බ්‍රිතාන්‍යයන් ස්වදේශී ඉන්දියානුවන් වෙත දැක් වූ සැලකිලි වලට ද උපනිවේෂ වැසියන් අකමැති වූහ. එසේම රටේ බටහිර පළාත් වලට උපනිවේෂ වැසියන් සංක්‍රමණය වීමට බ්‍රිතාන්‍ය අකමැත්ත දැක්විය. ඒ නිසා තමන් කමැති උපනිවේෂ වැසියන් අකමැති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවීමට ඔවුනට හමුදා බලය හා මුදල් අවශ්‍ය විණ. එහෙත් බ්‍රිතාන්‍යයේ මතය වූයේ තම ආරක්ෂාව පිණිස උපනිවේෂ වැසියන් මුදල් වැය දැරිය යුතු යැයි කියාය. තමන් කැමැත්තට ඉඩ නැත්නම් ආරක්ෂාව සලසන නාමයෙන් ගෙනෙන අනිකුත් බදු පිළිවෙත් වලට තමන් විරෝධ වෙන්නේ යැයි උපනිවේෂ වැසියන් බ්‍රිතාන්‍යයට කියා සිටියහ. අකමැති දෙයක් සඳහා වැය කරන්නට තමන් වෙතින් බදු මුදල් අය කර ගැනීම උපනිවේෂ වැසියන් දුටුවේ ඒකීය පුද්ගල අයිතිය ආක්‍රමණය කරන පීඩකයෙකුගේ හැදියාවක් ලෙසිනි.<ref>Thomas Fleming, Liberty! The American Revolution, Viking Penguin, 1997</ref>
21 පේළිය:
== මූලාශ්‍ර ==
{{reflist}}
 
* http://en.wikipedia.org/wiki/American_Revolutionary_War
"https://si.wikipedia.org/wiki/ඇමරිකානු_විප්ලවීය_යුද්ධය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි