"ප්ලේටෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
14 පේළිය:
|school_tradition= [[ප්ලතෝනිකවාදය]]
|main_interests = [[වාගලංකාරය]], [[කලාව]], [[සාහිත්‍යය]], [[ඥානවිභාගය]], [[සාධාරණත්වය]], [[සදාචාරය]], [[දේශපාලනය]], [[අධ්‍යාපනය]], [[පවුල]], [[රණකාමිත්වය]]
|influences = [[සොක්‍රටීස්]], [[හෝමර්]], [[හෙසියොඩ්]], [[ඇරිස්ටො‍ෆනීස්]], [[ඊසොප්]], [[ප්‍රොටැගරස්]], [[පාමෙනියිඩස්]], [[පයිතගරස්]], [[හෙරක්ලිටස්හෙරක්ලයිටස්]], [[නිර්මිතිවාදය(ආගම)|නිර්මිතිවාදය]]
|influenced = [[බටහිර දර්ශනවාදය|අපරාපරිය බටහිර දර්ශනවාදය බොහෝසෙයින්]], [[ඇරිස්ටෝටල්]], [[හිප්පෝ හි ඔගස්ටීන්|ඔගස්ටීන්]], [[නවප්ලතෝනිකවාදය]], [[සිසෙරෝ]], [[ප්ලුටාක්]], [[ස්ටොයිකවාදය]], [[කැන්ටබරි හී ඇන්සලම්|ඇන්සලම්]], [[මැකියාවෙලි]], [[රෙනේ ඩෙකාට්|ඩෙකාට්]], [[තෝමස් හොබ්ස්|හොබ්ස්]], [[ගොට්ෆ්‍රීඩ් ලයිබ්නිස්]], [[ජෝන් ස්ටුවට් මිල්|මිල්]], [[ආතර් ෂොපෙන්හවර්|ෂොපෙන්හවර්]], [[ෆ්‍රෙයිඩ්රික් නීට්ෂේ|නීට්ෂේ]], [[මාටින් හෙයිඩෙගර්|හෙයිඩෙගර්]], [[හනා ඇරෙන්ඩ්ට්|ඇරෙන්ඩ්ට්]], [[හාන්ස්-ජෝර්ජ් ගැඩමර්|ගැඩමර්]], [[ඉමාම් කොමෙයිනි]], [[බර්ට්රන්ඩ් රසල්|රසල්]] සහ අසංඛ්‍ය අනෙකුත් [[දර්ශනවාදියා|දර්ශනවාදීන්]] සහ [[දේවධර්මධරයා|දේවධර්මධරයන්]]
|notable_ideas = [[ප්ලතෝනික යථාර්ථවාදය]]
22 පේළිය:
 
'''ප්ලේටෝ''' ක්‍රි. පූ. 427 - ක්‍රි. පූ. 347 අතර ජීවත් වූ ග්‍රීක දාර්ශනිකයෙකි. ඔහුගේ ගුරුවරයා වුයේ [[සොක්‍රටීස්]]ය. [[ඇරිස්ටෝටල්]] ඔහුගේ ශිෂ්‍යයෙක් විය. හෙතෙම බටහිර ලෝකයේ වැඩිදුර අධ්‍යාපනයට පිහිට වූ ප්‍රථම ආයතනයේ එනම් "ද ඇකඩමි" හි පුරෝගාමියා විය. එහි දී ප්ලේටෝ තමන් අතින් ලියැවුන සිය ගුරුවරයා වූ සොක්‍රටීස්ගේ සංවාද ඉගැන්වීය. ප්ලේටෝගේ දර්ශනයේ කොටස් කිහිපයකි. ඔහු මනෝරාජ්‍යයක් ගැන කීවේය. එසේම සංකල්පවාදය ඉදිරිපත් කළේය. අමරණීයත්වයට පක්ෂපාතී තර්කයන් ගෙන ආවේය. හේ විශ්ව සම්භව ශාස්ත්‍රය ගැන කතාබහ කරන ලදි. ඔහුගේ විකල්පනය වූයේ ඥානය නම් ප්‍රත්‍යක්ෂ්‍ය නොව අනුස්මෘතිය යැයි කියාය.
 
==ළමා කාලය==
 
ප්ලේටෝගේ උප්පත්තිය පෙලපසීනියානු යුද්ධයේ මුල් අවදියේ සිද්ධ වූවකි. හරියට ම ඔහු ඉපදුන කාලය හා ස්ථානය ගැන තොරතුරු දැනගන්නට නැත. ඇතැන්ස් හෝ ඒජිනා හි ක්‍රි. පූ. 429 සහ 423 අතර උපත ලද යැයි ඵෛතිහාසික සටහන් අධ්‍යයන කරන නූතන විද්‍යාර්ථීන් විශ්වාස කරති. ප්ලේටෝගේ පියා ඇරිස්ටන් විය. පියා පැවත ආවේ කොඩ්රස් නම් ඇතැන්ස් රජ පරම්පරාවෙන් යැයි විවාදයට තුඩු දුන් මතයක් ඇත. ප්ලේටෝගේ මව පෙරික්ටියොනෙ විය. ඇය කිවිඳෙක් හා නීතිවේදියෙකු ලෙසින් නම දැරෑ සොලොන්ගේ ඥාති පවුලක් බව කියැවේ. පෙරික්ටියොනෙගේ සහෝදරයා වූයේ චාරමිඩීස් ය. ඇය ක්‍රිටියාස්ගේ ඥාතිදුවක් වූවාය. චාර්මිඩිස් සහ ක්‍රිටියාස් යන දෙදෙනාම ප්‍රජා පීඩකයන් තිස්දෙනා අතර කැපී පෙනුනු චරිත දෙකකි. ප්ලේටෝ හැරෙන්නට ඇරිස්ටන් හා පෙරික්ටියොනෙ යුවලට තවත් දරුවන් තිදෙනෙක් වූහ. පුතුන් දෙදෙනා ඇඩෙයිමැන්ටෙස් සහ ග්ලවුකොන් වෙති. දියණිය පොටොන් නම් වූවාය. පොටොන්ගේ පුතා වූ ස්පිව්සිප්පස් ප්ලේටෝට පසුව ඔහුගේ ඇකඩමියේ මූලිකයා වූයේය.
 
ප්ලේටෝගේ පියා ඇරිස්ටන් ප්ලේටෝ කුඩා අවදියේ මිය යන ලදැයි සැලකේ. පෙරික්ටියොනෙ එවිට විවාහ වී ඇත්තේ පිරලිම්පීස් නම් ඇයගේ මවගේ සහෝදරයා සමඟ ය. පිරලිම්පීස් පර්සියන් රාජ්‍යයට යවන ලද තනාපතිවරයෙක් ලෙසින් කිහිප වතාවක් සේවය කරන ලද්දෙක් වූ අතර ඔහු එවක දාර්ශනිකයෙක් වූ පෙරික්ලීස්ගේ මිත්‍රයෙක් ද විය. පෙරික්ලීස් ඇතැන්ස් හි ප්‍රජාතන්ත්‍රවාදී කල්ලියේ නායකයා විය. පිරලිම්පීස්ට ප්‍රථම විවාහයකින් අතිශය රූමත් යැයි සැලකුණු පුතෙක් සිටියේය. ඔහුගේ නම ඩේමුස් විය. පිරලිම්පීස් සහ පෙරික්ටියොනෙගේ විවාහයෙන් පසු උපදින පිරලිම්පීස්ගේ දෙවැනි පුතා ඇන්ටිෆොන් වෙයි.
 
==තුරුණු විය==
 
තරුණ කාලයේ ප්ලෝටෝ ඉගෙන ගන්නට දක්ෂ හා කඩිසර වූ බව සඳහන් ය. ව්‍යාකරණ, සංගීතය හා ජිම්නාස්ටික් වැනි දෑ ඉගෙන ගන්නට ඇත්තේ එවක ගෞරවයට පාත්‍ර වූ ගුරුවරුන් වෙතින් යැයි සැලකේ. පූර්ව සොක්‍රටීස් දාර්ශනිකයෙකු ලෙසින් නම් දැරෑ හෙරක්ලයිටස්ගේ සිසුවෙක් වූ ක්‍රැටිලස් වෙතින් හෙරක්ලයිටස්ගේ දර්ශනය ප්ලේටෝ විසින් හැදෑරූ බව කියැවේ.
ප්ලේටෝගේ උප්පත්තිය පෙලපසීනියානු යුද්ධයේ මුල් අවදියේ සිද්ධ වූවකි. ඔහු ප්‍රජා පීඩකයන් තිස්දෙනාගේ පාලනයට සම්බන්ධව විසූ නොයෙකුත් දෙනාට ඥාති සබඳතා වලින් ද යුතු වූවෙකි. එසේම හේ රදළ පංතියට අයත් වූවෙකි. ඇතැන්ස් නගරය පරාජයට පත්වෙද්දී ප්ලේටෝ තුරුණු වියේ සිටියෙකි. ඔහු දුටුවේ පරාජයට හේතුව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමය කියායි. ඔහුගේ සමාජ තත්වය ද පවුල් සබඳතා ද ප්‍රජාතන්ත්‍රවාදය හෙළා දකින්නට හේතු වූවා යැයි සැලකේ. එසේම ඔහු ඉතා අගය කළ ගුරුවරයා වූ සොක්‍රටීස් ද මරණයට පත් කළේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් විසින් බැවින් ඔහු තුල ඒ ගැන ද අප්‍රසාදයක් තිබියා යැයි කිව හැකිය.
ප්ලේටෝගේ උප්පත්තිය පෙලපසීනියානු යුද්ධයේ මුල් අවදියේ සිද්ධ වූවකි. ඔහු ප්‍රජා පීඩකයන් තිස්දෙනාගේ පාලනයට සම්බන්ධව විසූ නොයෙකුත් දෙනාට ඥාති සබඳතා වලින් ද යුතු වූවෙකි. එසේම හේ රදළ පංතියට අයත් වූවෙකි. ඇතැන්ස් නගරය පරාජයට පත්වෙද්දී ප්ලේටෝ තුරුණු වියේ සිටියෙකි. ඔහු දුටුවේ පරාජයට හේතුව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමය කියායි. ඔහුගේ රදළ පසුබිමින් වූ ඉහළ සමාජ තත්වය ද පවුල් සබඳතා ද ප්‍රජාතන්ත්‍රවාදය හෙළා දකින්නට හේතු වූවා යැයි සැලකේ. එසේම ඔහු ඉතා අගය කළ ගුරුවරයා වූ සොක්‍රටීස් ද මරණයට පත් කළේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් විසින් බැවින් ඔහු තුල ඒ ගැන ද අප්‍රසාදයක් තිබියා යැයි කිව හැකිය.
 
සොක්‍රටීස්ගේ දර්ශනය සටහන්ගත වී ඇත්තේ ප්ලේටෝ අතින් නිසා ඒ සොක්‍රටීස්ගේ අදහස් වෙන්කර ගැනීම දුෂ්කර වූ කාර්යයකි.
Line 42 ⟶ 50:
 
ප්ලේටෝ සිය දර්ශනය ඉදිරිපත් කරන්නේ ඥාන විභාගය, සත්භාවවේදය, ආචාර ධර්ම හා රසඥානය යනාදියෙන් පාරභෞතිකව ලෝකය වටහා ගන්නා ආකාරයක් හැටියටයි. ප්ලේටෝ ට පසුකාලීන ව එන සියළු දාර්ශනිකයන් කරන්නේ මේ දර්ශනික සම්ප්‍රදායෙන් මිනිසා නැමති සිරකරුවා අන්ධකාරයෙන්, මායාවෙන් හා අසත්‍ය නැමති වහල් භාවයන් වලින් මුදවන්නට ගන්නා දාර්ශනික උත්සාහයන් යැයි සැලකේ.
 
==අවසන් කාලය==
 
ප්ලේටෝව වහල් සේවයට විකිණී බව ද කියැවේ. ඇතැන්ස් හා යුද වැදි නගරයක් වූ සෙරීන් හි දී මරණය හමුවේ සිටිය දී ප්ලේටෝ අගය කළ අයෙක් ඔහුව මිල දී නිදහස් කර හැරි බව ද කියැවේ. ප්ලේටෝගේ මරණය විවිධාකාරයෙන් සටහන් ගත වී ඇත. එක සටහනකට අනුව ඔහු සිය නිදි යහනේ මිය ගිය අතර ඔහු අසලින් තරුණ ත්‍රේසියන් කෙල්ලක් බටනලාවක් වැයූ බව කියැවේ. තවත් කතාවක කියැවෙන්නේ ඔහු විවාහ මංගල සාදයක දී මිය ගිය බවයි. එහෙත් ටර්ටූලියන්ට අනුව ප්ලේටෝ තම නිදි යහනේ මිය ගියේය.
 
==අධෝසටහන්==
Line 54 ⟶ 66:
* Great Dialogues of Plato, translated by W. H. D. Rouse and edited by E. H. Warmington and P. G. Rouse, New York: New American Library, 1956
* The Republic of Plato, translated by Allen Bloom, New York: Basic Books, 1968
* http://en.wikipedia.org/wiki/Plato
"https://si.wikipedia.org/wiki/ප්ලේටෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි