"ප්ලේටෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ග්‍රීසිය එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
21 පේළිය:
|}
 
මොහු '''ප්ලේටෝ''' ක්‍රි. පූ. 424427 - ක්‍රි. පූ. 347 අතර ජිවත්ජීවත් වූ ග්‍රීක දර්ශනවාදියෙකිදාර්ශනිකයෙකි. ඔහුගේ ගුරුවරයා වුයේ [[සොක්‍රටීස්]]ය. [[ඇරිස්ටෝටල්]] ඔහුගේ ශිෂ්‍යයාශිෂ්‍යයෙක් විය. මොහුහෙතෙම බටහිර ලෝකයේ වැඩිදුර අධ්‍යාපනයට පිහිට වූ ප්‍රථම ආයතනයේ එනම් "ද ඇකඩමි" හි පුරෝගාමියා විය. ප්ලේටෝගේඑහි දර්ශනයටදී වඩාත්ප්ලේටෝ ඉවහල්තමන් වුයේඅතින් ඔහුගේලියැවුන ගුරුවරයාටසිය සිදුගුරුවරයා වූ අසාධාරණ මරණයසොක්‍රටීස්ගේ පිළිබදසංවාද සිතීමයඉගැන්වීය. බටහිරප්ලේටෝගේ සංස්කෘතියදර්ශනයේ හාකොටස් සබැඳි දර්ශනවාදීකිහිපයකි. පදනමඔහු දමනුමනෝරාජ්‍යයක් ලැබුවේගැන මොහුයකීවේය. මොහුඑසේම සංකල්පවාදය ගණිතඥයකුදඉදිරිපත් වියකළේය. දර්ශනවාදිඅමරණීයත්වයට දෙබස්පක්ෂපාතී ලිවීමෙහිතර්කයන් ගෙන ආවේය. හේ දක්ෂයෙක්විශ්ව වියසම්භව ශාස්ත්‍රය ගැන කතාබහ කරන ලදි. ඇතන්ස්ඔහුගේ හිවිකල්පනය වූයේ ඥානය නම් ප්‍රත්‍යක්ෂ්‍ය නොව ඇකඩමියඅනුස්මෘතිය මොහුගේයැයි නිර්මාණයකිකියාය.
 
මොහුගේ හසල බුද්ධිය ඔහු ලියූ ලිපි, දෙබස් කථිකාවලින් මනාව පිළිබිඹු වෙයි. ඔහු ඇකඩමියේ කළ දේශනතුල අඩංගු විෂය පථය ඉතා පුළුල් විය. එහි දර්ශනය, තර්කණය, තපාය හා ගණිතය ඇතුලත් විය ඔහු 'ප්ලේටෝවාදය' නම් ගුරු කුලයට අයත් විය.
==තුරුණු විය==
 
ප්ලේටෝගේ උප්පත්තිය පෙලපසීනියානු යුද්ධයේ මුල් අවදියේ සිද්ධ වූවකි. ඔහු ප්‍රජා පීඩකයන් තිස්දෙනාගේ පාලනයට සම්බන්ධව විසූ නොයෙකුත් දෙනාට ඥාති සබඳතා වලින් ද යුතු වූවෙකි. එසේම හේ රදළ පංතියට අයත් වූවෙකි. ඇතැන්ස් නගරය පරාජයට පත්වෙද්දී ප්ලේටෝ තුරුණු වියේ සිටියෙකි. ඔහු දුටුවේ පරාජයට හේතුව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමය කියායි. ඔහුගේ සමාජ තත්වය ද පවුල් සබඳතා ද ප්‍රජාතන්ත්‍රවාදය හෙළා දකින්නට හේතු වූවා යැයි සැලකේ. එසේම ඔහු ඉතා අගය කළ ගුරුවරයා වූ සොක්‍රටීස් ද මරණයට පත් කළේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් විසින් බැවින් ඔහු තුල ඒ ගැන ද අප්‍රසාදයක් තිබියා යැයි කිව හැකිය.
 
සොක්‍රටීස්ගේ දර්ශනය සටහන්ගත වී ඇත්තේ ප්ලේටෝ අතින් නිසා ඒ සොක්‍රටීස්ගේ අදහස් වෙන්කර ගැනීම දුෂ්කර වූ කාර්යයකි.
 
==ප්ලේටෝගේ මනෝරාජ්‍යය==
 
ප්ලේටෝ අතින් ලියැවෙන සංවාද කෘති අතරින් වැදගත් වූවක් සේ සැලකෙන '''ජනරජය''' කොටස් තුනකින් සමන්විතය. එහි පළමුවැන්නේ පරමාදර්ශ පොදු රාජ්‍යයක් ගොඩ නැංවීම ගැන සංවාද වෙයි. ඉන්පසුව ලෝකයේ බිහිවෙන දාර්ශනික මනෝරාජ්‍යය සංකල්පයන් හි පටන් ගැන්ම මෙය සේ සැලකේ. ප්ලේටෝ එළඹෙන එක් නිගමනයක් නම් පාලකයා දාර්ශනිකයෙකු විය යුතුය යන්නයි. එහි කාණ්ඩ දෙකක් "දාර්ශනිකයා" විග්‍රහ කරනු පිණිස ඔහු උපකාරී කර ගනියි. ඊ ළඟට ජනරජයෙහි අවධානය යොමු වෙන්නේ විවිධ ආණ්ඩු ක්‍රම හා ඒවායේ හොඳ නරක පිළිබඳ සාකච්ඡා වලිනි.
 
'යුක්තිය' යන වචනය අර්ථය විමසන ප්ලේටෝ යුක්ති සහගත මිනිසා යන්න විමර්ශනයට වඩා යුක්ති සහගත රාජ්‍යය විමසිල්ල වඩා සුදුසු යැයි සිතයි. ප්ලේටෝ සිය ජනරජය ආරම්භයේ දී ම එහි වැසියන් පංති තුනකට බෙදයි. පොදු ජනයා, යුද හේවායන් සහ ආරක්ෂකයන් යනු ඒ කොටස් තුන වෙති. ප්ලේටෝ දේශපාලන බලය දෙන්නේ අවසන් කොටසට පමණි. එසේම ඔහුට අනුව ඒ අවසන් කොටස සෙසු පංති දෙකට වඩා අඩුවෙන් සිටිය යුතු යැයි ද කියයි. ආරක්ෂකයන් සඳහා ඔහු යෝජනා කරන්නේ කුඩා ගෙවල් හා චාම් ආහාර, කණ්ඩායමක් ලෙසින් ජීවත්වීමයි. පෞද්ගලික දේපල හා රන් රිදී අහිමිය යනාදිය ඔවුන්ට ප්ලේටෝ නිර්දේශ කරයි. ඔවුන්ගේ කැමැත්ත තම පංතියේ සැපත නොව මුළු රාජ්‍යයේ ම යහපත බැවින් ඔවුනට ධනවත් නොවූව ද ප්‍රීතිමත් නොවීමට හේතුවක් නැතැයි ප්ලේටෝ කියයි. යුද භටයන්ට ස්පාර්ටාවේ වැනි හැදියාවක් ඔහු යෝජනා කරයි. ළාබාල දරුවන් යුද වල දී සටන් නොකළත් ඔවුන් සටන් නැරඹිය යුතු යැයි හේ කියයි. ආරක්ෂකයන් විසින් යුද හේවායන් පුහුණු කළ යුත්තේ පොදු සමාජයේ අනිසි ලෙස හැසිරෙන අයව පාලනයටයි. ඒ නිසා යුද හේවායන් ද යම් දුරකට මුදල් භාවිතයෙන් ඈත් වී, දේපල අයිතියෙන් ද අහක් වී කඳවුරක වාසයෙන් කණ්ඩායම් සැදී ආහාර ගනිමින් ජීවත් විය යුතුය. සෑම දරුවෙකුට ම අධ්‍යාපනය අනිවාර්ය කරන ප්ලේටෝ එක හා සමාන වූ අධ්‍යාපනයක් ගැහැණු පිරිමි දෙගොල්ලන්ට ම නිර්දේශ කරයි. සංගීතය, ශාරීරික අභ්‍යාසයන් හා යුද ශිල්පය ද සුදුසු යැයි කියයි. සෑම අතකින් ම ස්ත්‍රීන් හා පුරුෂයන් සම්පූර්න සමාන තත්වයක් ලැබීම හේ අනුමත කරයි. එසේම ජනරජයේ නීති සම්පාදකයා වැසියන් අතරින් ආරක්ෂකයන් හා යුද හේවායන් තෝරා ගැනීමෙන් පසුව ඔවුන් පොදු නිවාස, පොදු භෝජන හි නිරත වෙද්දී සංවාසය පිණිස ද කිසිවෙකුට තනි අයිතියක් නොලැබේ යැයි හේ කීය. සංවාසය සඳහා ඉඩ ලැබෙන්නේ පාලකයන් විසින් තීරණය කරන අන්දමට ය. අංගල විකල දරුවන්ව රහසිගතව කිසිවෙකු නොදන්නා තැනක දමන්නට ද හේ යෝජනා කළේය. මව්වරු වයස විස්ස හා හතළිහ අතරත් පියවරු වයස විසිපහ හා පනස් පහත් අතර විය යුතු බව කියූ ප්ලේටෝ ඒ වයස් වලින් බැහැරව සංවාසය තහනම් නැති නමුත් එයින් උපදින දරුවන්ට ගබ්සාව හා බාල ඝාතනය පවා නිර්දේශ කළේය. දාර්ශනික රජු හොඳ හා නරක අතර වෙනස දන්නා හෙයින් ඔහු යහපත් පාලකයෙක් වේ යැයි ප්ලේටෝ කීය.
 
පරම රාජ්‍යයක පොදු වැසියන්ට සරල සංගීත වාදනයට ඉඩ දුන්න ද, දේශප්‍රේමි ගීත ගයන්නට ඉඩ දුන්න ද, කලාකරුවන් වැඩි කොටස රටින් පිටුවහල් කළ යුතු යැයි හේ නිර්දේශ කළේය. ඒ හේතු හතරක් නිසාය. පළමුවැන්න, කලාව යනු අනුකරණයක අනුකරණයකි. දෙවැන්න, කලාකරුවා කිසිත් නොදැන තමන් දන්නා බව හඟවන්නෙකි. තුන්වැන්න, පවිත්‍ර වූ තථ්‍යාතවය නොදකින්නට සංවේදයන් හසුරුවන කලා කෘති මිනිසාව රැවටීමකි. හතරවැන්න, කලා නිර්මාණ යනු එක්කෝ අනුරාගී වූවකි නැත්නම් ප්‍රචණ්ඩත්වයෙන් යුතු වූවකි. ඒ නිසා එයින් අරාජකත්වයට පාර හැදේ. ප්ලේටෝට අනුව හෝමර් පවා වාරණයට ලක්විය යුතුයි.
 
==ලෙන් උපමාව==
 
ගුහාවක නැතහොත් ලෙනක උපමාව යොදා සත්‍යය අවබෝධය විස්තර කරන්නට ඔහු උත්සාහයක් ගනියි. ඒ උපමාවට අනුව දිළිඳු වූවන් ගුහාවක සිර කරනු ලැබූවන්ට සමාන වෙති. මේ සිරකරුවන් බිත්තියට මුහුණ ලා යදම් ලා බැඳ ඇත්තහ. ඒ නිසා ඔවුනට දැකිය හැක්කේ එක පැත්තක් දිහා පමණි. තමන්ව හෝ තමන් සමඟ සිටිනා අනිත් අයව දැකීමට නොහැකිය. ඔවුන්ට පෙනෙන්නේ බිත්තියේ වැටෙනා සෙවනැලි පමණකි. ඔවුන් පිටුපසින් ගින්නකි. ඔවුන් හා බිත්තිය අතර කිසිවක් නැත. ඒ නිසා ඔවුනට පෙනෙනුයේ ගින්නෙහි ආලෝකය නිසා බිත්තියට වැටෙන ඔවුන්ගේ හා ඔවුන් පිටුපස ඇති දෑ වලින් වැටෙනා සෙවනැලි පමණකි. සෙවනැලි තථ්‍ය වූ දෑ සේ ඔවුන් සලකති. ඒවාට හේතු වූ වස්තූන් පිළිබඳ හැඟීමක් ඔවුනට නැත. සිරකරුවෙක් යදම් ගලවා ගෙන ගුහාවෙන් එළියට පැමිණි සිරකරුවා ප්‍රථම වරට තථ්‍ය දේ දකියි. එසේම තමා මෙතෙක් කාලයක් සෙවනැලි වලට රැවටී සිටි බව ද අවබෝධය ලබයි. ඔහු ආරක්ෂකයෙකු වීමට සුදුසු වූ අයෙක් නම්, එවැනි දාර්ශනිකයෙක් නම්, එවැන්නා තමන් සිටි ගුහාවට ගොස් තමා හා සිරකරුවන් වු අයට සත්‍යය පිළිබඳ ව කියා දීම යුතුකම යැයි සිතනු ඇත. එහෙත් ඒ සිරකරුවනට විස්තර පැහැදිලි කිරීම පහසු නොවේ. සූර්යාලෝකය දැක පැමිණි ඔහුට දැන් හිරුලප නිසා ඔවුනට තරම් පැහැදිලි ලෙසින් සෙවනැලි නොපෙනෙනු ඇත. එසේම ඔවුනට ඔහුව පෙනෙන්නේ ඔහු ගැලවී යාමට සිටියාටත් වඩා මෝඩයෙකු ලෙසිනි. එවිට ඔහු සිරකරුවන් ඉන්නේ සිර වී යැයි කියා ඔවුන් මුදවා ගන්නට ගියොත්, සෙවනැලි දකිමින් සහනයෙන් ගෙවූ මුලාවට බාධා කළා යැයි ඒ සිරකරුවෝ කෝප වනු ඇත. කෝපාවිෂ්ට වූවන් පිටතට ගොස් තථ්‍ය දැක ආ සිරකරුවාව මරන්නට ද ඉඩ ඇත.
 
ප්ලේටෝ සිය දර්ශනය ඉදිරිපත් කරන්නේ ඥාන විභාගය, සත්භාවවේදය, ආචාර ධර්ම හා රසඥානය යනාදියෙන් පාරභෞතිකව ලෝකය වටහා ගන්නා ආකාරයක් හැටියටයි. ප්ලේටෝ ට පසුකාලීන ව එන සියළු දාර්ශනිකයන් කරන්නේ මේ දර්ශනික සම්ප්‍රදායෙන් මිනිසා නැමති සිරකරුවා අන්ධකාරයෙන්, මායාවෙන් හා අසත්‍ය නැමති වහල් භාවයන් වලින් මුදවන්නට ගන්නා දාර්ශනික උත්සාහයන් යැයි සැලකේ.
 
==අධෝසටහන්==
Line 29 ⟶ 48:
[[Category:දර්ශනවාදීන්]]
[[ප්‍රවර්ගය:ග්‍රීසිය]]
 
 
==මූලාශ්‍ර==
* බටහිර දර්ශන ඉතිහාසය, බට්‍රන්ඩ් රසල්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 1970
"https://si.wikipedia.org/wiki/ප්ලේටෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි