"ලෙක්සින්ග්ටන් හා කොන්කෝර්ඩ් සටන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
42 පේළිය:
ඒ වැදගත් දිනය සහ වසර මතකයේ ඇති අයෙක්.."<ref>http://poetry.eserver.org/paul-revere.html</ref>
 
ඇමෙරිකන් මිලීෂියාවට තිබුනේ 'බ්‍රවුන් බෙස්' තුවක්කු, 'බ්ලන්ඩර්බස්' නම් වූ තුවක්කු සහ වෙනත් සොයාගත හැකි ඕනෑම අවියකි. ඔවුන් අතර ස්වේච්ඡාවෙන් සටන් වදින්නට ආ ගම්වැසියන් බොහොමය වගා කටයුතු වල හා වෙළඳ ව්‍යාපාරයන් හි නිරත වූ අයයි. මිලීෂීයාවට අමතර ව මිනිත්තුවක කාලයක දී සටනක් සඳහා සූදානම් විය හැකි පුද්ගලයන් වූ නිසා ඔවුනට 'මිනිත්තු මිනිසුන්' යැයි ද නමක් වැටී තිබුණි.
 
==ලෙක්සින්ග්ටන් සටන==
 
කොන්කෝර්ඩ් ගම බලා එන අතරතුරේ දී මේජර් පිට්කෙයර්න් යටතේ වූ රතු කෝට් හමුදාව ලෙක්සින්ග්ටන් හි දී මිලීෂියාව හා ගැටුණහ. මුළු රාත්‍රියක් ඔවුන් එනතුරු බලාගෙන සිටි ලෙක්සින්ග්ටන් මිලීෂීයාවට ඔවුන් දකින්නට ලැබෙන්නේ 1775 අප්‍රේල් 19 වැනි දා හිරු උදාවත් සමඟිනි. බක්මන් තැබෑරැමෙන් එළියට ආවේ මිලීෂීයාවේ අසූ දෙනෙකි. ගම මැද්දේ ඔවුන් පේලී ගැසි සිටිය දී පාර දෙපැත්තේ 40-100 ත් අතර අය සටන නැරඹුවා යැයි ද සඳහන් ය. මිලීෂීයාවේ නායකයා වූයේ ජෝන් පාකර් නැමති ප්‍රංශ ඉන්දියානු යුද්ධයේ සටන් වැදි පළ පුරුදු භටයෙකි. එහෙත් ඔහු ක්ෂය රෝගයෙන් පීඩා විඳියෙක් සේ ම කන් ඇසීමේ දුර්වලතාවයකින් ද පෙළුනෙකි. පේලි ගැසුන මිලීෂීයාවේ නව දෙනෙකුගේ වාසගම් වූයේ හැරින්ග්ටන් යැයි ද, හත් දෙනෙක් ඇතුළු එහි සාර්ජන්ට්වරයා ද මුන්රෝ යන වාසගමින් ද, පාකර් වාසගම ඇති හතර දෙනෙක් ද, ටිඩ් යන වාසගම ඇති තුන් දෙනෙක් ද, ලොක් නම් වාසගම ඇති තිදෙනෙක් ද, රීඩ් නම් වාසගම ඇති තිදෙනෙක් ද වී යැයි ද කියැවේ. එහි රැස් වී සිටි හතරෙන් එකක් යම් විදියකින් කපිතාන් වූ ජෝන් පාකර්ට යම් ඥාති සබඳතාවයක් තිබියෙන් පෙනෙන්නේ එය ඉතා කුඩා ගමක් වූ බවයි. ඔවුන් මිනිත්තු මිනිසුන් සංවිධානයට අයිති අය සේ සැලකුනේ නැත.
කොන්කෝර්ඩ් ගම බලා එන අතරතුරේ දී මේජර් පිට්කෙයර්න් යටතේ වූ රතු කෝට් හමුදාව ලෙක්සින්ග්ටන් හි දී මිනිත්තු මිනිසුන් හා ගැටුණහ. එහි දී ඇමෙරිකන් යටත්විජිත වැසියන් 18 දෙනෙකු මරුමුවට පත් වී සෙසු අය පළා ගියහ. එක් බ්‍රිතාන්‍ය සෙබලෙකු තුවාල ලැබූහ. එයින් දිරිගත් බල ඇණිය කොන්කොර්ඩ් බලා ගියේ නියෝගයේ ඉතිරි කොටස ක්‍රියාත්මක කරනු පිණිස ය. ලෙක්සින්ග්ටන් සටනින් පළා ගිය මිනිත්තු මිනිසුන් මහා මාර්ග වල ගමන් නොකර වතු පිටි මැද්දෙන් හා කැලෑව තුලින් ගමන් කර කොන්කෝර්ඩ් වැසියන්ව රතු කෝට් පැමිණෙන්නට පෙර අනතුරු අඟවා සූදානම් කරන්නට සමත් වූහ. ඔවුන් ගමෙන් සියළු ස්ත්‍රීන් හා දරුවන් ව ඉවත් කළහ. ලෙක්සින්ග්ටන් වලින් ආ මිනිත්තු මිනිසුන් කොන්කෝර්ඩ් අය හා එකතුව රතු කෝට් සොල්දාදුවන් පිළිගන්නට සූදානමින් සිටියහ.
 
ළඟට එද්දී තමන්ට වඩා වැඩි පිරිසක් බ්‍රිතාන්‍ය හමුදාවේ සිටි බව දැකි ජෝන් පාකර් තම ඥාතීන්ව සටනට බිලි දෙන්නට කැමති වූයේ නැත. යුද්ධයක් නිල වශයෙන් ප්‍රකාශ වී නොතිබි අතර කොන්කෝර්ඩ් ගමේ අවි ගබඩා සඟවා ඇති බව ද හේ දත්තේ ය. මීට කළින් ද මෙවැනි ගවේෂණ වලට බ්‍රිතාන්‍ය රතු කෝට් සොල්දාදුවන් පැමිණ අවි ආයුධ සොයාගත නොහැකිව හිස් අතින් ගිය බවත් හේ දත්තේ ය. ඒ නිසා ඔහු තම හමුදාව පේලි ගැසුවේ සටන් කරන්නට නොව තමන් ද ඉන්නා බව පෙන්වන්නට ය. "වෙනතක යන්න එපා; වෙඩි නොතැබුවොත් වෙඩි තියන්න එපා, ඒත් ඔවුන්ට ඕනෑ යුද්ධයක් නම්, ඒක පටන් ගන්නේ මෙතැන දී," යනුවෙන් ජොන් පාකර් කියන ලද බව අද එහි දකින්නට ඇති ස්මාරකයක කොටා ඇත.
 
එහි දී බ්‍රිතාන්‍ය හමුදාවේ අයෙක් (මේජර් පිට්කෙයාර්න් යැයි සැලකේ) අසිපත ලෙලවමින් ඉදිරියට එද්දී රැස් වූ සෙනඟට විසිර යන්න යැයි අණ දීමත්, අවි ආයුධ බිම තියන්න යැයි අණ දීමත් සමඟින් කපිතන් ජෝන් පාකර් තමන්ගේ මිලීෂීයාවට විසිර ගෙදර යන්න අණ දුන් බව කියැවේ. එහෙත් රැයක් පුරා අවදියෙන් එනතෙක් බලාගෙන සිටි හතුරාගේ ප්‍රමාණය නොදැක, නොසන්සුන් වූ මිලීෂීයා භටයන් ට ඔහු කියූව ඇසුනේ නැත. ටික දෙනෙක් හෙමිහිට විසිර ගියහ. එහෙත් කිසිවෙක් අවි බිම තැබුවේ නැත. පිට්කෙයර්න් සහ පාකර් දෙදෙනාම තම භටයන්ට වෙඩි නොතබන්න යැයි අණ දුන්නත් කවුදෝ තුවක්කුවක් පත්තු කළේය. එම පළමු උණ්ඩය ආවේ අවට රැස් වී බලා සිටි යටත්විජිත වැසියෙක් ගෙන් යැයි ද, තවත් වාර්තාවකට අනුව එය බ්‍රිතාන්‍ය හමුදාවේ අශ්වාරෝහක භටයෙක් ගෙන් යැයි ද කියැවේ. දෙපැත්තේ ම අය කිව්වේ එය ආවේ අනිත් පැත්තෙන් කියාය.
 
එහි දී ඇමෙරිකන් යටත්විජිත වැසියන් අට දෙනෙකු මරුමුවට පත් විය. දහ දෙනෙකු තුවාල ලැබූහ. එක් බ්‍රිතාන්‍ය සෙබලෙකු තුවාල ලැබූහ. කර්නල් ස්මිත් සමඟින් ආ බල ඇණියට වෙඩි වැදෙන සද්දය ඇසිණ. එහෙත් එවිට සටන අවසන් වී තිබිණ. යටත්විජිත මිලීෂීයාව විසිර ගියෙන් සටනේ ජයෙන් දිරිගත් බ්‍රිතාන්‍ය බල ඇණි දෙකම එකතු වී කොන්කොර්ඩ් බලා ගියේ නියෝගයේ ඉතිරි කොටස ක්‍රියාත්මක කරනු පිණිස ය.
 
==කොන්කෝර්ඩ් සටන==
 
කොන්කෝර්ඩ් ගම බලා එන අතරතුරේ දී මේජර් පිට්කෙයර්න් යටතේ වූ රතු කෝට් හමුදාව ලෙක්සින්ග්ටන් හි දී මිනිත්තු මිනිසුන් හා ගැටුණහ. එහි දී ඇමෙරිකන් යටත්විජිත වැසියන් 18 දෙනෙකු මරුමුවට පත් වී සෙසු අය පළා ගියහ. එක් බ්‍රිතාන්‍ය සෙබලෙකු තුවාල ලැබූහ. එයින් දිරිගත් බල ඇණිය කොන්කොර්ඩ් බලා ගියේ නියෝගයේ ඉතිරි කොටස ක්‍රියාත්මක කරනු පිණිස ය. ලෙක්සින්ග්ටන් සටනින් පළා ගිය මිනිත්තු මිනිසුන්මිලීෂීයාව මහා මාර්ග වල ගමන් නොකර වතු පිටි මැද්දෙන් හා කැලෑව තුලින් ගමන් කර කොන්කෝර්ඩ් වැසියන්ව රතු කෝට් පැමිණෙන්නට පෙර අනතුරු අඟවා සූදානම් කරන්නට සමත් වූහ. ඔවුන් ගමෙන් සියළු ස්ත්‍රීන් හා දරුවන් ව ඉවත් කළහ. ලෙක්සින්ග්ටන් වලින් ආ මිනිත්තු මිනිසුන් කොන්කෝර්ඩ් අය හා එකතුව රතු කෝට් සොල්දාදුවන් පිළිගන්නට සූදානමින් සිටියහ. යටත්විජිත මිලීෂීයාවේ නායකයා වූයේ කර්නල් ජේම්ස් බැරෙට් ය.
බ්‍රිතාන්‍ය හමුදාවේ 800 ක සොල්දාදුවන් කොන්කෝර්ඩ් ගමට පිවිසෙද්දී අනපේක්ෂිත හදිසි පහරට ගොදුරු වූයේ ඔවුන් ය. ගම වට ලා සැඟ වී සිටි මිලීෂීයාවට ඔවුන් වටකර ගන්නට හැකිවූහ. ගෙවල් තුලින් හා වැටවල් අයිනේ රැඳී සිටි යටත්විජිත මිලීෂීයාව ඔවුනට වෙඩි තැබූහ. එය ඇමෙරිකන් නිදහස් අරගලයේ මුල් ම සටන විය. එහි ජය ඇමෙරිකානුවන්ට ලැබිණ.
 
බ්‍රිතාන්‍ය හමුදාවේ 800 ක සොල්දාදුවන් කොන්කෝර්ඩ් ගමට පිවිසෙද්දී කර්නල් ස්මිත් හමුදාව දෙකකට වෙන් කළේ හමුදාපති ගේජ් වෙතින් ලැබි අණ ක්‍රියාවට නංවනු පිණිස ය. දහ වැනි රෙජිමේන්තුව දකුණු පාලම ආරක්ෂා කළේ කපිතාන් මුන්ඩි පෝල් යටතේ ය. කපිතාන් පාර්සන්ස් යටතේ සේනා හතක් විය. එහි සොල්දාදුවන් සියයක් පමණ වූහ. ඔවුන් උතුරු පාලම ආරක්ෂා කළහ. උතුරු පාලමෙන් ඔබ්බෙහි වූ අවි ආයුධ සඟවා ඇතැයි ඔත්තුව ලැබුණු බැරෙට්ගේ ගොවිපොළ වෙත කපිතාන් පාර්සන්ස් සේනා හතරක් රැගෙන ගියේය. සේනා දෙකක් මාර්ගය ආරක්ෂාවටත්, තවත් සේනාවක් පාලම ආරක්ෂාවටත් යෙදවිණ. ඒවා වූයේ එතරම් යුද අත්දැකීමක් නොතිබි කපිතාන් වෝල්ටර් ලෝරී යටතේ ය. තමන් වටලා සිටිනා බව දැනගත් කපිතාන් ලෝරී කර්නල් ස්මිත් වෙත පණිවුඩයක් යැව්වේ තව පිරිසක් අවශ්‍ය යැයි කියාය.
 
කොන්කෝර්ඩ් හි ඒෆ්‍රහයිම් ජෝන්ස්ගේ තැබෑරුමට පිවිසි රතු කෝට් හමුදාවට එහි භූමියේ වළලා තිබූ කාල තුවක්කු සොයා ගත හැකි විය. ඒවා විනාශ කර දමන්නට ඔවුන් සමත් වූහ. තුවක්කු සවිකරන ගැල් වලට ගිනි තබද්දී අහලක වූ රුස්වීම් ස්ථානයක් ද ගිනිබත් විය. සොල්දාදුවන් එහි ගිනි නිවන්නට ද සහාය දුන් බව කියැවේ. යටත්විජිත වැසියන් පිටි බැරල් සියයක් හා ලුණු දමන ලද මස් සමඟින් මස්කට් තුවක්කු සඳහා වූ රාත්තල් පන්සිය පනහක වෙඩි උණ්ඩ ද බ්‍රිතාන්‍ය හමුදාවට සොයාගත නොහැකි වන පරිදි අවට පොකුණකට හලන ලද බව සඳහන් ය. බ්‍රිතාන්‍ය හමුදාවට සොයාගත හැකිවූයේ කාල තුවක්කු පමණි. ඔවුන් ඉතා විනීතව හැසිරී තැබැරූම් වලින් ආහාර පාන ගෙන ඒවායේ බිල්පත් ගෙවූ බව ද කියැවේ.
 
කර්නල් ජේම්ස් බැරෙට් යටතේ මිනිත්තු මිනිසුන් වෙතින් සෑදුන කණ්ඩායම් පහක් ද, මිලීෂීයාවෙන් හැදි කණ්ඩායම් පහක් ද ඇක්ටන්, කොන්කෝර්ඩ්, බෙඩ්ෆර්ඩ් සහ ලින්කන් නම් ගම්මාන වලින් එකතු වී සිටියහ. යටත්විජිත කැරලිකරුවන්ට හාරසියයක් පමණ පිරිසක් සිටියහ. පාලම ආරක්ෂා කරන කපිතන් ලෝරීට වූයේ 90-95 ක පිරිසකි. කර්නල් බැරෙට් තම මිලීෂීයාවට කියා තිබුනේ තමන් පළමුවෙන් වෙඩි නොතියන්නට කියාය. ඔවුන් පෙරගමන් එද්දී කපිතාන් ලෝරී ඇතුළු පිරිස තමන්ගේ සහායට බ්‍රිතාන්‍ය හමුදාව නොඑන බව දැක පළා යන්නට පටන් ගති. බ්‍රිතාන්‍ය හමුදාවේ එක සොල්දාදුවෙක් පාලමේ ලීයක් ගැලවූයේ යටත්විජිත අයගේ පෙරගමන් වළකාලනු පිණිස ය. එහෙත් තමන්ට දේපල හානියක් නොකරන්න යැයි අණක් ලැබී නිසා මේජර් බට්‍රික් ඔවුනට එය කරන්නට එපා යැයි හඬ ගෑවේය. මෙහි දී අනපේක්ෂිත වැටලීමට ගොදුරු වූයේ ඔවුන් ය.
 
මෙවර මුල් වෙඩි පහර වැදුනේ බ්‍රිතාන්‍ය හමුදාවේ විඩාවෙන් තැතිගත් සොල්දාදුවෙක් වෙතින් යැයි කිසිත් සැකයක් නැතිව සටහන් කරන්නේ කපිතාන් ලෝරී විසින්ම ය. ඔහුට නවත්වා ගන්නට නොහැකි වූ වෙඩි පහරවල් හුවමාරු විය. ඇක්ටන් වලින් පැමිණි මිනිත්තු මිනිසුන් දෙදෙනෙක් වූ ඇබ්නර් හොස්මර් සහ අයිසැක් ඩේවිස් දෙදෙනා තුවාල ලැබ එසැණින් මරණයට පත්වූහ. මුහුණට මුහුණ ලා සිටි ඔවුන් අතර පරතරය යාර පනහක් (මීටර 46) පමණ වෙද්දී ඔවුන් සටන් වැදෙන්නට පටන් ගත්හ. තමනට වඩා වැඩි පිරිසක් සිටිනා බවත්, තම හමුදා නායකයන් සටන මෙහෙයවන දුර්වල ආකාරයත් දුටු බ්‍රිතාන්‍ය සොල්දාදුවන් කලබල වී තුවාල ලැබුවන් ද දමා පළා ගියහ.
 
කපිතාන් ලෝරී විසින් තව පිරිස උවමනා යැයි එවන ලද පණිවිඩය ලුතිනන් කර්නල් ස්මිත් වෙත ලැබෙන්නේ ඒ අවස්ථාවේ දී ය. ඔහුට පළාතේ හුවමාරු වූ වෙඩි හඬ ද ඇසුණි. සිය සේනාංක දෙක රැගෙන ඔහු ද උතුරු පාලම වෙත ආවේය. මඟ දෙපස පළා යන සේනාංක ඔවුනට දැක ගන්නට හැකිවිණ. මිනිත්තු මිනිසුන් පෙළ ගැසී සිටිනා බව දැක ලුතිනන් ස්මිත් තම පෙරගමන නැවැත්වීය. තම නිලධාරීන් කිහිප දෙනෙක් සමඟින් තතු විමසන්නට ගිය ඔහු හා නිලධාරීන් සියල්ලන්ටම වෙඩි තබන්නට හැකි දුරක මිලීෂීයාව සිටියහ.
 
මේ අතරේ දී බැරෙට් ගොවිපළේ අවි ආයුධ හොයන්නට ගිය පිරිස හිස් අතින් ආපසු පැමිණියහ. ඔවුන්ට ද දැකගත හැකිවූයේ පාලම උඩ මියගිය හා තුවාල ලත් තම හමුදාවේ අයයි. උදෑසන 11:30 වෙද්දී ඔවුන් සටන් බිමෙන් පසුබැස ගොස් යටත්විජිත වැසියන් අතර අවි ආයුධ ඇත්දැයි සොයා බලා, දිවා ආහාරය රැගෙන, එක් රුස් වී කොන්කෝර්ඩ් ගමෙන් එදින දහවල් දොළහට පිටත් වී ගියහ. ඔවුන් පිටත් වී යෑමට එසේ කල් ගැනීම නිසා මිලීෂීයාවට අවට ගම්මාන වලට ඔවුන් එන බව දැනුම් දෙන්නට හැකියාව ලැබිණ.
 
කොන්කෝර්ඩ් සිට ආපසු ලෙක්සින්ග්ටන් යන මාර්ගයේ මිලීෂීයා භටයන් පන්සියයක් කැළෑ තුල පෙළ ගැසී සිටියහ. ලුතිනන් කර්නල් ස්මිත් විසින් ඉදිරියෙන් යවන ලද භටයන් දැක මිලීෂීයාව පළා ගියේ නැත. මඟ දිගට බ්‍රිතාන්‍ය හමුදාවට පහර වැදිණ. ඉදිරියෙන් වූ තවත් ගස්, ගල් හා කැලෑවකින් යුතු පෙදෙසක මිලීෂීයා මිනිසුන් දෙසියයක් පෙල ගැසී සිටියහ. ඉදිරියට යන බ්‍රිතාන්‍ය හමුදාවට ඔවුන් පහර දෙද්දී, පිටුපස්සෙන් ඔවුන් හඹා ආවේ කොන්කෝර්ඩ් මිලීෂීයාවයි. මිලීෂීයා සංඛ්‍යාව එවිට දී දෙදහසක් දක්වා ඉහළ ගොස් තිබිණ.
 
පසු දා උදෑසන වෙද්දී බොස්ටන් නගරය අවට නොයෙක් පෙදෙස් වලින් පැමිණි පසළොස් දහසක මිලීෂීයා හමුදාවකින් වටලා තිබිණ. ඇමෙරිකන් නිදහස් අරගලයේ යුද්ධ පටන් ගැනිණ.