"ප්‍රකාශ තන්තු සන්නිවේදනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ප්‍රකාශ තන්තු]]වක් හරහා එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට තොරතුරු සම්ප්‍රේෂනය කිරීමේ ක්‍රියාවලිය ප්‍රකාශ තන්තු සන්නිවේදනයලෙස හැඳින්වේ. මෙහිදී තොරතුරු [[මූර්ජනය]] කිරීම සඳහා භාවිතා කරනුයේ ප්‍රවාහක [[විද්‍යුත් චුම්භක තරංග|විද්‍යුත් චුම්භක තරංගය]]කි. එය [[අධෝරක්ත]] හෝ [[දෘශ්‍ය තරංගයක්]] විය හැකිය. විදුලි යොත් හරහා කරනු ලබන සංනිවේදනයට වඩා මෙහි ඇතුඇති විශේෂ වාසි නම්, නිරෝධනයට ලක් වීමේ හැකියාව ඉතා අවම වීම සහ ක්ෂය වීම අවම වීමයි. එමනිසා තඹ භාවිතා කල විදුලි යොතකට වඩා වැඩි දුරකට හානියකින් තොරව තොරතුර සම්ප්‍රේශනය කල හැකිය. දිගු දුර දත්ත සන්නිවේදනය සඳහා ප්‍රකාශ තන්තු භාවිතය අතිශය ජනප්‍රිය එබැවිනි. මෙහි ඇති අවාසිය වන්නේ ස්ථාපනය කිරීම අපහසු වීම සහ මෙකී ප්‍රකාශ තන්තු කේබල සහ උපාංග මිල අදික වීමයි.
[[ගොනුව:ප්‍රකාශ තන්තු කේබල් සබඳතාවයක්.jpg|thumb|right|200px| ප්‍රකාශ තන්තු ‍රැහැන් රව්ටරයකට සම්බන්ධ වී ඇති ආකාරය. මෙහි තැඹිලි පැහැයෙන් ඇත්තේ තනි ආකාර තන්තු (Single-Mode Fiber(SMF)) වේ.]]
 
==ඉතිහාසය==
ප්‍රකාශ තන්තු පිලිබඳ මූලික අදහස 1942 දී පමණ ඇති වුවත් ප්‍රකාශ තන්තු සන්නිවේදනයේ මූලික අඩිතාලම දැමුවේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් සහ ඔහුගේ සඟයා වූ චාල්ස් සම්නර් විසින් බව පොදුවේ වන පිලිගැනීමයි. මෙහිදී ප්‍රකාශ තන්තු භාවිතා නොකෙරුන නමුත් ඔවුන් නිපද වූ ෆොටෝෆෝන් නම් උපකරණයේ පාරනායකය ලෙස ප්‍රකාශ ඇටවුමක් සකස් කිරීම ආලෝකය දත්ත සංනිවේදනය සඳහා භාවිතා කිරීමට යොදාගත හැකිය යන මූලික අදහස ලොවට දැනෙන්න ගත්තේ ඉන් පසුවය. ප්‍රකාශ තන්තු සාර්ථකව නිපදවන ලද්දේ 1970 දී කෝර්නිං ග්ලාස් වර්ක්ස් නම් ආයතනය විසිනි. එහිදී 20 db/km ශක්ති හානියක් සහිතව තොරතුරු යැවීමට ඔව්නට හැකියාව ලැබිනි.
"https://si.wikipedia.org/wiki/ප්‍රකාශ_තන්තු_සන්නිවේදනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි