"මෛත්‍රී බුදුරජාණන් වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
11 පේළිය:
 
මෙසේ පැවිදි දිවිය ගත කරන උන්වහන්සේට දිනක් ඉතා වටිනා සිවුරු දෙකක් පූජා පිණිස ලැබුණි. උන්වහන්සේ එම සිවුරු දෙක තම ප්‍රයෝජනය පිණිස නොගෙන, බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගන්ධ කුටියේ වියනක් සාදා බුදුරජාණන් වහන්සේට පූජා කරති. එකල්හි බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේට අවසන් වරට නියත් විවරණ දීම සිදු කරයි.
 
==මෙලොව පහළ වීම==
සියලුම පාරමිතා පුරා අවසන් වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ වන විට වාසය කරන්නේ තුසිත දිව්‍ය ලෝකයේය. එය සියළුම බුදුරජාණන් වහන්සේලාට පොදු වූ ධර්මතාවයකි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නැවත මෙලොව උත්පත්තිය ලබන්නේ මිනිස් ආයුෂ අසූ දහසක් වන කල්හිය.
 
එකල්හි බරණැස් නුවර ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ කේතුමතී නම් නගරයක් වන්නේය. සංඛ නම් වූ සක්විති රජ කෙනෙක් ඒ නගරය පාලනය කරන්නේය. ඔහුට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසන කරන සුබ්‍රහ්ම නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටින්නේය. එකල්හී සුබ්‍රහ්ම නම් බමුණාට දාව බ්‍රහ්මවතී බැමිණියගේ කුස තුල මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැබ්ගනී.
"https://si.wikipedia.org/wiki/මෛත්‍රී_බුදුරජාණන්_වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි