"මෛත්‍රී බුදුරජාණන් වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
2 පේළිය:
 
==අවසන් වරට නියත විවරණ ලැබීම==
මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අවසන් වරට [[නියත විවරණ]] ලබන්නේ [[ගෞතම බුදුරජාණන් වහන්සේගෙන්ය]]. එලෙස අවසන් වරට [[නියත විවරණ]] ලැබීමත් සමඟම උන්වහන්සේගේ [[පාරමිතා]] පිරීම අවසන් වන අතර [[බුද්ධත්වය]] ලැබීම සඳහා කල යුතු සියලුම කෘත්‍යයන් ඉටු කර අවසන් වේ.
 
[[ගෞතම බුදුරජාණන් වහන්සේගේවහන්සේ]]ගේ මව වූ [[මහමායා]] දේවිය මිය යෑමෙන් පසුව උපත ලබන්නේ තව්තිසා දිව්‍ය ලෝකයේ මාතෘ දිව්‍ය රාජයා නමිනි. [[බුදුරජාණන් වහන්සේ]] බුදු වී සත්වැනි වස් කාලය ගත කරන්නේ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්ට [[අභිධර්මය]] දේශනා කරමිනි.
 
වස් තුන් මාසය අවසන් වූ පසු උන්වහන්සේ "[[දේවාවරෝහණය]]" (දෙවියන්ගේ පෙරහරින් වැඩම කිරීම )ලෙස නම් කරන ඒ උත්සව දිනයේදී දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම කලේය. මෙහිදී [[බුදුරජාණන් වහන්සේ]] දෙව්ලොව සිට මිහිමතට පා තැබුවේ රන් හිණිමඟකිනි.
 
එකල මෛත්‍රී බෝධිසත්වයෝ සංකස්ස පුරයේ සිරිවඩ්ඪන නම් කෙළෙඹි පුත්‍රයකුව සිටින්නාහ. දේවාවරෝහණ අවස්ථාවේ සිදුවන [[ගෞතම බුදුරජාණන් වහන්සේගේවහන්සේ]]ගේ සහ [[සැරියුත් මහ රහතන් වහන්සේගේවහන්සේ]]ගේ විචිත්‍ර ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන ඔහු සියලු ගිහි සැප සම්පත් හැර දමා ගෞතම බුද්ධ ශාසනයේ මහණ වන්නේය.
 
මෙසේ පැවිදි දිවිය ගත කරන උන්වහන්සේට දිනක් ඉතා වටිනා සිවුරු දෙකක් පූජා පිණිස ලැබුණි. උන්වහන්සේ එම සිවුරු දෙක තම ප්‍රයෝජනය පිණිස නොගෙන, බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගන්ධ කුටියේ වියනක් සාදා බුදුරජාණන් වහන්සේට පූජා කරති. එකල්හි බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේට අවසන් වරට නියත් විවරණ දීම සිදු කරයි.
"https://si.wikipedia.org/wiki/මෛත්‍රී_බුදුරජාණන්_වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි