"සම්මා සම්බුදුවරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
38 පේළිය:
 
*3. '''දීඝංගුලිතා'''
 
පාලියේ දී මහාපුරුෂ ලක්‍ෂණ පාදයෙහි පටන් හිස දක්වා ආරෝහණ ක‍්‍රමයට සංග‍්‍රහ වී ඇත. ලලිත විස්තරය වැනි ඇතැම් සංස්කෘත ග‍්‍රන්ථවල ඉසේ සිට පාදය දක්වා අවරෝහණ ක‍්‍රමයට විස්තර ඉදිරිපත් කරයි. පජ්ජමධුවේහිදී ‘පාදම්බුජම්බු’ යනුවෙන් ශරීරයේ පහළ කොටසට අයත් ලක්‍ෂණ අතරට එය ඇතුළත් කර ඇත. පජ්ජමධුවේ පළමු ගාථාවෙන්ම ශ්‍රී පාදය පියුමකටද, ඇඟිලි පියුම් පෙතිවලට, නිය අමෘතය මෙන්ද, වර්ණනා කර ඇත. ශ්‍රී පාදයෙහි දිගු වූ ඇඟිලි මහාපුරුෂ ලක්‍ෂණයක් ලෙස ලක්ඛණ සූත‍්‍රයේද විචරිතය.
 
*4. '''ආයතපණ්හිතා'''
 
බුදුන්වහන්සේගේ පාදය දීර්ඝ හා පරිපූර්ණ විලුම් ඇති බව මෙයින් විවරිතය. බුදුන්වහන්සේගේ විලුඹ දිගය. පරිපූර්ණය. ශ්‍රී පාදයේ කොටස් අතරට බෙදුව හොත් එයින් කොටස් දෙකක් යටි පතුළ හා ඇඟිලි සඳහා වෙයි. තෙවෙනි කොටස කකුලෙන් පුරුකෙන් වැසී ඇති අතර සිව්වෙනි කොටස පසු පසට නෙරා ගිය විලුඹකින් බුදුරදුන්ගේ දික් වූ විලුඹ ඇත්තේ වෙයි.
 
*5.''' බ්‍රහ්මුජ්ජුගත්තතා'''
 
බ‍්‍රහ්මයාගේ බදු සෘජු ශරීරයක් ඇතිබව යනු මෙම ලක්‍ෂණයේ ස්වභාවයයි. ගෞතම බුදුන්වහන්සේගේ බ‍්‍රහ්මරූපී වර්ණයෙන් යුතු සෘජු විශිෂ්ට රූප කාය සම්පත්තියකින් බුදුන්වහන්සේ හෙබි වූ බැව් මෙම ලක්‍ෂණය පිළිබඳ විවරණයන්ගෙන් පැහැදිලි කෙරේ. ශ්‍රේෂ්ඨත්වය, පරිපූර්ණත්වය වැනි අර්ථ දීම සඳහා බෞද්ධ පාරිභාෂික වචන මාලාවට “බ‍්‍රහ්ම” යන්න ඇතුළත් කරමින් බුදුරදුන්ගේ සෘජු හා පරිපූර්ණ ශරීරය අදහස් කිරීම් වස් බ‍්‍රහ්මුජ්ජුගත ලක්‍ෂණය ඇතුළත් කරන්නට ඇත.
දිග ඇඟිලි ඇති බව ද, දිග විලුඹ ඇති බව ද කෙළින් පිහිටි ශරීර ඇති බව ද යන මේ ලක්ෂණත්‍රය පහළ වූයේ පෙර ජාතිවල ප්‍රාණවධයෙන් හා සත්ව හිංසාවෙන් ද තොරව සියලු සත්ත්වයන්ට හිතානුකම්පීව විසීම නිසාය.
 
බුදු දහම පිළිපදින බෞද්ධයෙකුගේ ලක්ෂණය බොහෝ සූත්‍රවල සඳහන් වන්නේ “සබ්බපාණභූතහිතානුකම්පී විහරති” යනුවෙනි. බුද්ධත්වයට පත්වූ පසුත් සසර පුරුදු පරිදි ඒ සමාන කර්ම කිරීමට හා කරවීමට රුචි විය. එහි විපාක වශයෙන් දීර්ඝායුෂ ඇත්තේ ද, සතුරන් විසින් නොනැසිය හැක්කේ ද වේ. මෙහි ‘බ්‍රහ්ම’ ශබ්දය යෙදී ඇත්තේ ශ්‍රේෂ්ඨාර්ථයෙහි ය.
Line 54 ⟶ 60:
 
*7. '''මුදු තලුණ හත්ථපාදතා'''
 
තථාගතයන් වහන්සේගේ අත් පා තල පිළිබඳ මෘදු මොළොක් බව ප‍්‍රකාශ කෙරෙන ලක්‍ෂණය මෙයයි. උන්වහන්සේගේ අතුල්පතුල් තල සියක්වර පොළා ගිතෙල් බඳුනක බහාගත් කපු පුළුනක් මෙන් මෘදුය. වයසට පත්කලද එකෙණෙහි උපන් ළදරුවෙකුගේ මෙන් ඒවා මෘදුය. මෘදු මොළොක් අතුල් පතුල් ඇත්තේ ද වේ.
 
*8. '''ජාලහත්ථපාදතා'''
 
Line 61 ⟶ 70:
 
*9. '''උස්සංඛපාදතා'''
 
බුදුරජාණන් වහන්සේගේ උස් වූ වළලු කරක් ඇති බව කියවෙන අතර මේ පදයට විවිධ අර්ථකථන ඉදිරිපත් කිරීම නිසා එක් එක් සම්ප‍්‍රදායකින් විපරීත ආකාරයන්ගෙන් අවබෝධ කොට ගෙන ඇති බුදුන් සතු මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් එකක් වූ මෙය උඩට පිහිටි ගොප් ඇටය සහිත පා, බොලට පා, නිය වන බව ශබ්ද කෝෂයන් පෙන්වා දෙයි.
 
පාද තලයෙහි දිගින් හරි මැද වළලු කර පිහිටියේ ය. සෙස්සන්ගේ බොලට හෙවත් ගොප් ඇටය උඩු පතුළෙන් මතු පිටට නෙරා තිබේ. එහෙයින් එය ස්තරය, තදය, පහසුවෙන් නැමිය හැකි නොවේ. එසේම යටි පතුළ දිස් නොවේ. බුදුන්වහන්සේ ගමන් කරන විට උඩු කය චලනය නොවේ. එය රන් පිළිමයක් මෙන් නිසලය. යටිකය පමණක් චලනය වේ. කුමක් නිසාද යත්, උන්වහන්සේගේ වළලු කර සන්ධිය එතරම් සුඛනම්‍ය හෙයිනි. මෙබඳු සුඛනම්‍ය, උස්ව මතු වී පෙනෙන වළලුකරයක් ඇති හෙයින් උන්වහන්සේ උස්සඬ්ක පාද ලක්‍ෂණයෙන් යුක්ත වේ.
 
*10. '''උද්ධග්ගලොමතා'''
 
Line 91 ⟶ 105:
*14. '''කොසොහිතවත්ථගුය්හතා'''
 
බුදුරජාණන් වහන්සේ පෙර ජාතිවල අසමගිව ඈත්ව විසූ නෑදෑ හිත මිතුරන් සමගි කිරීම හා එයින් සතුටු වීම නිසා කෝෂය හෙවත් රන් කෙමියක් වැනි කොපුවක් තුළ සැඟවුණු පුරුෂ ඉන්ද්‍රිය ඇති ලක්ෂණය පහළ විය.
 
එහි කුශල විපාක වශයෙන් ප්‍රතිවාදීන් මැඩ පැවැත්වීමට සමත් පුත්‍රයන් හෝ බුද්ධඝෝෂ, නාගසේන වැනි වාදයෙහි දක්ෂ ශිෂ්‍යයන් ඇති වේ. මෙම ලක්ෂණය හස්තීන්ගේ හෝ ගවයින්ගේ දක්නට ලැබේ.
Line 98 ⟶ 112:
 
*15.''' නිග්‍රෝධපරිමණ්ඩලතා'''
 
නිග්‍රෝධ වෘක්‍ෂයක පරිධිය බුදුරජාණන් වහන්සේගේ ශරීරය හා තුලනය කිරීම මෙයින් සිදුකෙරේ. මෙම ලක්‍ෂණය විවරණය කරන අටුවාව ශරීරයේ ප‍්‍රමාණය නිග්‍රෝධ රුකෙක සම්මිතිය හා සමාන බවත් දෑත දෙපසට විදහූ කල දැක්වෙන පරිධිය උස ප‍්‍රමාණයට සමාන බවත් කියයි. මේ ලක්‍ෂණ මඟින් පුද්ගලයෙකු සතු ශ්‍රේෂඨ චර්යාව හඟවන්නට ඇති බවත් ආරෝහ, පරිණාහ සම්පත්තියෙන් ආඪ්‍ය මනුෂ්‍ය ශරීරාකෘතියක් පිළිබඳ හැඟීම මෙයින් ප‍්‍රකාශ කරන්නට ඇති බවත් සිතිය හැකි ය.
 
*16. '''ආජානුලම්බීහත්ථතා'''
 
Line 107 ⟶ 124:
 
*17. '''සීහපුබ්බද්ධකායතා'''
 
බුදුන්වහන්සේගේ ශරීරයෙහි ඉදිරි අර්ධය සිංහයාගේ බඳු ය. යන ලක්‍ෂණය මෙයින් අර්ථවත් වේ. තථාගතයන් වහන්සේ “සිංහ” යන විශේෂ නාමයෙන් ද හඳුන්වනු ඇත. බුදුන්වහන්සේගේ දෛනික චර්යාවද සිංහ චර්යාවටම සමාන කරන අතර බුදුන්වහන්සේ සැතපීම ද, සිංහ ස්‍යෙයාව නමින් හඳුන්වා ඇත. සීහපුබ්බද්ධකාය විස්තර කරන අටුවාව බුදුරදුන්ගේ ශරීරය සිංහයාගේ උඩුකයේ කොටසට සමාන වන හෙයින් “සීහපුබ්බද්ධකාය” නමින් හඳුන්වයි.
 
*18. '''චිතංසරාසතා'''
 
බුදුරජාණන් වහන්සේගේ උරස්ථල අතරෙහි රැලි නැති ලක්‍ෂණය මෙයින් කියැවේ. මසින් පිරුණු පිටිකර ඇති බව පෙලෙහි මෙම ලක්‍ෂණය සඳහන් කරන ආකාරයයි. මෙම ලක්‍ෂණය විවරණය කරන අටුවාව “අන්තරංස” යනු දෙවුර අතර කොටසයි. එහි නොඅඩුව පිරුණු දෙවුර අතර කොටස “චිතන්තරංස” යැයි කියයි. ‘කනක සංකම සන්නිකාසා’ යනුවෙන් බුදුරදුන්ගේ පිට පුළුල් බවත් මුළු සිරුර රන්වන් හෙයින් පිට ද රන්වන් බැවින් රන් පාලමක් සෙයින් පුළුල්ව පවතින බව චිතන්තරංස ලක්‍ෂණය විවරණය කරන පජ්ජමධුව දක්වයි. දුරදුන්ගේ උරස්ථලය ඉන්ද්‍රනීල මාණික්‍ය වර්ණ වූ වළලු මෙන් ඇතුළට නැමුණු අග ඇති රෝම පන්තීන්ගෙන් යුක්ත බවත් එහෙයින් ශ්‍රී කාන්තාවගේ කී‍්‍රඩා පිණිස සාදන ලද රන් දූ පෝරුවක් වැනි යැයි ද එහි විස්තර කෙරේ.
 
*19. '''සමචත්තක්ඛන්ධතා'''
 
Line 121 ⟶ 144:
 
*21. '''අභිනීලනෙත්තතා'''
 
#22. '''ගොපඛුමතා'''
බුදුරජාණන් වහන්සේගේ අතිප‍්‍රබල වර්ණයෙන් යුක්ත නේත‍්‍රයුග්මය මෙම ලක්‍ෂණයෙන් ප‍්‍රකාශිතය. බුදුන්වහන්සේගේ නේත‍්‍ර යුග්මය සිත්කළු වන බව මේ ලක්‍ෂණය පිළිබඳ පැහැදිලි කරන පජ්ජමධුව කියයි. බුදුරදුන්ගේ නෙත් නීලවර්ණ වුවමනා විට දිය බෙරලිය මල් වැනි ඉතා පිරිසුදු නිල් පැහැයෙන් ද, රන්වන් වුවමනා විට කිණිහිරිය මල් වැනි රන් පැහැයෙන්ද, රතුපාට වුවමනා තැන බඳුවද මල් වැනි රන්පැහැයෙන්ද, සුදු වුවමනා තැන තාරකාමෙන් සුදු පැහැයෙන් ද, කළු වුවමනා තැන රුක්පෙණෙළ ඇට වැනි ඉතාපිරිසුදු කළු පැහැයෙන් ද බබළයි.
 
#*22. '''ගොපඛුමතා'''
 
දියබෙරලිය මලක් මෙන් ඉතා නිල් වූ ද, රන්වන් රතු සුදු කළු පැහැ උවමනා කල්හි ඒ ඒ පැහැයන් ඇති පිරිසිදු පස් පෑ දිස්නා ඇස් ඇති බව, උපන් කෙණෙහි වස්සෙකුගේ බඳු ඉතා ප්‍රසන්න ඇස් ගුළි ඇති බව යන ලක්ෂණ පහළ වූයේ පෙර ජාතිවල ද්වේෂයෙන් අනුන් පෙළීම් රවා බැලීම් නොකොට, සෘජු සිතින් පි‍්‍රය ඇසින් බලති.
Line 134 ⟶ 160:
 
*24. '''එකෙකලොමතා'''
 
බුදුරජාණන් වහන්සේගේ එක් ලෝම කූපයෙහි එක් එක් රෝමයක් ඇත්තේ ය. යන ලක්‍ෂණය මහාපුරුෂ ලක්‍ෂණයන්ගෙන් තවෙකකි. පජ්ජමධුවේ ‘කුටිපග්ගලොමා’ යන්නෙන් ඒකේකලෝම හා උද්ධග්ග ලෝම යන පුරුෂ ලක්‍ෂණද්වයම ප‍්‍රකාශිතය. ලෝකයෙහි සෙස්සන්ගේ එක්රෝම කූපයක් තුළ රෝමකූප දෙක තුනක් තිබිය හැකි ය. එහෙත් බුදුරදුන්ගේ එක් රෝම කූපයක් තුළ එක් රෝමකූපයක් පමණක්ම ඇත.
 
*25. '''උණ්ණාභමුකන්තරෙජාතා'''
 
Line 141 ⟶ 170:
 
*26. '''සමචත්තාළීසදන්තතා'''
 
සමසතළිස් දත් පිහිටීමේ ලක්‍ෂණය මෙයින් විවරණය කරයි. දත් සතළිසක් උන්වහන්සේට පිහිටි බව ලක්ඛණ සූත‍්‍රයද සඳහන් කරයි. “චත්තාරිංශත් දන්ත ලක්‍ෂණය” දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් එකක් බවත් ;බෟද්ධ ශබ්ද කෝෂ ද පෙන්වා දෙයි. මහාපදාන සූත‍්‍රයෙහි විපස්සී කුමාරයාට මේ ලක්‍ෂණ කුමාර අවධියේම පිහිටි බව සඳහන්ව තිබීමෙන් පැහැදිළි වනුයේ ළදරුකළ සිටම එම ලක්‍ෂණය එතුමා තුළ පිහිටි බවයි.
 
සාමාන්‍ය පුරුෂයෙකුට වඩා මහා පුරුෂයෙකුට අසාමාන්‍ය වූ දන්ත මාලාවක් පිහිටීම මංගල ලක්‍ෂණයක් සේම ශ්‍රේෂ්ඨත්වය පිළිබිඹු කරන්නෙකැයි පශ්චාත් කාලීනව විරචිත පජ්ජමධු ප‍්‍රධාන අනිකුත් ග‍්‍රන්ථවල විවරණය කෙරිණි. පජ්ජමධුවේ විශේෂත්වයක් වනුයේ චත්තාලීස දන්ත, සමදන්ත, අවිවරදන්ත, සුසුක්කදාඨ යන මහාපුරුෂ ලක්‍ෂණ හතරම ‘දන්තපන්ති’ යන එකම වචනයෙන් වර්ණනා කිරීමයි.
 
*27. '''අවිවරදන්තතා'''
 
බුදුරජාණන් වහන්සේගේ සමසතළිස් දත් ඇති බව විවර රහිතව එකකට එකක් සම්බන්ධ දත් ඇති බව යන ලක්ෂණ පහළ වූයේ කේලාම් කීමෙන් වැළකී භේද වූවන් සමඟ කරන වචන කීම නිසාය.
 
දැනුදු එසේ ම කේලාම් නොකිමට හා බිඳුනවුන් සමගි කිරීමටත් කැමැත්ත ඇති විය. එහි කුශල කර්ම විපාකය වශයෙන් කිසිවෙකු විසිනුත් බිඳිය නොහැකි මහ පිරිසක් ඇති වූහ.
 
*28. '''පහූතජීව්හතා'''
 
බුදුරජාණන් වහන්සේගේ දිව හා සම්බන්ධ ලක්‍ෂණය මෙනමින් හැඳින්වේ. බුදුරදුන්ගේ දිව සදහම් නමැති ගඟුළැල්ලට පද්ම රාග මාණික්‍යමය ගල්තලාවක් ද, වාක් නැමැති මනොඥ රංග මණ්ඩලයක් ද, සද්ධර්ම නමැති රුවන් නෞකාවෙහි පිහිටුවන ලද පළු පතක් වැනි යැයි ද ‘පහූත ජිව්හ’ නම් පුරුෂ ලක්‍ෂණය විස්තර කරන පජ්ජමධුව වර්ණනා කරයි.
 
දික් පුළුල් දිවකින් යුක්ත බව මේ ලක්‍ෂණය පිළිබඳ ලක්ඛණ සූත‍්‍රයේ විග‍්‍රහයයි. මහා පුරුෂයාගේ දිව මෘදුය, දිගය, පුළුල් ය. වර්ණයෙන් පි‍්‍රයංකර දිව දිගු කර කනෙහි අග‍්‍ර ස්පර්ශ කළ හැකි ය. නාසිකාශ‍්‍රය ස්පර්ශ කළ හැකි ය. එහි පෘථුල බව නිසා නළල් තලය ද දිවෙන් වැසිය හැකි බව බුදුරදුන් තම දිවෙහි ස්වභාවය පෙන්නුම් කරන අවස්ථාවන්හි සනාථ කර ඇත.
 
*29.'''බ්‍රහ්මස්සරතා'''
 
Line 167 ⟶ 206:
 
*31.''' සමදන්තතා'''
 
බුදුරජාණන් වහන්සේට ඒකාකාර දන්ත පිහිටීමේ ලක්‍ෂණය මෙයින් විවරිතය. මහාපදානයට අනුව සමවූ දත් පිහිටීම මහාපුරුෂයාගේ ළදරුකළ පටන්ම පැවැත එන ලක්‍ෂණයෙකි. මෙම සම දත් ඇති ලක්‍ෂණය ලක්ඛණ සූත‍්‍රයේද තවත් එක් පුරුෂ ලක්‍ෂණයක් වශයෙන් දක්වයි. අටුවාවට අනුව දික් වූ ද, කෙටි වූ ද ප‍්‍රමාණයෙන් එකිනෙකට වෙනස් වූද, සෙස්සන්ගේ දත් සමඟ බුදුන් වහන්සේගේ සමාන, ක‍්‍රමවත් ලක්‍ෂණයෙන් යුත් දත් ගැන විස්තරයක් ඉදිරිපත් කෙරේ.
 
*32.'''සුසුක්කදාඨතා'''
 
"https://si.wikipedia.org/wiki/සම්මා_සම්බුදුවරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි