"බැටරි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:Batteries.jpg|thumb|වෝල්ට් 9 බැටරි, AA , AAA, D අතේ රඳවා ගත හැකි ගුවන් විදුලි බැටරි , රැහැන් රහිත දුරකථන බැටරි , කැම්කෝඩර් බැටරි , C ලෙස විවිධාකාර බැටරි ( විදුලි කෝෂ) පවතී.(ඉහත රූපයේ දක්වා ඇත.)]]
ඉලෙක්ට්‍රෝන විද්‍යාවේදී , රසායනික ශක්තිය ලෙස ශක්තිය ගබඩා කරන ශ්‍රේණිගතව සම්බන්ධ කළ විද්‍යුත් ශක්තිය නිපදවිය හැකි [[විද්‍යුත් කෝෂ]] 2ක් හෝ කීපයක් බැටරියක් නම් වේ. භාවිතය නිසා එක් විද්‍යුත් කෝෂයක් ද බැටරියක් සේ හැදින්වීමට අප යොමුව ඇත. දැනට විද්‍යුත් රසායනික කෝෂ වර්ග කිහිපයක් පවතී. ගැල්වානී කෝෂය, විද්‍යුත් විච්ඡේද කෝෂ , ඉන්ධන කෝෂ හා වෝල්ටීය කෝෂ ඒවායින් කිහිපයකි. අභ්‍යන්තර රසායනය , ගලායනධාරාව හා උෂ්ණත්වය මත බැටරියක ලක්ෂණ වෙනස් වේ.
 
බැටරි පොදුවේ වර්ග 2කට වෙන් කරනු ලැබේ. ප්‍රාථමික (ඉවතලිය හැකි) හා ද්විතීක ( නැවත ආරෝපණය කළ හැකි) වශයෙනි. ප්‍රාථමික කෝෂවල රසායන ද්‍රව්‍ය අප්‍රතිවර්ත ලෙස ප්‍රතික්‍රියාව කර විද්‍යුතය උපදවන නිසා නිසා ඒවා රසායන ද්‍රව්‍ය අවසන් වන තෙක් ක්‍රියා කරන අතර එක් වරක් පමණක් භාවිතයට නිමවා ඇත. ද්විතීක කෝෂවල භාවිතා වන රසායනික ද්‍රව්‍ය ප්‍රතිවර්ත්‍යව ප්‍රතික්‍රියා කරන නිසා නැවත ආරෝපණය කළ හැක. ඒවා මඟින් ධාරාව ලබා දෙන දිශාවට විරුද්ධ දිශාව ඔස්සේ ධාරාවක් යැවීම මඟින් ආරෝපණය කළ හැක. ද්විතීක කෝෂ වාර ගණනාවක් නැවත ආරෝපණය කළ හැකි නිසා ඒවා ‘ආරෝපණය කළ හැකි කෝෂ’ සේද හැදින්වේ. නරක් වීමෙන් පසු සමහර බැටරි ප්‍රතිචක්‍රීකරණය කළ හැක.
"https://si.wikipedia.org/wiki/බැටරි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි