"කුරුස යුද්ධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{ක්‍රිස්තියානි ධර්මය}}
'''කුරුස යුද්ධ''' යනු [[ජෙරුසලෙම]] තුල හා එය අවට [[ශුද්ධවූ දේශයෙහි ක්‍රිස්තියානු ශුද්ධවූ අඩවි ලැයිස්තුව |ශුද්ධවූ ස්ථාන]] වෙත ක්‍රිස්තියානිවරුන්ට සම්ප්‍රවේශය ප්‍රතිෂ්ඨාපනය කෙරුමෙහි ප්‍රකාශිත අරමුණ සහිතව, [[දෙවන අර්බන් පාප් වහන්සේ]] සහ [[කතෝලික සභාව]] විසින් පිරිනැමුණු ආශිංසනය ලත්, [[ආගමික යුද්ධය|ආගමික]] [[කාර්ය සාධක යුද්ධය|කාර්ය සාධක යුද්ධ]] මාලාවකි. යුදෙව්, ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන්නිවූ ආබ්‍රහමික ලබ්ධීන් තුනම සඳහා ජෙරුසලෙම ශුද්ධවූ නගරයක් වූ අතර දැනුදු එසේ වෙයි.<ref>John L. Esposito. "italics" Oxford University Press Inc, 2011"italics" http://www.amazon.ca/What-Everyone-Needs-about-Islam/dp/0195157133</ref>

කුරුස යුද්ධ යනු ක‍්‍රිස්තියානි යුරෝපයේ අභ්‍යන්තරික හා පිටස්තර තර්ජන වලට එරෙහිව පැන නැගි ආගමික ස්වරූපයක් ගත් යුද ගැටුම් සංකීර්ණයකි. කුරුස යුද්ධ මුස්ලිම් ජාතිකයනට, පැරණි ආගම් ඇදහූ ස්ලොවික් ජාතිකයනට, රුසියානු හා ග‍්‍රීක ඕතඩොක්ස් කිතුනුවන්ට, මොංගොලීය ජාතිකයන්ට හා පාප් වහන්සේලාගේ දේශපාලනික සතුරන්ට එරෙහිව සිදු කරන ලදී. කුරුස යුධ භටයෝ දිවුරීමක් සිදු කළ අතර ඔවුනගේ පෙර පව් ක්ෂමා කරනු ලැබුණි.
 
කුරුස යුද්ධ මූලිකව ඇරඹියේ යෙරුසලම සහ ශුද්ධ වූ දේශය මුස්ලිම් පාලනයෙන් මුදාගැනීමට වන අතර මුලින්ම එය පෙරදිග ඕතඩොක්ස් බයිසැන්තින් අධිරාජ්‍යයේ ඉල්ලීමකට අනුව මුස්ලිම් සෙල්ජුක් තුර්කිවරු ඇනටෝලියාවට ගමන් කිරීම වැලැක්වීමට සිදුකරන ලදී. එසේම මෙය සමකාලීනව හා ඉන්පසු 16 වන සියවස දක්වා ලැවෙන්ට් ප‍්‍රදේශයෙන් පිටත ප‍්‍රදේශවල සිදුකෙරුනු යුද ව්‍යාපාරය සඳහාද යෙදේ. එම යුද්ධ බොහෝ විට සිදුකරනු ලැබුයේ පැරණි ආගම් අදහන්නන්ට, මිත්‍යා දෘෂ්ටිකයනට සහ ආගමික ආර්ථික හා දේශපාලනික හේතූන් මිශ‍්‍රණයක් මත නෙරපාහරිනු ලැබූ මිනිසුන් ට එරෙහිවය. ක‍්‍රිස්තියානි සහ මුස්ලිම් බල කඳවුරු අතර තරගය ඇතැම් ආගමික කල්ලි වලට තම සතුරාට එරෙහි බල කඳවුරු හා එක්වීමට මග පෑදීය. පස්වන කුරුස යුද්ධයේ දී ක‍්‍රිස්තියානු බල කඳවුර රම් හි සුල්තාන්වරයා සමග එක්වීම එයට උදාහරණයකි.
Line 90 ⟶ 92:
 
 
==අධෝසටහන්==
{{ආශ්‍රලැයිස්තුව|colwidth=30em}}
 
[[af:Kruistog]]
"https://si.wikipedia.org/wiki/කුරුස_යුද්ධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි