"කුරුස යුද්ධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
8 පේළිය:
==ලැයිස්තුව==
===පළමුවන කුරුස යුද්ධය 1095–1099===
 
පළමු දශකය තුල කුරුස යුද භටයෝ මුස්ලිමුන් හා යුදෙව්වන් තුල භීතිය පැතිරවූ ක‍්‍රියාවලි සිදුකළ අතර සමූහ ඝාතන ගසා දැමූ හිස් වැටලූ නගරවල පවුරු උඩින් විසි කිරීම්, ප‍්‍රදර්ශනය කිරීම් හා නිරුවත් මෘත දේහ විකෘති කිරීම් සිදුකල අතර මාරාට් හා වැටලීමෙන් පසු මිනී මස් අනුභව කළ බවටද වාර්තා ඇත.
 
1095 මාර්තුවේ පිසෙන්සා හි කවුන්සිලයේ දී බයිසැන්තින් අධිරාජ්‍ය පලමුවන ඇලෙක්සිස් විසින් තම අධිරාජ්‍යය සෙල්ජුක් තුර්කීන්ගෙන් බේරා ගැනීම සඳහා ආධාර ඉල්ලමින් ¥තයන් පිටත් කරන ලදී. එම වසරේ පසු භාගයේ ක්ලෙමොන්ට් හි කවුන්සිලයේ දී දෙවන අර්බන් පාප් වහන්සේ සියලූ කිතුනුවන්ට තුර්කීන්ට එරෙහි සංග‍්‍රාමයට එක් වන ලෙස ඉල්ලා සිටි අතර ප‍්‍රයත්නයේදී මියයන ඕනෑම අයෙකුගේ සියලූපව් ක්ෂමා කරන බවට පොරොන්දු විය. නෝර්වේ හි පළමුවන සයිගර්ඞ් කුරුස යුද්ධ සඳහා සහභාගි වූ පළමු යුරෝපීය රජු වන අතර කුරුස යුද හමුදා ඩොරිලියම් හා ඇන්ටියොක් හි දී විශාල තුර්කි හමුදා දෙකක් පරාජය කිරීමට සමත් විය.
 
 
පළමුවන කුරුස යුද්ධයේ ඇන්ටියොක් වටලෑම සිදුවූයේ යෙරුසලම වටලෑමට සුලූ මොහොතකට පෙරය. 1098 දී ඇන්ටියොක් ෆ‍්‍රෑන්ක් වරුන් අතට පත්වුවද ඊට පෙර දීර්ඝ වටලෑමක් සිදුවිය. ඇන්ටියොක් හි පාලකයාට තම නගරය තුල ජීවත් වන කිතුනුවන් මෙයට ප‍්‍රතිචාර හැකි ආකාරය පිළිබඳ සැක පැවති බැවින් වටලාසිටි කාලය තුල ඔහු ඔවුන්ට නගරයෙන් පිටත සිටීමට අණ කළ අතර ඔවුනගේ අඹු දරුවන් රැක ගැනීමට පොරොන්දු විය. එමනිසා යුදෙව්වන් හා මුස්ලිම් ජාතිකයන් පමණක් එක්ව යුද වැදීම සිදු කළෝය වටලෑම කෙළවර වූයේ නගරය පාවාදීමෙනි. ෆ‍්‍රෑන්ක්වරු දියකඩඉමක් හරහා නගරයට පැමිණි අතර නායකයාට පළා යාමට සිදුවිය. නගරය තුලට පැමිණි වහාම එකල පැවති සම්මත යුද තත්වය යටතේ ෆ‍්‍රෑන්ක්වරු සාමාන්‍ය ජනතාව සමූලඝාතනය කළ අතර දේවස්ථාන විනාශ කර නගරය කොල්ලකෑමට ලක් කරන ලදී. කුරුස යුධ භටයෝ අවසන යෙරුසලමේ බිත්ති කරා ගමන් කළේ ඔවුනගේ මුල් භට කණ්ඩායමෙන් ස්වල්ප දෙනෙක් පමණක් අතැතිවය.
යෙරුසලම වටලෑම
 
====මෙහෙයුම්====
Line 13 ⟶ 23:
 
====ජෙරුසලෙම වටලෑම====
ගොඞ්ෆ්රොයි ඩි බුලියන් ප‍්‍රංශ නයිට් වරයෙකි පළමු කුරුස යුද්ධයේ නියමුවා වන අතර යෙරුසලම් රාජධානියේ නිර්මාතෲවරයා වෙයි.
ආක‍්‍රමණික ෆ‍්‍රෑන්ක් වරුන්ට එරෙහිව යුදෙව්වෝ සහ මුස්ලිම් ජාතිකයෝ එක්ව සටන් කළෝය. ඔවුනගේ අසාර්ථක භාවය සනිටුහන් කරමින් 1099 ජූලි 15 වන දින කුරුස යුද භටයෝ නගරයට ඇතුළු වූහ. නැවත වරක් ඔවුහු ඉතිරි ව සිටි යුදෙව් හා මුස්ලිම් ජනතාව සමූල ඝාතනය කළ අතර දේවස්ථානය හා නගරය විනාශ කළෝ ය. තම උපන් බිමෙන් බොහෝ දුරස්ව සිටීම නිසා ඇතිවූ හුදෙකලාව, පිටස්තර බව සහ බිය ෆ‍්‍රෑන්ක් වරු මෙහිදී දැක්වූ ම්ලේච්ඡුත්වයට හේතු පාදක වූ අතර එම දාමරිකකම් අතර 1098 මාරාට් හි වැටලීමෙන් පසු පෙන්වූ මිනී මස් අනුභව කිරීම ද වී ය. පළමුවන කුරුස යුද්ධයේ ප‍්‍රතිඵලයක් ලෙස කුඩා කුරුසයුද ප‍්‍රාන්ත ඇතිකළ අතර යෙරුසලම් රාජධානිය ඉන් වැදගත් තැනක් උසුලයි.
කුරුස යුධ භටයෝ ටයර් නගරය අත්පත් කර ගැනීමට උත්සාහ කළ නමුත් මුස්ලිමුන් අතින් පරාජයට පත්විය. ටයර් නගර වැසියෝ දමස්කසයෙහි නායක සහීර්-අල්-දින් අටාබෙක් ගෙන් ෆ‍්‍රෑන්ක් වරුනට එරෙහි වීමට උදව් ඉල්ලා සිටි අතර ඔහුට නගරය පවරා දීමට පොරොන්දු විය. ෆ‍්‍රෑන්ක් වරු පරාජය වූ පසු ටයර් නගර වැසියෝ ඔහුට බාර නොවුනි. නමුත් සහීර්- අල්- දින් ඉතා සරලව "මා කළ සියලූ දේ කළේ දෙවියන් හා මුස්ලිමුන් වෙනුවෙන් විනා වස්තුව හෝ රාජ්‍ය ලෝභය සඳහා නොවේ" යැයි ප‍්‍රකාශ කළේ ය.
යෙරුසලමේ බලය අල්ලා ගත් පසු කුරුස යුද හමුදා එහි කුරුස යුද ප‍්‍රාන්ත හතරක් ඇති කළෝය. ඒවා යෙරුසලම් රාජධානිය, එඩෙස්සා ජනපදය, ඇන්ටියොක් රාජ්‍යය සහ ටි‍්‍රපොලි ජනපදය විය. අභ්‍යන්තර ආරවුල් නිසා මුල් කාලයේ දී මුස්ලිම් ජාතිකයෝ මෙම ප‍්‍රාන්ත සමග පැවැත්වූයේ ඉතා සුළු සම්බන්ධකම් කිහිපයක් පමණි. නමුත් ඔවුන් ඉමාද් අල්-දින් සැන්ජි යටතේ නැවත එක් වූ අතර 1144 ඔහු එඩෙස්සා නැවත ලබා ගත්තේය. මෙය කුරුස යුද භටයන්ට යටත් වූ පළමු නගරය වූ අතර මුස්ලිම් වරුන් නැවත අත්පත් කරගත් පළමු නගරය බවටද පත් විය. මෙම සිද්ධිය පාප් වහන්සේ ට දෙවන කුරුස යුද්ධයක් කැඳවීමට හේතු විය.
 
 
====කුරුස යුද්ධ භටයන්ගේ පර්යාලෝක====
"https://si.wikipedia.org/wiki/කුරුස_යුද්ධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි