"ලෙස්ටර් ජෙම්ස් පීරිස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
[[Image:Lester_james_peris.JPG|right]]
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා
'''
 
ලෙස්ටර් ජේම්ස් පීරිස්''' (උපත 1919 අප්‍රේල් 5) මහතා ජාත්‍යන්තර ගෞරවයට පවා පාත්‍ර වූ ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, තිර රචකයකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. 1949 සිට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා චිත්‍රපට 28කට වඩා නිෂ්පාදනය කර ඇත. ඔහු රේඛාව, ගම්පෙරළිය, නිධානය, ගොළු හදවත, කලි යුගය, අවරගිර සහ යුගාන්තය වැනි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් විශාල ගෞරවයක් දිනා ගත්තේය.
 
එතුමාගේ චිත්‍රපට ශ්‍රී ලාංකීය පවුල් සංස්ථාවේ ගැමි ජීවිත තුළින් ලබා ගත් අත් දැකීම් අනුසාරයෙන් නිෂ්පාදනය වී ඇත.
 
==ජීවිතය සහ වෘත්තිය==
 
==පසුගිය ජීවිතය==
 
1919 අප්‍රේල් 9 වන දින දෙහිවල දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා උපත ලැබීය. ඔහුගේ පියා වූ වෛද්‍ය ජේම්ස් ෆ්‍රැන්සිස් පීරිස් මහතා ස්කොට්ලන්තයේ දී වෛද්‍ය විද්‍යාව හැදෑරුවේය. ඔහුගේ මව වූ ඈන් ගෙස්ට්‍රියට් විනිෆ්‍රච් ජයසූරිය මැතිණිය, ශාන්ත බ්‍රිප්ට් කන්‍යාරාමයේ උපාධිදාරිනියක වූවාය. ජයසූරිය මැතිණිය ඉතා කැපී පෙනෙන අන්දමින් ජ්‍යෙෂ්ට කේම්බ්‍රිජ් විභාගය සමත් වූ පළමු ශිෂ්‍යාවට හිමි ස්ථානය දිනා ගත්තාය. ලෙස්ටර් මහතාට, එරිකා, අයිවන් සහ නොයෙල් ලෙස සහෝදරයන් කීපදෙනෙකි.
17 පේළිය:
ඔහු පසුව කොළඔ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුලු වී ඉගෙන ගත් අතර එයින් පිට වු පසුව වයස අවු 17 දී ඔහුගේ ජීවන වෘත්තිය ලෙස ජනමාධ්‍ය වේදය තෝරා ගත්තේය. ඔහු ප්‍රථමයෙන්ම වෘත්තිය වශයෙන් කළේ Daily news පුවත් පතේ නිල් පිටුවල ලිවීමෙනි. 1939 දී ඔහු Times of Ceylon පුවත් පතෙහි ඉන්දියානු සංස්කාරකවරයෙකු වූ ෆ්‍රෑන්ක් වොරේස් යටතේ සේවය කළේය. ඔහු ශ්‍රී ලාංකා ගුවන් විදුලි සංස්ථාවේ කෙටි කාලයක් වැඩ කළේය. ඔහුගේ චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳව දැනුම තව තවත් පුළුල් වූයේ ඔහු නාට්‍ය මණ්ඩලයේ කණ්ඩායමට එකතු වූ පසුය.
 
==එංගලන්තයේ සිටීම==
 
ඔහු මවගේ ආරාධනයෙන් 1947 දී එංගලන්තයට ගොස් එහි කළා ශිෂ්‍යත්වය හදාරමින් සිටි ඔහුගේ සහෝදරයා වූ අයිවන් සමඟ සම්බන්ධ වූයේය. එහි දී මොරේස් මහතා ඔහුට Times පුවත්පතට එංගලන්තයේ කළාව පිළිබඳව ලියන ලෙස යෝජනාවක් කළේය.
"https://si.wikipedia.org/wiki/ලෙස්ටර්_ජෙම්ස්_පීරිස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි