"සංස්ලේෂක කාබනික රසායනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
#යළියොමුව[[කාබනික රසායනය#කාබනික සංශ්ලේෂණය]]
{{mergewith|කාබනික_රසායනය}}
[[ගොනුව:Corey oseltamivir synthesis.png|thumb|E. J. කුරේ විසින් Oseltamivir (Tamiflu) සඳහා නිර්මාණ කරන ලද සංස්ලේෂණය ]]
 
සංස්ලේෂක රසායන විද්‍යාව , ඉංජිනේරු විද්‍යාව සමග සම්බන්ධ වන නිසා එය ව්‍යවහාරික විද්‍යාවකි. සැලසුම් කිරීම විශ්ලේෂණය සහ / හෝ ප්‍රායෝගික භාවිත සඳහා නිපදවීම ආදිය එය ඉංජිනේරු විද්‍යාව හා සම්බන්ධ කිරිමට දායක වේ. නව සංයෝගයක කාබනික සංස්ලේෂණය ගැටළු නිරාකරණ කාර්යයකි. නියමිත අණුවක් සදහා සංස්ලේෂණයක් සැලසුම් කිරීමේදී ප්‍රශස්ත ප්‍රතික්‍රියා හා ආරම්භක ද්‍රව්‍ය යොදා ගත යුතුය . සංකීර්ණ අණු සඳහා අදාල අණුව ක්‍රමානුකූලව තනන ප්‍රතික්‍රියා පියවර විශාල සංඛ්‍යාවක් තිබිය හැක. සංස්ලේෂණය ඉදිරියට ගෙනයනු ලබන්නේ ක්‍රියාකාරී කාණ්ඩවල ප්‍රතික්‍රියාකාරිත්වය භාවිතයට ගනිමිනි. උදාහරණයක් ලෙස කාබොනයිල් සංයෝගයක් ඊනොලේටයක් (enolate) බවට පරිවර්තනය කර නියුක්ලියෝෆයිලයක් ලෙස හෝ නැතහොත් ඉලෙක්ට්‍රොෆයිලයක් ලෙස භාවිතා කළ හැක. මෙම දෙකෙහි සංයෝජනය ඇල්ඩෝල් ප්‍රතික්‍රියාව ලෙස හැඳින්වේ. ප්‍රායෝගිකව වැදගත් සංස්ලේෂණ සැලසුම් කිරීමේ දී සැමවිටම නියමිත සංස්ලේෂණ විද්‍යාගාරයේ දී සිදුකිරීම කළ යුතුය. සංකීර්ණ අණු සඳහා නව සංස්ලේෂණ මාර්ග සෑදීමේ විද්‍යාත්මක ක්‍රමය පූර්ණ සංස්ලේෂණය ලෙස හැඳින්වේ.
 
සංස්ලේෂණයක් සැලසුම් කිරීමේ ක්‍රියා පටිපාටි කිහිපයක් තිබේ. නුතන ක්‍රමය ප්‍රතිසංස්ලේෂණයයි. E. J. කුරේ මගින් දියුණු කරන ලද මෙහිදී ඉලක්කගත අණුවෙන් ආරම්භ කර එය දන්නා ප්‍රතික්‍රියා භාවිතයෙන් කොටස්වලට වෙන් කිරීම සිදුකරයි. මිළෙන් අඩු සොයාගත හැකි ආරම්භක ද්‍රව්‍ය ලැබෙන තෙක් ලැබෙන කොටස්වලට ද පෙර ක්‍රියාවලියම සිදු කරයි. ඉන්පසු ප්‍රතිසංස්ලේෂණය ප්‍රතිවිරුද්ධ දිශාවට යොමු කිරීමෙන් සංස්ලේෂණය ලැබේ. එක් එක් සංයෝග හා ප්‍රාරම්භක ද්‍රව්‍යවලට ඔහු සංස්ලේෂණ ක්‍රම ඇති බැවින් ‘සංස්ලේෂක ගසක්’ නිර්මාණය කළ හැක.
 
 
==බාහිර සබැඳි==
 
* [http://www.3rd1000.com/history/synorg.htm],Synthetic Organic Chemistry
 
[[Category:රසායන විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/සංස්ලේෂක_කාබනික_රසායනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි