"මහාවංශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
112.135.223.213 මගින් සිදුකල 202678 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
සුළු r2.7.3) (රොබෝ වෙනස් කරමින්: hi:महावंश; cosmetic changes
4 පේළිය:
මහාවංශයෙහි පළමු මුද්‍රිත සංස්කරණය හා ඉංග්‍රීසි පරිවර්තනය, 1837 දී, ''The Mahavamsa'' නමින් [[ලංකා සිවිල් සේවය|ලංකා සිවිල් සේවයෙහි]] නිලධාරියෙකු සහ ඉතිහාසඥයෙකු වූ [[ජෝර්ජ් ටර්න්අවර්]] විසින් ප්‍රකාශයට පත්කෙරිණි . 1912 දී [[විල්හෙල්ම් ගෙයිගර්]] විසින්, මහාවංශයෙහි [[ජර්මන් භාෂාව|ජර්මන්]] පරිවර්තනයක් සම්පූර්ණ කරන ලදි. මේබල් හෙයින්ස් බෝඩ් විසින්, මෙය [[ඉංග්‍රීසි භාෂාව|ඉංග්‍රීසියට]] පරිවර්තනය කරන ලද අතර, ගෙයිගර් විසින්, ඉංග්‍රීසි පරිවර්තනය සංශෝධනය කරන ලදි.<ref>{{උපන්‍යාස පොත|title=මහාවංශ|year=1912 |publisher=ලංකාණ්ඩුව |url=http://lakdiva.org/mahavamsa/ }}</ref>
 
== බුද්ධාගම ==
සිද්ධාන්තික [[ආගමික ග්‍රන්ථ​|ආගමික පුස්තකයක්]] ලෙසින් නොසැළකුණත්, මහාවංශය [[ශ්‍රී ලංකා බුද්ධාගම|ශ්‍රී ලංකාවේ බුද්ධාගම]] පිලිබඳ වැදගත් ග්‍රන්ථයෙකි. [ගෞතම බුදුරජාණන් වහන්සේ|සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ]]ගේ කාලයෙන් ආරම්භ කරමින්, ශ්‍රී ලංකාවේ ආගමික ඉතිහාසයේ ආදි යුගය එය විසින් ආවරණය කෙරෙයි. බුදුන්වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ දින සිට, [[ධර්මය]] විමර්ශනයට ලක්වුනු විවිධ [[ධර්ම සංගායනා|බෞද්ධ සංගායනාවන්]] දක්වා, [[ඉන්දියාව|ඉන්දියාවේ]] [[බුද්ධාගම|බුද්ධාගමෙහි]] ඉතිහාසයද සංක්‍ෂිප්ත ලෙසින් එය ගෙන හැර දක්වයි. මහාවංශයෙහි සෑම පරිච්ඡේදයක්ම කෙළවර වනුයේ, ''සැදැහැතියන්ගේ පසන් ප්‍රමෝදය සඳහා'' යන්න ලියා දැක්වීමෙනි. එහි මතය අවධාරණය කිරීමෙන් හැඟෙන්නේ, [[අනුරාධපුරය|අනුරාධපුරයෙහි]] [[මහාවිහාරය|මහාවිහාර]] සිද්ධස්ථානයෙහි අනුග්‍රාහකයන්ව සිටි රජුන්ගේ යහපත් ක්‍රියාවන් ලේඛනගත කිරීමට මෙය සම්පාදනය කෙරුණු බවකි.
 
== ඉතිහාසය ==
[[මහාවිහාරය|මහාවිහාරයෙහි]] බෞද්ධ භික්ෂූන් වහන්සේලා, ක්‍රි.පූ. 3වන සියවසෙහි සිටම, ශ්‍රී ලාංකික ඉතිහාස වංශ කතා (මුඛ පරම්පරාගතව) පවත්වාගෙන ආහ. මෙම පුරාවෘත්ත එක් කිරීම හා තනි ග්‍රන්ථයක් ලෙසින් සම්පාදනය කිරීම, ක්‍රි.පූ. 5වන සියවසෙහිදී, [[බෞද්ධ භික්ෂුව|බෞද්ධ භික්ෂුවක්]] වූ [[මහාථෙර මහානාම]] විසින් සිදුකෙරිණි. [[විල්හෙල්ම් ගෙයිගර්|විල්හෙල්ම් ගෙයිගර්ට]] අනුව , මහාවංශ අත්තකථා නමින් පූර්ව සම්පාදනයක් තුබූ බවටත්, මහාථෙර මහානාම විසින් මෙම පුස්තකය ආශ්‍රය කල බවටත්, සාක්ෂි {{කුමණ?|date=මැයි 2009}} ඇත. [[දීපවංශය]] නමින් හැඳින්වෙන, දැනටද පවතින, තවත් මුල් ලේඛනයක්, මහාවංශයට වඩා අඩුවෙන් තොරතුරු දරමින් සරල බවක් දනවන අතර, බොහෝ විට මහාවංශ අත්තකථා ඇසුරින්ම සම්පාදනය කල බවට සැලකිය හැක.
 
 
19 පේළිය:
මහාවංශය [[සේද මාවත]] දිගේ බොහෝ බෞද්ධ රටවල්වලට ගෙන යන ලදී. එහි කොටස් වෙනත් භාෂාවලට එක්කෝ පරිවර්තනය කර නැතහොත් එහි අඩංගු කාරණා වෙනත් භාෂාවලින් නැවත කියා ඇත. [[බුරුමය|බුරුමයේ]] හා [[තායිලන්තය|තායිලන්තයේ]] එහි අගනා පිටපත් තිබේ. වෙනත් වංශ කථා වර්ගයේ පාලි කෘතීන්වල දියුණුව කෙරෙහි මහාවංශය බොහෝ සේ බලපෑවේය. එහි ප්‍රථිපලයක් වශයෙන් එකල පාලි කාව්‍යය පිළිබඳ ලෝකයේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට සමහර විට ලංකාව පත් වන්නට ඇත.
 
== චූල වංශය ස‍හ මහාවංශය ==
 
[[සිංහල ජනයා|සිංහල]] බෞද්ධ භික්ෂුන්වහන්සේලා විසින් සම්පාදිත, [[චූල වංශය]] (''සුළුතර වංශ කථාව'') නම් සාමායක වෙළුමක් ඇති බවට ගයිගර් නම් ජර්මන් ජාතික පඬිවරයා මත‍යක් ඉදිරිපත් කර ඇත. මේ සඳහා පාදක වී තිබෙනුයේ සිංහලයේ රජවරුන් පිළිබඳ ව පූජාවලියෙ හි එන යෙදුමකි. මහාවංශ I වන කාණ්ඩයේ එන රජවරු මහාවංශ රජවරු ලෙසත් ඉන් පසු කාණ්ඩ වල එන රජවරු චූලවංශ රජවරු ලෙසත් පූජාවලියෙ හි සඳහන් වී තිබේ. ගයිගර් පඬිවරයා මහාවංශයේ II වන කාණ්ඩයේ සිට චූල වංශය යන නාමය භාවිතා කර ඇත්තේ මේ නිසයි. ඒ හැරෙන්න‍ට චූල වංශය නමින් ග්‍රන්ථයක් සම්පාදනය වූ බවට වෙනත් සාක්ෂියක් හමු වී නැත.
 
== දේශපාලනික වැදගත්කම ==
 
• දේශපාලනික පණිවැඩයක් රැගත් ලේඛණයක් ලෙස නූතන ශීරතැව ලංකාව තුල මහාවංශය වැදගත් ස්ථානයක් හිමිකරගෙන ඇත. 1930 ගණන්වලදී විශේෂයෙන් දෙමළ ජාතිකවාදී ව්යා පාරය තුල මහාවංශය පරිහාසය ට ලක්කිරීමේ කිරොගණයාදාමය ආරම්භ වූ ආකාරය බිරායාතාන්යා ජාතික ඉතිහාසඥයකු වන ජේන් රසල් විසින් විස්තරකොට ඇත. දෙමළ ජාතිකවාදීන් මෙන්ම සිංහල ජාතිකවාදීන්ටද පෙනීගියේ සිංහල බෞද්ධයන්ගේ ඉතිහාසය වන මහාවංශය සිංහල ජනයාගේ හෙජමොනික වීරකාව්යගයක් ලෙසිනි. 1930 ගණන්වලදී ජාතිකවාදී දෙමළ ජනයාගේ නායකයා වූ ජී. ජී. පොන්නම්බලම් විසින් මෙයට පහර දෙනු ලැබිණ. විජය කාශ්ය්ප පරාකරාතිමබාහු ආදී බොහොමයක් සිංහල රජවරු ද්රකවිඩයින් වූ බව ඔහු විසින් කියා සිටින ලදී. 1939 දී නාවලපිටියේදී සිංහලයින් හා මහාවංශයට පහරදෙමින් ජී. ජී. පොන්නම්බලම් විසින් සිදුකළ කුපිත කරවනුසුලූ කථාව නාවලලිටිය පස්සර මස්කෙලිය පමණක් නොව යාපනයටද පැතිරුනු පරති ථම සිංහල- දෙමළ කෝළාහළය නිර්මාණය කිරීමට හේතුවිය. බිරනයටතාන්යන යටත්විජිත පාලකයන් විසින් ඉතා ඉත්මනින් මැඩපැවැත්වූ අතර පශ්චාත් නිදහස් ගැටුම්වල ඛේදනීය ඉරමක් කරා ඇදීයාම වලකනු ලැබිණ.
41 පේළිය:
 
 
== ආශ්‍රිත ==
{{ආශ්‍රලැයිස්තුව}}
 
== බාහිර සබැඳුම් ==
# [http://mahavamsa.org මහාවංශය ඉංග්‍රීසි‍ බසින්]
 
[[Categoryප්‍රවර්ගය:පාලි ග්‍රන්ථ - ශ්‍රී ලංකා]]
[[Categoryප්‍රවර්ගය:ඉතිහාසය - ශ්‍රී ලංකා]]
 
[[en:Mahavamsa]]
54 පේළිය:
[[fa:ماهاوامسا]]
[[fr:Mahavamsa]]
[[hi:महावंसमहावंश]]
[[ja:マハーワンサ]]
[[no:Mahavamsa]]
"https://si.wikipedia.org/wiki/මහාවංශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි