"මාර්ටින් වික්‍රමසිංහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
14 පේළිය:
| residence =
| nationality ={{ධජනිරූපකය|ශ්‍රී ලංකාව}} ශ්‍රී ලාංකික
 
| other_names =
| known_for =
Line 53 ⟶ 52:
වික්‍රමසිංහ සිය සාහිත්‍ය ජීවිතය ආරම්භ කළේ ලීලා(1914) නවකථාව සහ සාහිත්‍ය විචාර ලිපි සංග්‍රහයක් වූ ශාස්ත්‍රීය ලේඛන (1919) යන කෘතීන් එළිදක්වමිනි. ඒ කාළයේදීම සිංහල සාහිත්‍යයේ ප්‍රමිතීන් ඉහල නැංවීම සඳහා වූ ව්‍යාපාරයක් ඔහු විසින් ආරම්භ කරනු ලැබූ අතර එම අරමුණින් සම්පාදිත සාහිත්‍යෝදය කතා (1932) විචාර ලිපි (1941) ගුත්තිල ගීතය (1943) සිංහල සාහිත්‍යයේ නැගීම (1946) වැනි කෘතීන් තුලින් ඔහු උත්සාහ කළේ සාම්ප්‍රදායික සාහිත්‍ය උරුමය ඉන්දියානු සහ බටහිර සාහිත්‍ය විචාර සම්ප්‍රදායන් සංකලනය කිරීමෙන් නිර්මාණය කළ සාහිත්‍යමය මිනුම් දඬු යොදාගනිමින් තක්සේරු කිරීමයි.
 
1940 ගණන් පුරාවටම වික්‍රමසිංහ සාහිත්‍ය විචාරකයකුගේ භූමිකාව මෙන්ම නිර්මාණාත්මක රචකයෙකුගේ භූමිකාවද ඉටුකළේය. අන්තර්ගතය සහ තාක්‍ෂණය අතින් නූතන ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ නවකථාවන් සමග සැසඳිය හැකි ප්‍රථම [[සිංහල නවකථාව]] වන්නේ 1944 දී පළවූ වික්‍රමසිංහගේ [[ගම්පෙරලියගම්පෙරළිය]] යි. නූතනත්වය වෙතින් එල්ලවන පීඩනය හමුවේ සාම්ප්‍රදායික ගම කඩාහැලෙන ආකාරය ඉන් නිරූපණය විය. ගමේ සාම්ප්‍රදායික ආර්ථික හා සමාජ ව්‍යුහය වාණිජකරණය වූ නගරය විසින් ක්‍රමයෙන් ආදේශ කරනු ලැබීම නිරූපණය කිරීම සඳහා දකුණේ ගමක සාර්ථක පවුලක කථාන්තරයක් යොදාගැනිණ.
 
වික්‍රමසිංහ විසින් පසුව රචනා කළ [[ගම්පෙරළිය]](1944),[[යුගාන්තය]] (1948) සහ [[කලියුගය]] (1957) සහ ගම්පෙරලිය විසින් තුන් ඈඳුතු නවකථාවක් නිර්මාණය කරනු ලැබිණ. සාම්ප්‍රදායික ජීවිතය ගරාවැටීමෙන් අනතුරුව නාගරික පදනමක් සහ ව්‍යාපාරික පෙළඹුමක් සහිත නාගරික පන්තියේ වර්ධනයත් ඒ සමඟ සිදුවන කම්කරු ව්‍යාපාරයේ සහ සමාජවාදී දර්ශනයේ ආරම්භයත් අවසානයේ නව සාමාජ පිලිවෙළක් පිලිබඳ අපේක්‍ෂාවත් මෙම නවකථා ත්‍රිත්වයෙන් ඉදිරිපත් කෙරිණ.
 
50 දශකයේ මුල්භාගයේදී සාහිත්‍ය විචාරයේ වර්ධනයත් සමග වික්‍රමසිංහ, සාහිත්‍ය කලාව (1950) සහ කාව්‍ය විචාර (1954) නම් කෘති දෙක රචනා කරන ලදී. වික්‍රමසිංහගේ විශිෂ්ඨතම කෘතිය වූ [[විරාගය]] 1965 දී ප්‍රකාශයට පත් කෙරිණ. එහි තේමාවේ සුවිශේෂීත්වය සහ එහි ශිල්ප ක්‍රමයේ සංකීර්ණත්වය හේතුකොටගෙන එය සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයේ විශිෂ්ඨතම නිර්මාණය ලෙසින් සැලකෙයි. සාම්ප්‍රදායික [[බෞද්ධ]] නිවසක හැදී වැඩුණු සිංහල තරුණයකු සමාජය නූතනකරණය වීම තුල සංකීර්ණත්වයට පත්වූ වැඩිහිටි ජීවිතය සහ ඒ සමග එන වගකීම් හේතුවෙන් නිර්මාණය වන්නාවූ ගැටලූ සහගත තත්වය ඉන් නිරූපිතය. මෙහිදී කාලානුක්‍රමික පිලිවෙළකට නොව ප්‍රති-වීරයා විසින් ලියන ලද උපස්ථිතිවාදී ග්‍රන්ථාලංකාරයක් ලෙසින් ප්‍රථම පුරුෂ ආඛ්‍යාතයෙන් මෙම කෘතිය රචනාවී ඇත. මෙම කෘතියෙන් ඇතිවූ පෙළැඹුම මත විවිධ නවකථාකරුවන් අතින් මෙවැනි කෘතීන් රැසක්ම පසුව බිහිවූ නමුත් විරාගය ඒ සියල්ලටම ඉහලින් විශිෂ්ඨ ස්ථානයක වැජඹෙයි.
===කෘති ලැයිස්තුව===
 
* ලීලා - 1914
* සෝමා - 1920
* අයිරාංගනී - 1923
* සීතා - 1923
* මිරිඟු දිය - 1925
* උන්මාද චිත්‍රා - 1929
* රෝහිණී - 1929
* ගම්පෙරළිය - 1944
* මඩොල් දූව - 1947
* යුගාන්තය - 1949
* විරාගය - 1956
* කලියුගය - 1957
* කරුවල ගෙදර - 1963
* බවතරණය - 1973
 
==මේ ලිපිත් කියවන්න==
Line 76 ⟶ 91:
 
<!--Interwiki-->
 
 
<!---->
 
 
[[de:Martin Wickramasinghe]]
"https://si.wikipedia.org/wiki/මාර්ටින්_වික්‍රමසිංහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි