"වායු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
17 පේළිය:
 
== අන්වීක්ෂීය ==
අන්වීක්ෂීය පරිමාණයකදි මනිනු ලබන්නේ අණුක මට්ටමේ රාශීන්ය. අණුක හෝ අංශුමය චලිතය විස්තර කිරීම සදහා විවිධ සිද්ධාන්ත හා ගණිතමය ආදර්ශන බිහිවී ඇත. වායුන්ට අදාල ආදර්ශන කිහිපයක් පහත පෙළ ගස්වා ඇත.
 
===චාලක වාදය===
{{මූලික|චාලක වාදය}}
චාලක වාදය (හෝ වායු පිළිබද චාලකවාදය) වායුවල අණුක සංයුතිය හා චලිතය සලකමින් පීඩනය , උෂ්ණත්වය හෝ පරිමාව වැනි මහේක්ෂීය ගුණ විස්තර කිරීමට යත්න දරයි. මෙම වාදය කියා සිටින්නේ පීඩනය ඇති වන්නේ සර් අයිසැක් නිව්ටන් අනුමාන කළ පරිදි අණු අතර ස්ථිතික විකර්ෂණයෙන් නොව විවිධ ප්‍රවේගවලින් චලනය වන අණු එකිනෙක ගැටීම නිසා කියාය. මෙය අණුක චාලනවාදය ලෙස ද ගැටුම් පිළිබදවාදය ලෙස ද හදුන්වයි.
 
===බ්‍රවුනීය චලිතය===
[[ගොනුව:Diffusion animation.gif|thumb|වායු අංශූන්ගේ අහුඹු චලනය නිසාවෙන් [[විසරණය]] සිදුවෙයි.]]
{{මූලික|බ්‍රවුනීය චලිතය}}
බ්‍රව්නීය චලිතය යනු තරලයක් තුළ ඇති අංශුවක අහඹු චලිතය විස්තර කිරීමට යොදා ගන්නා ගණිතමය අකෘතියකි. අංශු පිළිබදවාදය ලෙසද මෙය හදුන්වයි.
 
තනි වායු (පරමාණු හෝ අණු) නිරීක්ෂණය සදහා වූ නූතන තාක්ෂණික සීමා තුළ දී සිදු කළ හැක්කේ සෛද්ධාන්තික ගණනය කිරීම් මගින් ඒවායේ චලිතය ගැන අදහස් ඉදිරිපත් කිරීමයි. නමුත් එම චලිතය බ්‍රව්නීය චලිතයෙන් වෙනස් වේ. එයට හේතුව බ්‍රව්නීය චලිතය ඇති වන්නේ අදාල අංශු සමග වායු අණු එකක් හෝ කිහිපයක් වේගයෙන් ගැටීමෙන්, විටින් විට වෙනස් වන වායු අණුවල ඝර්ෂණ බල නිසා ඇති වන සුමට ඇදීමක් හේතුවෙන් වන බැවිනි. මෙම අංශුව ( සාමාන්‍යයෙන් පරමාණු මිලියන් හෝ බිලියන ගණනක අඩංගු) අක්- වක් මාර්ගයක චලිත වුවද , තනි වායු පරමාණුවක් පරීක්ෂා කිරීමේදී බලාපොරොත්තු විය හැකි තරම් අක්වක් චලිතයක් නිරීක්ෂණය කළ නොහැක.
 
===අන්තර්අණුක බල===
"https://si.wikipedia.org/wiki/වායු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි