"රසායනික බන්ධන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: be-x-old:Хімічная сувязь
No edit summary
39 පේළිය:
 
1939 හේලින්ගේ පෙළපොත: ‘ඔන් ද නේචර් ඔෆ් ද කෙමිකල් බොන්ඩ්’ යන්න රසායනික විද්‍යාවේ “බයිබලය” වශයෙන් සමහරුන් හදුන්වන ලදී. රසායනික විද්‍යාව කෙරෙහි ක්වොන්ටම්වාදයේ බලපෑම තේරුම් ගැනීමට පරීක්ෂක රසායනික විද්‍යාඥයන්ට මෙම පොත බොහෝ සෙයින් වැදගත් විය. කෙසේ වෙතත් 1959 දී පැන නැගුණු ගැටළු ප්‍රමාණවත් පරමාණුක කක්ෂීයවාදයට වඩා හොදින් නිරාකරණය කිරීමට මෙම ග්‍රන්ථයේ නව ප්‍රකාශනයන් අපොහොසත් විය. 1960 හා 1970 වකවානු තුළදී සහ සංයුජවාදයේ බලපෑම ටිකෙන් ටික අඩු වූ අතර විශාල පරිගණක වැඩසටහන් තුළ භාවිතයත් සමගම පරමාණුක කක්ෂීයවාදය වර්ධනය විය. 1980 වන තෙක් වූ පරිගණක වැඩ සටහන් සදහා සංයුජතා බන්ධනවාදය යොදා ගැනීම මහත් ගැටළුවක් වූ අතර එය විශාළ වශයෙන් විසදීමත් සමගම සංයුජතා බන්ධනවාදය යළි මතු වීමට පටන් ගත්හ.
 
== සංයුජතා බන්ධනය හා අණුක කාක්ෂික වාදය අතර සංසන්දනය==
සමහර අංශවලින් සංයුජතා බන්ධන වාදය, අණුක කාක්ෂික වාදයට වඩා ඉදිරියෙන් සිටියි. මෙම සංයුජතා බන්ධන වාදය සරලම අණුව වූ, H<sub>2</sub> වලට , සරලතම ආකාරය වූ හෙයිට්ලර් - ලන්ඩන් පිවිසුම අනුව යොදන ලද ද, එහි බන්ධන ශක්තිය සඳහා වඩාත් ආසන්න අගයක් ලබා දෙයි. මීට අමතරව එය මඟින් බන්ධන බිඳීමේ හා තැනීමේ දී ඉලෙක්ට්‍රෝනවල හැසිරීම පිළිබඳ වඩා නිරවද්‍ය නිගමනයක් ලබා දෙයි. නමුත් සරල අණුකවල කාක්ෂික වාදය මඟින් අනාවැකි පළ කෙරෙන අයුරින් හයිඩ්‍රජන් අණු වියෝජනය වන්නේ හයිඩ්‍රජන් මුක්ත බන්ධන බවට හා ධන හා ඍණ හයිඩ්‍රජන් අයන බවටයි. මෙම ප්‍රතිඵලය කිසිසේත් භෞතිකව නොලැබේ. අණුක කාක්ෂික වාදය හා සංයුජතා බන්ධන වාදය සඳහා අන්තර් පරමාණුක දුර මුළු ශක්තියට එදිරිව විචලනය දක්වන ප්‍රස්ථාරයේ, සංයුජතා බන්ධන වාදය සඳහා අඳින ලද වක්‍රය, අණුක කාක්ෂික වාදය සඳහා අඳින ලද වක්‍රයට වඩා හැමවිමට ඉහලින් පිහිටන්නේ මන්ද යන්න ඉහත ප්‍රතිඵල මඟින් පැහැදිලි කරයි. ඉහත වෙනස වඩාත්ම හොඳින් දැක්වෙන්නේ වැඩි අන්තර් පරමාණුක දුර සඳහාය. මෙම ගැටළුව සියළුම සමාන න්‍යෂ්ටි සහිත ද්වි පරමාණුක අණු සඳහා ‍මතු වන අතර F<sub>2</sub> සඳහා ද විශේෂයෙන් බලපායි. එහි දී එය සඳහා අණුක කාක්ෂික වාදය මඟින් අඳින වක්‍රයේ අවම ශක්තිය, F පරමාණු දෙකෙහි ශක්තියට වඩා වැඩිය.
 
 
මුහුම්කරණය පිළිබඳ සංකල්පය මඟින් කෙතරම් හොඳින් සංසිද්ධි රාශියක් පැහැදිලි කළ හැකි නමුත්, කාබනික සංයෝගවල බන්ධනවල විචල්‍ය ස්වභාවය නිසා මෙම සංයුජතා බන්ධන වාදය කාබනික රසායනයේ වාග් මාලාවේ අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. කෙසේ වෙතත් ෆෙඩ්රික් හන්ඩ්, රොබට් මුලිකන් හා ගර්හාඩ් හර්ස්බර්ග් යන අයගේ පරීක්ෂණ මඟින් පෙන්නුම් කළ කරුණක් නම් අණුවල වර්ණාවලි, අයනීකරණ හා චුම්භක ලක්ෂණ පිළිබඳ වඩාත් සුදුසු විස්තරයක් ලබා දෙ‍න්නේ , අණුක කාක්ෂික වාදයෙන් බවයි. සංයුජතා වාදයේ අඩු ලුහුඬුකම් දිස් වන්නට වූයේ, පෝලිං විසින් යෝජනා කරන ලද බන්ධන මුහුම්කරණ ක්‍රියා පටිපාටියට අත්‍යවශ්‍ය d - කාක්ෂිකවලින් තොරව අධි සංයුජ අණු (උදා - PF<sub>5</sub>) පැහැදිලි කිරීමත් සමඟයි. ලෝහක සංකීර්ණ හා ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග (උදා - ඩයි බෝරෝන්) සංයුජතා බන්ධන වාදය මඟින් පැහැදිලි කර තිබුණ ද ඒවා පිළිබඳව වඩා හොඳ පැහැදිලි කිරීමක් අණුක කාක්ෂික වාදය මඟින් කළ හැකි බව පෙනුණි.
 
 
1930 කාල පරිච්ඡේදයේ දී මෙම ක්‍රමවේද‍යන් ප්‍රබල ලෙස එකිනෙක සමඟ ගැටුණ ද පසුව මෙම ක්‍රමවේදයන් දෙකම වඩාත් හොඳ ක්‍රමවේදයකට ආසන්න ඒවා බව වටහා ගන්නා ලදී. සරල සංයුජතා බන්ධන ආකෘතිය ගෙන එය එක් නිශ්චිත කාක්ෂික කාණ්ඩයක් හට ගන්නා සියළුම අයනික හා සහසංයුජ ආකෘති සමඟ මිශ්‍ර කළහොත් ලැබෙන්නේ පූර්ණ වින්‍යාසයික අන්තර් ක්‍රියා තරංග ශ්‍රිතයයි. ඒ අතරම භූමි අවස්ථා පිළිබඳ සරල අණුක කාක්ෂික හැඳින්වීමෙහි සමීකරණය, නිශ්චිත, ඉලෙක්ට්‍රෝන අඩංගු නොවන පරමාණුක කාක්ෂික කාණ්ඩයක් සියළුම උත්තේජිත අවස්ථා සඳහා වූ සමීකරණ සමඟ එකතු කළ විට ද පූර්ණ වින්‍යාසික අන්තර් ක්‍රියා තරංග ශ්‍රිතය ලැබේ. ඉන් පසුව පෙනී යන කාරණයක් වන්නේ අණුක කාක්ෂික වාදයේ පිවිසුම මඟින් අයනික ව්‍යුහයන් සඳහා පමණට වැඩි සැලකිල්ලක් ලබා දෙන අතර සංයුජතා බන්ධන වාදයේ පිවිසුම මඟින් ලබා දෙන්නේ පමණට වඩා අඩු සැලකිල්ලක් බවයි. අණුක කාක්ෂික වාදයේ පිවිසුම් පමණට වඩා විස්ථානගත වී ඇති අතර සංයුජතා බන්ධන වාදයේ පිවිසුම පමණට වඩා ස්ථානගත වී ඇතැයි සැලකීමෙන් මෙය විස්තර කළ හැකිය.
 
 
මෙම පිවිසුම් දෙක දැනට එකිනෙකට අනුපූරක ඒවා ලෙසට සැලකෙන අතර ඒවා මඟින් රසායනික බන්ධන පිළිබඳ ගැටළුවට ඒවාට ම විශේෂ වූ විවරන ලබා දෙයි. නූතන ක්වොන්ටම් රසායන විද්‍යාවේ ගණනය කිරීම් සාමාන්‍යයෙන් ආරම්භ කරන්නේ සංයුජතා බන්ධන වාදයෙන් නොව අණුක කාක්ෂික වාදයෙනි. එසේ යොදා ගන්නේ එහි ඇති වඩා උසස් බවත් නිසා නොව එහි පිවිසුම දැනටමත් සකස් කර ඇත්තේ සංඛ්‍යාත්මක පරිගණක ගණනයන් සඳහා වීම නිසාය. කෙසේ වෙතත් වඩාත් හොඳ සංයුජතා බන්ධන වැඩසටහන් දැනට පවතියි.
 
==ඉතිහාසය==
"https://si.wikipedia.org/wiki/රසායනික_බන්ධන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි