"හිරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: crh:Küneş
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: ta:பரிதி; cosmetic changes
28 පේළිය:
|ref=harv
}}</ref> මෙයින් අදහස් වන්නේ එහි ධ්‍රැවීය විෂ්කම්භය හා නිරක්ෂීය විෂ්කම්භය අතර වෙනස 10km පමණක් බවයි.
=== භ්‍රමණය ===
සූර්යයා සමන්විත වන්නේ [[ප්ලාස්මාව (භෞතික විද්‍යාව)|ප්ලාස්මාවකින්]] වන අතර එය ඝන වස්තුවක් නොවන බැවින්, එහි [[තාරකා විද්‍යාත්මක වස්තූන්හී ධ්‍රැවයන්|ධ්‍රැවයන්හිදීට]] වඩා වේගයෙන් එය එහි [[නිරක්ෂය|නිරක්ෂයේදී]] භ්‍රමණය වෙයි. මෙම ආචරණය හැඳින්වෙන්නේ [[සූර්ය භ්‍රමණය|ආන්තර භ්‍රමණය]] ලෙසින් වන අතර, එය එසේ වන්නේ සූර්යයා තුල ඇති වන [[සංවහනය]] නිසා සහ එහි ගර්භයෙහි සිට ඉවතට පවතින තියුණු [[උෂ්ණත්ව අනුක්‍රමණය|උෂ්ණත්ව අනුක්‍රමණයන්]] නිසාවෙන් ඇති වන ස්කන්ධ ගමනය හේතුවෙනි. ක්‍රාන්තිවලමය උත්තර ධ්‍රැවයෙහි සිට බලන කල්හී සූර්යයාගේ වාමාවර්ත [[කෝණික ගම්‍යතාව|කෝණික ගම්‍යතාවයෙහි]] කොටසක බැර මෙම ස්කන්ධය විසින් දැරෙන අතර, එනයින් කෝණික ප්‍රවේගයෙහි විබෙදුම යළි සිදුකෙරෙයි. මෙම ''සත්‍ය භ්‍රමණයෙහි'' කාලාවර්තය දළ වශයෙන් නිරක්ෂයෙහිදී දින 25.6 ක් හා ධ්‍රැවයන්හී දින 33.5 පමණ වෙයි. කෙසේවෙතත්, සූර්යයා වටා පරිභ්‍රමණය නිසාවෙන් අප විසින් පෘථිවියෙහි සිට සූර්යයා නැරඹුම් ලක්ෂ්‍යය නිරන්තරයෙන් වෙනස් වන බැවින්, එහි නිරක්ෂයෙහිදී තාරකාවෙහි ''දෘශ්‍ය භ්‍රමණය'' දින 28 ක් පමණ වෙයි.<ref name=Phillips1995-78>{{උපන්‍යාස පොත|last=Philips|first=Kenneth J.H.|title=Guide to the sun|year=1995|publisher=[[Cambridge University Press]]|isbn=9780521397889|pages=78–79}}</ref> මෙම ලැසි භ්‍රමණයෙහි කේන්ද්‍රාභිසාරී ආචරණය සූර්යයාගේ නිරක්ෂයෙහිදී පෘෂ්ඨික ගුරුත්වයට වඩා 18&nbsp;මිලියන ගුණයක් දුර්වල වෙයි. ග්‍රහ ලෝකයන්හී උදම් ආචරණය මෙයටත් වඩා දුර්වල වන අතර, සූර්යයාගේ හැඩය සැලකිය යුතු තරම් වෙනස් නොකරයි.<ref name=Schutz2003>{{උපන්‍යාස පොත|last=Schutz|first=Bernard F.|title=Gravity from the ground up|year=2003|publisher=[[Cambridge University Press]]|isbn=9780521455060|pages=98–99}}</ref>
 
=== රසායනික ===
සූර්යයා වනාහී [[සංගහන I තාරකා|සංගහන I]], හෝ බැර මූලද්‍රව්‍යයන්ගෙන් පොහොසත්,<ref group="සටහන" name="metals"> [[තාරකා විද්‍යාව|තාරකා විද්‍යාත්මක විද්‍යාවන්හීදී]], ''බැර මූල ද්‍රව්‍යයන්'' (හෝ ''ලෝහයන්'') යන්නෙන් අදහස් වන්නේ හයිඩ්‍රජන් සහ හීලියම් හැර අනෙකුත් සමස්ත [[රසායනික මූලද්‍රව්‍යය|මූලද්‍රව්‍යයන්]] වෙති.</ref> තාරකාවකි.<ref name=zeilik /> කිට්ටුව පිහිටි [[සුපර්නෝවා|සුපර්නෝවාවන්]] එකක් හෝ කිහිපයක කම්පන තරංගයන් නිසා සූර්යයාගේ නිර්මාණය ක්‍රියාරම්භය වන්නට ඇත.<ref name="Falk">
{{උපන්‍යාස ජර්නල්
45 පේළිය:
ඊනියා [[සංගහන II]] (බැර මූලද්‍රව්‍යය-විරල) තාරකාවල එම මූලද්‍රව්‍යයන්හී බහුලතාවය හා සංසන්දනය කරන කළ, [[සෞර ග්‍රහ මණ්ඩලය|සෞර ග්‍රහ මණ්ඩලයෙහි]] පවතින [[රත්රන්]] හා [[යුරේනියම්]] වැනි [[බැර ලෝහ|බැර මූලද්‍රව්‍යයන්ගේ]] අධික [[රසායනික මූලද්‍රව්‍ය බහුලතාවය|බහුලතාවය]] මෙම අදහස ඉදිරිපත් වීමට හේතු වී ඇත. මෙම මූලද්‍රව්‍ය නිපැයීම බොහෝ දුරට සිදුවන්නට ඇත්තේ සුපර්නෝවාවක් තුලදී [[ශක්තිවශෝෂක]] න්‍යෂ්ටික ප්‍රතික්‍රියා තුලින් හෝ මහත් විශාල දෙවන-පරම්පරාවෙහි තාරකාවක් තුලදී [[නියුට්‍රෝන අවශෝෂණය]] ඔස්සේ [[න්‍යෂ්ටික තත්ත්වාන්තරය|තත්ත්වාන්තරය]] මගින්ය.<ref name=zeilik />
 
=== පෘෂ්ඨය ===
ශිලාමය ග්‍රහලෝකයන්හී මෙන් නිශ්චිත මායිමක් සූර්යයාට නොමැති අතර කේන්ද්‍රයෙහි සිට දුර වැඩි වන විට එහි පිටස්තර කොටස්හීදී ඇති වායූන්ගේ ඝනත්වය [[ඝාතීය ව්‍යාප්තිය|ඝාතීය ලෙසින්]] පහළ බසියි.<ref name=Zirker2002-11>{{උපන්‍යාස පොත|last= Zirker |first=Jack B.|title=Journey from the centre of the sun |year=2002|publisher=[[Princeton University Press]]|isbn=9780691057811|page=11}}</ref> කෙසේවෙතත්, පහත විස්තර කෙරෙන පරිදී, සුවිශද අභ්‍යන්තර ව්‍යුහයක් එය සතුව ඇත. සූර්යයාගේ අරය මනිනු ලබනුයේ එහි කේන්දුයෙහි සිට [[ප්‍රභාගෝලය|ප්‍රභාගෝලයේ]] කෙළවර වෙතටය. සරල වශයෙන් පවසතොත් මෙම ස්ථරයට ඉහළින් පිහිටි වායුව සිසිල් වැඩි හෝ සිහින් වැඩි බැවින් සැලකියයුතු තරම් ආලෝක ප්‍රමාණයක් නිකුත් කිරීමට අසමත් වෙන බැවින් [[පියවි ඇස|පියවි ඇසට]] ඉතා පහසුවෙන් දිස්වන පෘෂ්ඨය එය වෙයි .<ref name=Phillips1995-73>{{උපන්‍යාස පොත|last= Phillips |first=Kenneth J.H.|title=Guide to the Sun |year=1995|publisher=[[Cambridge University Press]]|isbn=9780521397889|page=73}}</ref>
 
සූර්යය අභ්‍යන්තරය සෘජු ලෙසින් නිරික්ෂණය කළ නොහැකි අතර සූර්යයා [[විද්‍යුත්චුම්භක විකිරණය|විද්‍යුත්චුම්භක විකිරණයන්ට]] පාරාන්ධ බවක් දක්වයි. කෙසේවෙතත්, භූමිකම්පා විසින් ජනනය කරනු ලබන තරංග විසින් පෘථිවියෙහි අභ්‍යන්තර ව්‍යුහය අණාවරණය කිරීමට [[භූකම්පන විද්‍යාව]] ඉවහල් වනවා මෙන්ම, [[සූර්ය භූකම්පන විද්‍යාව]] නම් ශික්ෂාව විසින් සූර්ය අභ්‍යන්තරයෙහි ගමන් ගන්නා පීඩන තරංග ([[අවධ්වනිය]]) උපයෝගී කොට ගෙන තාරකාවේ අභ්‍යන්තර ව්‍යුහය මැනීම හා දෘශ්‍යකරණය සිදු කෙරෙයි.<ref name=Phillips1995-58>{{උපන්‍යාස පොත|last= Phillips|first=Kenneth J.H.|title=Guide to the Sun |year=1995|publisher= [[Cambridge University Press]]|isbn=9780521397889|pages=58–67}}</ref> සූර්යයාගේ [[පරිගණක නිරූපකරණය]] ද එහි ගැඹුරු ස්ථර විමර්ශනය කිරීම සඳහා සෛද්ධාන්තික මෙවලමක් ලෙසින් භාවිතා වෙයි.
 
=== ගර්භය ===
{{මූලික|සූර්ය ගර්භය}}
[[ගොනුව:Sun parts big.jpg|thumb|left|300px| සූර්ය-වර්ගයේ තාරකාවක ([[NASA]]) හරස්-කඩක්]]
92 පේළිය:
 
 
=== මුලද්‍රව්‍ය වල සුලබතාවය ===
බාකල් (Bahcal) විසින් 1990 දී සොයාගෙන ඇති පරිදි සුර්ය අභ්‍යන්තරයෙහි ඇති විශේෂ මුල ද්‍රව්‍ය සමහරකගේ ස්කන්ධ ප්‍රතිශතයන් මෙසේය.
* හයිඩ්‍රජන් - 34%
99 පේළිය:
 
 
=== ලිතියම්, බෙරලියම් සහ බෝරෝන් ===
පෙර සිතුවාට වඩා ලිතියම්, බෙරලියම් සහ ‍බෝරෝන් යන මුලද්‍රව්‍ය සුලබ බව 1968 දී බෙල්ජියානු විද්‍යාඥයෙකු විසින් සොයා ගන්නා ලදි.
 
=== නියෝන් ===
2005 වර්ෂයේ දී විද්‍යාඥයින් තිදෙනෙක් විසින් කියා සිටියේ සූර්යයා තුල නියෝන් වල සුලබතාවය පෙර සිතා සිටියාට වඩා වැඩි බවය.
 
=== හීලියම් ===
1986 වන තුරුම පිළිගෙන තිබුනේ සුර්යයාගේ හීලීයම් සංයුතිය Y = 0.25 බවය. නමුත් 1986 දී විද්‍යාඥයින් දෙදෙනෙකු විසින් එම සංයුතිය Y = 0.279 ක් බවට නිවැරදි කරන ලදි.
 
=== තනිව අයනීකරණය වූ යකඩ කාණ්ඩයේ මුලද්‍රව්‍ය ===
1970 දී යකඩ කාණ්ඩයේ මුලද්‍රව්‍ය සුර්යයා තුල කොතරම් සුලබද යන්න පිලිබද පර්යේෂණ දියත් කරන ලදි.
 
තනිව අයනීකරණය වූ යකඩ කාණ්ඩයේ මුලද්‍රව්‍ය වල සම්පූර්ණ gf අගයන් මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ කොරෝලිස්, බො‍ස්මාන් සහ වෝනර් විසිනි. ස්මිත් නැමැත්තා විසින් වැඩි දියුණු කරන ලද f අගයන් පරිගණක ගත කරන ලදි. තනිව අයනීකරණය වූ යකඩ කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වල සුලබතාවය 1978 වසරේ දී බෙයිමොන්ට් විසින් සොයාගන්නා ලදි. ඇතැම් යකඩ කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල, එනම් කොබෝල්ට් සහ මැන්ගනීස් වැනි මුලද්‍රව්‍ය වල සුලබතාව තීරණය කිරිමට අපහසු වී ඇත්තේ එම මූලද්‍රව්‍ය සතුව පවතින ඉතාමත් සියුම් ව්‍යුහයන් නිසාය.
 
=== සූර්යයා සහ ග්‍රහලෝකවල භාගික ස්කන්ධ සබඳතාව ===
සූර්යයාගේ සහ ග්‍රහලෝක වල නිෂ්ක්‍රීය වායුන්ගේ සමස්ථානික සංයුති අතර භාගික ස්කන්ධ අතර සබදතාවයක් ඇති බව බො‍හෝ ලේඛකයින්ගේ අවධානයට ලක් වූ කරුණකි. උදාහරණ ලෙස සුර්යයාගේ සහ ග්‍රහලෝකවල නියෝන්(Ne) සහ සෙනොන් (Xe) යන මුලද්‍රව්‍ය වල සමස්ථානික සංයුතිය පිළිබද සබඳතාවය ඔවුන් විසින් පෙන්වා දෙන ලදි. කෙසේ නමුත් 1983 වන තුරුම විශ්වාස කළේ සෞරග්‍රහ වායුගෝලීය සංයුතිය හා සූර්යයාගේ සංයුතිය සමාන බවය.
 
1983 වසරේ දී විද්‍යාඥයින් දෙදෙනෙකු විසින් අනාවරණය කලේ ග්‍රහලෝක සහ සූර්යයා අතර ඇති නිෂ්ක්‍රීය වායු වල සමස්තානිකයන්ගේ සංයුතිය අතර භාගික සබඳතාවට හේතුව සූර්යයාගේ භාගීකරණයම බවය.
 
=== මුලද්‍රව්‍ය විසරණය ===
සූර්යයා සෑදී ඇත්තේ රසායනික මුලද්‍රව්‍ය වලිනි. සුර්යයා තුල මෙම මුලද්‍රව්‍ය විසරණය ‍වී ඇති ආකාරය එනම් සූර්ය අභ්‍යන්තරය තුළ ඒවායේ පැතිරීම පිළිබඳ විශේෂ විද්‍යාත්මක අවධානයක් යොමු විය. සුර්ය මුලද්‍රව්‍ය වල විසරණය තීරණය කරන සාධක කිහිපයක් ඇත. ගුරුත්වාකර්ෂණය ඉන් එකකි. ගුරුත්වාකර්ෂණය නිසා බරින් වැඩි මුලද්‍රව්‍ය (උදාහරණ ලෙස වෙනත් බරින් වැඩි ලෝහ නොමැති අවස්ථාවලදී හීලියම් ) සූර්ය ස්කන්ධයේ මධ්‍යයට ඇලී පවතින අතර හයිඩ්‍රජන් වැනි බරින් අඩු මුලද්‍රව්‍ය සූර්යාගේ බාහිර පෘෂ්ඨය දෙසට පැතිරි පවතී.
 
 
==== හීලියම් විසරණය ====
සූර්ය අභ්‍යන්තරය තුල හීලියම් වල විසරණය විද්‍යාඥයින් ගේ විශේෂ අවධානයට පාත්‍ර වන්නකි. කාලයත් සමඟ හීලියම් වල විසරණ ක්‍රියාවලිය වේගවත් වන බව සොයාගෙන ඇත.
 
 
=== ප්‍රකාශ ගෝලයේ (Photosphere) මූලදුව්‍ය සංයුතිය ===
ප්‍රකාශ ගෝලයේ සංයුතිය, එනම් සූර්යාගේ මතුපිට ස්ථරවල සංයුතිය, ආදින් සෞරග්‍රහ මණ්ඩලයේ රසායනික සංයුතියට සමානතාවක් දක්වන බව 1968 දී සොයා ගන්නා ලදි. නමුත් ඩියුටීරිය, ලිතියම්, බොරෝන් සහ බෙරිලියම් යන මුලද්‍රව්‍ය වල සංයුතියන් මීට වඩා වෙනස් වේ
 
144 පේළිය:
වසර 41,000 හෝ වසර 100,000 ක කාල ප්‍රාන්තරයන් තුළ සූර්ය මධ්‍යයයේ චුම්භක අස්ථාවරත්වයක් සිදුවීම මගින් චුම්භක බලපෑමේ යම් අඩු වැඩිවීම් සිදුවන බව නවතම සිද්ධාන්ත පවසයි. මෙම සිද්ධාන්ත අයිස් යුගය පිළිබඳව “මිලන්කොවිච් චක්‍රය” ට වඩා හොඳ පැහැදිලි කිරීමක් ලබා දෙයි. නමුත් අභ්‍යාවකාශ භෞතික විද්‍යාවේ බොහෝ සිද්ධාන්ත මෙන්ම මෙම සිද්ධාන්තය ද එකවර පරීක්ෂා කළ නොහැකිය.
 
== සූර්යයාගේ චුම්භක ක්ෂේත්‍රය ==
 
සූර්යයාගේ ධ්‍රැවීය චුම්භක ක්ෂේත්‍ර වල වෙනස්වීම සෞරග්‍රහ මණ්ඩලයේ සියලු වස්තූන්ට බලපායි.
සූර්යයා පවතින්නේ වායු හා Plasma ස්වරූපයෙන් පමණි. ඊට හේතුව වන්නේ එහි අධික උෂ්ණත්වයයි. මෙම ස්වරූපය නිසා සූර්යයාගේ සමකාසන්න භ්‍රමණ කාලය, ධ්‍රැවයන්ට වඩා අඩු වේ. (ධ්‍රැවයන් ආසන්නයේ සූර්ය භ්‍රමණයට දින 35 ක් පමණ ගතවන අතර සමකාසන්නයේදී සූර්ය භ්‍රමණයට දින 25 ක් පමණ ගතවේ) මෙම භ්‍රමණ කාලයන්ගේ වෙනස නිසා හිරුගේ චුම්භක ක්ෂේත්‍ර රේඛා එකිනෙක ඡේදනය වීම සිදු වේ. මේ නිසා සමහරක් ස්ථානයන්ගේ චුම්භක බලපෑම අඩුවේ. එවිට එම ස්ථානයන්ගේ හිරුලප හා නෙරීම් (Solor Prominence) හට ගැනීමට හේතු වේ. මෙම චුම්භක රේඛා ඡේදනයන් නිසා හිරු තුළ පිහිටි ඉලෙක්ට්‍රොන වල වෙනස්වීම් සිදු වේ. අවුරුදු 11 ට වතාවක් මේ නිසා චුම්භක ක්ෂේත්‍ර දිශාවන් වෙනස් වේ.
සූර්යයාගේ මෙම ධ්‍රැව වෙනස්වීම සූර්ය පෘෂ්ඨයට බලපායි. මෙවිට පෘෂ්ඨයෙන් චුම්භක විහිදෙන දිශාවන් වෙනස් වේ. සෞරග්‍රහ මණ්ඩලයේ සියලු වස්තූන්ට හිරුගේ බලපෑම දැනීමට, සෞරග්‍රහ මණ්ඩලයේ Plosma හේතු වේ. Plosma වලින් තොර, රික්ත අභ්‍යවකාශයක් තිබුණේ නම් හිරුගේ චුම්භක බලපෑම පෘථිවියට 10-4 සිට 10-11 අඩුවිය යුතුය. නමුත් චන්ද්‍රිකාවන්ට අනුව Magnetohydrodynomic (MHD) ඉලෙක්ට්‍රොනික වලාවන්හි බලපෑම නිසා මෙම බලපෑම රික්ත තත්ත්වයකදී 10-9 ක් බව ගණන් බලා ඇත.
== සූර්යයා සම්බන්ධ ගැටළු ==
=== සූර්යයාගේ රුක් වළලු තාපන ගැටළු ===
 
160 පේළිය:
තරංග කාර්යක්ෂම තාපන ක්‍රමවේදයක් දැයි තවමත් පැහැදිලි නැත. “ඇල්ෆනි” තරංග හැර අනෙක් සියළුම තරංග රැස්වළල්ලට පැමිණීමට ප්‍රථම විසිරී යෑම හෝ වර්තනය වී යෑම සිදුවන බව සොයා ගෙන ඇත. ඇල්ෆන් තරංග සාමාන්‍යයෙන් රැස් වළල්ල තුළදී විසිරී නොයයි. එම හේතු නිසා රැස්වළලු සංසිද්ධිය පිළිබඳව නව අධ්‍යනයන් සිදු කරමින් පවතී. එය සිදුවිය හැකි ආකාරය පිළිබඳව දැනට සුළු වශයෙන් අනාවරණය කරගෙන තිබේ. කෙසේ වෙතත් එය ගවේෂණය සදහා විවෘත මාතෘකාවක් සපයා ඇත.
 
=== සෛද්ධාන්තික ගැටළු - සුර්ය නියුට්රිනෝව පිළිබද ගැටළුව ===
 
බොහෝ වසරවල පෘථිවිය තුළ නිරීක්ෂණය කරන ලද සුර්ය ඉලෙක්ට්‍රෝන නියුට්‍රියෝන ප්‍රමාණය සම්මත සූර්ය ආකෘතිය මත පදනම්ව අපේක්ෂා කරන ලද ප්‍රමාණයෙන් තුනෙන් එකක් හෝ අර්ධයක්ව පැවතුණි. මෙම පරස්පර විරෝධීතාවය අඩු කළ යුතුය. නැතහොත් සූර්ය ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝව සුර්යයා සහ පෘථිවිය අතර ගමන්කිරීමේදී නිරීක්ෂණය කළ නොහැකි tau බවට හෝ meon නියුට්‍රිනෝව බවට පරිවර්තනය විය යුතුය යන්න එම සිද්ධාන්තවල සදහන්ව තිබිණි.
168 පේළිය:
සූර්යයා නියුට්රිනෝවේ සමස්ත ශක්තියෙන් තුනෙන් එකක් පමණ සුළු ප්‍රමාණයක් පමණක් පෘථිවිය තුළදී ඉලෙක්ට්‍රෝන නියුට්රිනෝ මාදිලියෙන් දැකගත හැකි බවද සොයා ගැනුණි. මෙම සමානුපාතය නියුට්රිනෝව ස්කන්ධය බවට පත්වීමේ ක්‍රමය ගැන පැහැදිලි කරන මික්හේයිව් - ස්මිර්නෝව් -වුල්ෆෙන්ස්ටෙයින් සංසිද්ධිය සමග මනාව ගැලපේ. එහෙයින් සූර්යය නියුමිනෝව පිළිබද ගැටළුව විසදුණි.
 
=== අඳුරු තරුණ සූර්ය ගැටළුව ===
 
සෛද්ධාන්තික ආකෘති මගින් අදින් වසර බිලියන 3.8 ත් 2.5ත් අතර ප්‍රාග් කේම්බ්රියා යුගයේ දී සූර්යයාගේ වර්තමාන දීප්තියෙන් 75% පමණ ගහණය කර ඇත. එවන් දුර්වල සූර්යයයෙක් මගින් පෘථිවිය මත ද්‍රව හා ජලය නොපවතී. කෙසේ වෙතත් භූ විද්‍යාත්මක ආදර්ශනයන් මගින් පෘථිවිය තම අතීතය තුළ ස්ථායී උෂ්ණත්වයක් දරා සිටි බව පෙන්වාදී ඇත. සැබවින්ම මුල්කාලයේ පෘථිවිය දැන් පවතින පෘථිවියට වඩා තරමක් උණුසුම්ව පැවතිණි. එකළ පෘථිවි වායුගෝලය තුළ වර්තමානයට වඩා වැඩි ප්‍රතිශතවලින් හරිතාගාර වායූන් (කාබන්ඩයොක්සයිඩ් , මීතේන් , සහ ඇමෝනියා වැනි) අඩංගුව පැවති බවට විද්‍යාඥයින් තුළ ඒකමතිකභාවයක් පවතී. එම වායූන් මගින් පෘථිවිය කරා පැමිණෙන සූර්යය විකිරණය රදවා ගැනීම මගින් පෘථිවිය මත අවශ්‍ය තරම් තාපයක් රදවා ගනී.
185 පේළිය:
 
 
== සටහන් ==
{{ආශ්‍රලැයිස්තුව|group=සටහන}}
 
== ආශ්‍රිත ==
{{ආශ්‍රලැයිස්තුව|colwidth=30em}}
 
364 පේළිය:
[[sw:Jua]]
[[szl:Słůńce]]
[[ta:சூரியன்பரிதி]]
[[te:సూర్యుడు]]
[[tg:Офтоб]]
"https://si.wikipedia.org/wiki/හිරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි