"ලියෝන්හාඩ් ඔයිලර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ වෙනස් කරමින්: ur:لیونہارڈ اویلر
No edit summary
26 පේළිය:
කලනය හා ප්‍රස්තාර ප්‍රමේයයන් වැනි විශාල විවිධත්වයකින් යුත් ක්ෂේත්‍රවල වැදගත් සොයා ගැනීම් රැසක් ඉයුලර් විසින් සිදු කොට තිබේ. තවද ඔහු නූතන ගණිතමය පාරිභාෂිතයේ හා අංකනයේ විශාල ප්‍රමාණයක් හඳුන්වා දුන්නේ මොහු විසිනි. එයින් ගණිතමය විශලේෂණය සඳහා කළ දෑ විශේෂ වේ. ගණිතමය විශ්ලේෂණයේ ගණිතමය ශ්‍රිත පිළිබඳ මතය වැනි දේ හඳුන්වා දෙන ලද්දේ මොහුය.එලෙසම ඔහු යාන්ත්‍රික විද්‍යාව, ප්‍රකාශ විද්‍යාව හා තාරකා විද්‍යාව යන ක්ෂේත්‍රවල ඔහුගේ කාර්යයන් සඳහා ද ප්‍රසිද්ධියක් ලබා ඇත.
18 වැනි ශත වර්ෂයේ සිටි ශ්‍රේෂ්ඨතම ගණිතඥයකු ලෙස ඉයුලර් සැලකිය හැකිය ඔහු සැමදාටම වූ විශිෂ්ටතමයන්ගෙන් කෙනෙකි. එලෙසම ඔහු අතිශය ඵලදායී පුද්ගලයන්ගෙන් කෙනෙකු වන අතර ඔහුගේ කාර්යයන් එක් තැන් කළ ක්වෝර්ටෝ වෙළුම් 60-80 පිරවිය හැක. පියරි, සයිමන් ලාප්ලාස් අයත් වදනක් මෙලෙස ගණිතයට ඉයුලර්ගේ බලපෑම ප්‍රකාශ කරයි. “ඉයුලර් ගැන කියවන්න, ඉයුලර් ගැන කියවන්න, ඔහු අප සැමගේම ශාස්තෲවරයාය.”
ස්විස්ටර්ලන්තයේ ෆ්‍රෑන්ක් 10 බැංකු නෝට්ටුවේ හය වන ශ්‍රේණියේ සහ ස්විස්ටර්ලන්ත, ජර්මානු හා රුසියානු [[තැපැල් මුද්දර]] විශාල සංඛ්‍යාවක ඉයුලර් ගේ රුව ඇත. 2002 ඉයුලර් උල්කාපාතනය ඔහුට ගරු කිරීමක් ලෙස නම් කරන ලද්දකි. එලෙසම ලුතෙරන් පල්ලිය විසින් ඔවුන්ගේ ශාන්තු වරයාගේ දින දර්ශනයේ මැයි 24 වන දා ඔහුව අනුස්මරණය කරනු ලබයි.
 
== References ==
"https://si.wikipedia.org/wiki/ලියෝන්හාඩ්_ඔයිලර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි