"කිංස්වුඩ් විදුහල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
15 පේළිය:
 
 
[[මහනුවර]] '''කිංස්වුඩ් විද්‍යාලය''' අරඹන ලද්දේ උසස් පිරිමි පාසලක් ලෙසිනි. [[ඇල්.ඊ බ්ලසේ]] මහතා විසින් පාසල ආරම්භ කරන විට එහි සිසුන් එකොලොස් දෙනෙක් හා ගුරුවරුන් දෙදෙනෙක් විය. මහනුවර පැවිලියන් වීදීයේ '''උසස් බාලක විද්‍යාලය''' නමින් ඇරඹි විද්‍යාලයේ මුල් වසර කිහිපය ඉතා දුෂ්කර සමයක් විය. පාසැල් ගාස්තු පාසල පවත්වාගෙන යාමට පමණක් යන්තම් ප්‍රමාණවත් විය. පුද්ගලික පාසල් සදහා රජයේ අනුග්‍රහයක් නොලැබුණ හෙයින් පාසල [[මෙතෝදිස්ත මිෂනාරි සභාව|මෙතෝදිස්ත මිෂනාරි සභාවට]] භාර දීමට බ්ලසේ මහතාට සිදුවිය.
 
බ්ලසේ මහතා විසින් විද්‍යාලයටම අනන්‍ය වූ ආචාර ධර්ම පද්ධතියක් හදුන්වා දෙන ලදී. [[බ්‍රිතාන්‍යය|බ්‍රිතාන්‍ය]] රජයේ පාසල් ව්‍යුහයට සමාන ව්‍යුහයක් විද්‍යාලය තුලද ඇතිකරන ලදී. 1922 වසරේදී නිවාස ක්‍රමය පාසලට හදුන්වා දුන් අතර, නිවාස සදහා යොදාගන්නා ලද්දේ බ්‍රිතාන්‍ය ප්‍රසිද්ධ පාඨශාලා නාමයන්ය (ඊට්න්, හැරෝ, රග්බි, වින්චෙස්ටර්). අධ්‍යාපනඥයෙක් ලෙස එතුමා ලබා තිබූ කීර්තිනාමය අනුව යමින් ශක්තිමත් පදනමක් පාසල තුල බිහිකිරීමට එතුමා සමත්විය. විද්‍යාලයේ සිසුන් “කිංස්වුඩ් මහත්වරුන්” ලෙස හැදින්වීමට බ්ලසේ මහතා පියවර ගත් අතර, විදුහල්පති වශයෙන් (1891 සිට 1923 දක්වා) සේවය කල සමය තුල සිසුන් තුල මහත්මා ගුණාංග ජනනය කරනු වස් විවිධ සම්ප්‍රදායන්ද හදුන්වා දුන්නේය. විද්‍යාලයීය තේමා පාඨය ලෙස “වීශ්වාසනීයත්වය හා සත්ගුණවත්බව” යන අරුත් ඇති ලතින් පාඨයක් තෝරාගත් අතර විද්‍යාලයීය නිල වර්ණ ලෙස මෙරූන් හා තද නිල් වර්ණ තෝරාගන්නා ලදී. විද්‍යාලයීය තේමා ගී පද රචනය වන්නේද බ්ලසේ මහතා විසිනි.
"https://si.wikipedia.org/wiki/කිංස්වුඩ්_විදුහල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි