"මිනිස් ආහාර ජීරණ පද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රධාන වශයෙන් ආමාශය සහ අන්ත්‍ර/ බඩවැල් වලින් සමන්විත වේ.වඩා පුළුල්ව සැළකීමේදී මුකයේ සිට ගුඳය දක්වා සියළුම ඉන්ද්‍රියයන් මෙහි ලා සැළකේ.
වැඩිහිටි පිරිමියෙකුගේ ආහාර ජීර්ණ පද්ධතිය සාමාන්‍යයෙන් මීටර් 5 පමණ දිගකින් යුක්ත වේ.එය මීටර් 9 දක්වාද දිගින් යුක්ත විය හැකිය.පද්ධතිය ප්‍රධාන වශයෙන් පුර්වාන්ත්‍රිකය හෙවත් පෙර බඩවැල,මැදි බඩවැල සහ අපරාන්ත්‍රිකය යන් ප්‍රධාන කොටස් 3කින් සමන්විත වේ.ආහාර ජීර්ණ පද්ධතිය මගින් නිරන්තරයෙන් ජීර්ණය සඳහා අවශ්‍ය කරන හෝර්මෝන ශ්‍රාවය කිරීම සිදු කරනු ලබයි.ගැස්ට්‍රින්,සෙක්‍රටීන්,කොලෙසිස්ටොකිනින්,ග්‍රෙහිලින් යන හෝමෝන මේ යටතට ගැනේ.
ඉහළ ආහාර ජීර්ණ පද්ධතිය අන්නශෝතය,ආමාශය සහ ග්‍රහණිය හෙවත් කුඩා බඩවැලෙහි ඉහළ කොටස් යන ප්‍රධාන ඉන්ද්‍රියයන් 3කින් සමන්විත වේ.නමුත් ඉහළ ආහාර ජීර්ණ පද්ධතිය සහ පහළ ආහාර ජීර්ණ පද්ධතිය අතර මායිම් වෙනස් විය හැක.පහළ ආහාර ජීර්ණ පද්ධතිය සඳහා කුඩා බඩවැල් සහ මහා බඩවැල් අයත් වේ.සමහර අර්ථ දැක්වීම් වලට අනුව ගුදය ද මේ යටතෙහි ලා සැළකේ.කුඩා බඩවැල් ප්‍රධාන කොටස් 3කින් සමන්විත වන අතර මහා බඩවැල ද ප්‍රධාන කොටස් 3කින් සමන්විත වේ.
අතුණුබහන් හෙවත් බඩවැල්,දළ වශයෙන් කලලයේ 16 වන දිනයේ සිට මෙහි ව්‍යුහාත්මක වර්ධනය ඇරඹේ.භූණීය කාල පරාසයේදී මෙය ඉහත දක්වන ලද ප්‍රධාන කොටස් 3කට විභේදනය වීම සිදුවෙ.ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ඒ සඳහ ගතවන කාලය ඉතාමත් වැදගත් සාධකයකි.එය ආහාර වර්ගයේ ස්වභාවය වැනි කරුණු ගණනාවක් මත රඳා පැවතුනද දල වශයෙන් පැය 2.5 සිට 3 දක්වා වු කාල පරාසයක් ආහාරයේ 50% ජීර්ණට වී අවශෝෂණය වීමට වැය වන අතර එය ආමාශය පුර්ණ වශයෙන් හිස් වීමට පැය 4 සිට 5 දක්ව කාලයක් වැය වේ.
ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේදී ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉ‍ටු කරයි.ආහාර ජීර්ණ පද්ධතියේ පෘෂ්ඨ වර්ගඵලය පාපන්දු පිටියක වර්ගඵලයට සමාන යයි සැළකේ.මෙවැනි විශාල පෘෂ්ඨ වර්ගඵලයක් පැවතිම නිසා ශරීර ප්‍රතිශක්තිකරණ පද්ධතියට රෝග කාරක රුධිරයට හෝ වසා තරලයට ඇතුළු වීම වැළේක්වීමට විශාල කාර්ය භාරයක් සිදු කළ යුතු වේ.ආමාශයේ පවතින අඩු pH අගය (1 සිට 4 දක්වා)බොහෝමයක් ක්ෂුද්‍ර ජීවීන් (වෛරස්,බැක්ටීරියා) වලට මාරාන්තික වන අතර එමගින් විනාශයට පත්වේ.ශ්ලේශ්මල ස්‍රාවය මගින් ද විශාල වශයෙන් ක්ෂුද්‍ර ජීවීන් විනාශයට පත් වීම සිදුවේ.
== ඉහළ ජීරණ ආන්ත්‍රික කාර්ෂය ==
[[ගොනුව:Stomach colon rectum diagram.svg |thumb|right
"https://si.wikipedia.org/wiki/මිනිස්_ආහාර_ජීරණ_පද්ධතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි