"මහජන අර්ථසිද්ධි නඩුකර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
ඕනෑම පුද්ගලයකු විසින් අධිකරණමය ක්‍රියාවලියක් සදහා යොමුවනුයේ තමාට සිදුවූ යම් අසාධාරණයක් හෝ අයුක්තියක් වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරවා ගැනීමටය. නොඑසේ නම් තමන් මුහුණපාන නීතිමය ගැටලුවක් නිරාකරණය කරගැනීමටය.
එහෙත් මහජන අර්ථසිද්ධි නඩුකරයකදී කෙරෙනුයේ තමාගේ යහපත වෙනුවෙන් නඩු පැවරීමක් නොව සමාජයේ පොදුමහත් ජනතාවගේම යහපත උදෙසා යම්
පුද්ගලයකු හෝ ආයතනයක් අධිකරණමය ක්‍රියාමාර්ගයකට එළඹීමය.
 
=='''හැඳින්වීම'''==
 
අධිකරණමය ක්‍රියාදාමයක් යනු සංකීර්ණ හා වියදම් අධික කාර්ය පටිපාටියකි. මේ හේතුවෙන් යුක්තිය යනු සමාජයේ වරප්‍රසාද ලත් පංතියට පමණක් සීමා වූවක් ලෙස නිර්ධන පංතිය තුළ මතයක් ගොඩනැගී ඇත. ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවලට මෙම තත්වය විශේෂයෙන් අදාලය. මේ හේතුවෙන් සිදුවන ඕනෑම අසාධාරණයක්,විපතක් ඉවසා දරා ගැනීමට බහුතර පොදු ජනතාව හුරැවී සිටී.
මහජන අර්ථසිද්ධි නඩුකර (Public Interest Litigation) නම් නව නීති සංකල්පය උපත ලබනුයේ මෙවන් පරිසරයක් තුළය. සමාජයේ අසරණ පුද්ගලයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් රැකදීමට මානව හිමිකම් ක්‍රියාකාරිකයින්ට හා සංවිධානයන්ට එමගින් නව මාවතක් විවරව ඇත. පොදු මහජනතාවගේද යුතුකම වනුයේ "තමාට" යන ආත්මාර්ථකාමී සංකල්පයෙන් මිදී "අපට" යන්න පරාර්ථකාමී සංකල්පය පෙරදැරිනකාටගෙන තමාගෙත්, සමාජයේ අන් සියලුදෙනාගෙත් අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා එවන් කර්තව්‍යන්ට හැකි උපරිම සහයෝගය ලබාදීමයි.
 
 
=='''මහජන අර්ථසිද්ධි නඩුකර යනු මොනවාද?'''==
 
ඕනෑම පුද්ගලයකු විසින් අධිකරණමය ක්‍රියාවලියක් සදහා යොමුවනුයේ තමාට සිදුවූ යම් අසාධාරණයක් හෝ අයුක්තියක් වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරවා ගැනීමටය. නොඑසේ නම් තමන් මුහුණපාන නීතිමය ගැටලුවක් නිරාකරණය කරගැනීමටය.
එහෙත් මහජන අර්ථසිද්ධි නඩුකරයකදී කෙරෙනුයේ තමාගේ යහපත වෙනුවෙන් නඩු පැවරීමක් නොව සමාජයේ පොදුමහත් ජනතාවගේම යහපත උදෙසා යම්
පුද්ගලයකු හෝ ආයතනයක් අධිකරණමය ක්‍රියාමාර්ගයකට එළඹීමය.
 
=='''මහජන අර්ථසිද්ධි නඩුකරයන්හි ඉතිහාසය'''==
"https://si.wikipedia.org/wiki/මහජන_අර්ථසිද්ධි_නඩුකර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි