"තරල ගති විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Hase1995 මගින් සිදුකල 202048 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) වන්ධල්‍යය
No edit summary
1 පේළිය:
[[Imageගොනුව:300px-Teardrop_shapeTeardrop shape.svg.png|frame|thumb|alt=tiny globe|thumb300px|සාමන්‍ය වායු ගති විද්‍යාත්මක කඳුළු බින්දුවක හැඩයෙහි පවතින,(පීඩන ව්‍යාප්තිය කළු පැහැති ඉරෙහි ඝනකම මගින් සහ සීමාස්තරයෙහි ප්‍රවේගය දම් පැහැ ත්‍රිකෝණ වලින් ද දැක්වේ) ආකූල ප්‍රවාහයක් ඉක්මණින් සෑදීමට කොල පැහැති සළා උත්පාදක උපකාරී වන අතර එමගින් ආපසු ගලා යාමද වළකයි. ඉහළ පීඩන කලාපයෙන් ප්‍රවාහය වෙන්කිරීම ලෙසද මෙය හැඳින් වේ. ඉදිරියෙන් ඇති පෘෂ්ටය මත ආකූල ප්‍රවාහයන් ඇති වීම මගින් ප්‍රවාහයේ ශක්ති හානියක් සිදුවන බැවින් එය ඉතා සුමට වන අතර මෝරෙකුගේ වැනි හමක්ද ඇතැම් විට භාවිතා වේ. Kammback මඟින් පිටුපස ඇති ඉහළ පීඩන කලාපයේ සිට ස්පොයිලර්ස් (spoilers) හරහා අභිසාරී කොටසට ප්‍රවාහය ආපසු ගලා ඒම වළක්වාලයි. විවිධ ද්‍රව්‍ය ඇතුළත සිට පිටතට යාමේදී බටයක් නිර්මාණය වන අතර අභිසාරී කොටසේ දී ප්‍රවාහ වෙන්වීම හෙවත් විසරකය නිර්මාණය වීම වැනි ගැටලුවලටද මුහුණ පෑමට සිදුවේ. මෙම හැඩය කොටස් දෙකකට කපා වෙන් කිරීම මගින් ඉහළින් අඩු පීඩන කලාපයක් නිර්මාණය වී මෙන් ඉහළට(බලයක් ඇතිවීමෙන්) එසවීම සිදුවී වාපතක් නිර්මාණය වේ.]]
තරල ගති විද්‍යාව(fluid dynamics), තරල යාන්ත්‍රික විද්‍යාවේ(fluid mechanics) තරල ප්‍රවාහයන් සම්බන්ධයෙන් වූ උප විෂය ධාරාවේ එන තරල(ද්‍රව හා වායු )චලිතය හා සම්බන්ධ වෙයි. එහිද වායු ගතිවිද්‍යාව(වායු චලිතය පිළිබඳ අධ්‍යයනය) හා ද්‍රව ගති විද්‍යාව(ද්‍රව චලිතය පිළිබඳ අධ්‍යයනය) ද ඇතුළත්ව තවත් විවිධ උප විෂයයන් පවතී. තරල ගති විද්‍යාවේ යෙදීම්වලට ගුවන් යානාමත ක්‍රියාකරන බලයන් හා ඝූර්ණයන් ගණනය කිරීම, නළ හරහා පෙට්‍රෝලියම් හි ස්කන්ධය ගලායාමේ ශීඝ්‍රතාවය නිර්ණය කිරීම, කාලගුණ රටා පිළිබඳ අනාවැකි පළ කිරීම, තාරකා අතර පවත්නා අවකාශයේ(interstellar space) පිහිටන කුඩා වලාකුළු(nebulae) පිළිබඳව අධ්‍යයනය හා විඛණ්ඩන අවි පිපිරවීම ආදර්ශනය කිරීම ඇතුලු ඉතා පුළුල් පරාසයක යෙදීම් ඇතුළත් වේ. මෙහි අඩංගු මූලධර්මයන් රථවාහන ඉංජිනේරු විද්‍යාවේ(traffic engineering) ද භාවිතා වන අතර මෙහිදී, ගමන් කරන රථවාහන සන්තතික තරලයක් ලෙස සැළකේ. තරල ගතිවිද්‍යාව, මෙවැනි ප්‍රායෝගික විෂය ක්ෂේත්‍රයන්ට ආධාර වන ලෙස හා ප්‍රායෝගික ගැටළු විසඳීමේ දී ප්‍රවාහයන් මැනීමෙන් උකහා ගන්නා ලද ආනුභවික හා අර්ධ ආනුභවික නීති සඳහා වන ක්‍රමවත් ව්‍යුහයක් ඉදිරිපත් කරයි. තරල ගතිවිද්‍යාවේ ගැටලුවලට විසඳුම් සෙවීමේ දී බොහෝ විට තරලයෙහි ප්‍රවේගය, පීඩනය, ඝනත්වය හා උෂ්ණත්වය වැනි ගුණයන් අවකාශය හා කාලයෙහි ශ්‍රිතයක් ලෙස ගණනය කිරීමද ඇතුළත් වේ.
 
"https://si.wikipedia.org/wiki/තරල_ගති_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි