"දෙවන ලෝක යුද්ධය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ වෙනස් කරමින්: nn:Andre verdskrigen
160 පේළිය:
පැසිපික් කලාපයේ දී 1944 අවසානයේ දී පමණ ‘ලෙයිටෙ’හි බාධක ඉවත් කරමින් ඇමෙරිකන් හමුදා ඉදිරියට ගියේය. ඔව්හු 1945 ජනවාරි ලූසෝන් වෙතද මාර්තුවේදී මින්දනාඕ වෙතද ගොඩ බැස්සාහ. බ්‍රිතාන්‍ය සහ චීන හමුදා ඔක්තෝබර් සිට මාර්තු දක්වා කාළය තුළ උතුරු බුරුමයෙන් ජපානය පලවා හැරියේය. අනතුරුව මාර්තු 3 වැනිදා වන විට බ්‍රිතාන්‍යය රැන්ගුන් දක්වා ඉදිරියට සීඝ්‍රයෙන් ගියේය.
 
== නාගසාකි න්‍යෂ්ටික පිපිරුම ==
 
 
167 පේළිය:
ජුලි 11 දින මිත්‍ර රටවල්වල නායකයෝ ජර්මනියේ පෝට්ස්ඩෑම්හි දී හමූවූහ. ඔවුහු කලින් ජර්මනිය සම්බන්ධයෙන් තිබූ ගිවිසුමක් නැවත ස්ථිර කරමින් කොන්දේසි විරහිතව යටත්වන ලෙස ජපානයෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේ “ජපානයට ඉක්මන් විකල්පයක් සහ සම්පූර්ණ විනාශයක් අවශ්‍යයි” යනුවෙන්ද ප්‍රකාශ කරමිනි. මෙම සාකච්ඡා අතර වාරයේ බ්‍රිතාන්‍යය ඵහි මැතිවරණයක් පැවැත් වූ අතර ඵයින් චර්චිල් වෙනුවට ක්ලෙමන්ට් ඇට්ලි අගමැතිවරයා වශයෙන් තේරී පත් විය.
 
ජපානය පෝස්ට්ඩෑම් කොන්දේසි ප්‍රතික්ෂේප කළේය. ඇමෙරිකාව අගෝස්තු 6 හිරෝෂිමාවට ද අගෝස්තු 9 නාගසාකි නගරයට ද බෝම්බ දැමූහ. අගෝස්තු 8 වැනිදා සෝවියට් දේශය මැන්චූරියාව ආක්‍රමණය කළේ යෝල්ටාවේ දී ඵකඟ වූ පරිද්දෙනි. යුද්ධය නිමා කරමින් 1945 අගෝස්තු 15 දින ජපානය යටත්විය.
 
== යුද අධිකරණ ==
"https://si.wikipedia.org/wiki/දෙවන_ලෝක_යුද්ධය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි