"චිත්‍රපට ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
43 පේළිය:
 
පේටන්ට් අයිතිය ලබා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකානු චිත්‍රපට නිපදවන සමාගම් නඩු මඟට පිවිසීමේ ප්‍රවණතාවයක් මෙම කාලයේදී ඇතිවෙමින් තිබුණි. 1908 අග භාගය වන විට ඇමෙරිකානු චිත්‍රපට සමාගම් පාලනය සඳහා ඔවුන් විසින් පේටන්ට් බලපත්‍ර සංචිතයක් පිහිටුවීමෙන් අරමුදලක් ඇති කිරීමට තීරණය කරන ලදී. මෙසේ සලකා බැලූ සමාගම් වන්නේ ප්‍රධාන යුරෝපීය චිත්‍රපට ආනයනය කරනු ලබන පතේ, එඩිසන්, බයෝග්‍රාෆ්, විටාග්‍රාෆ්, ලියුබින්, සෙලිග්, එසනේ, කාලෙම් හා ක්ලේන් ඔප්ටිකල් යන සමාගම්ය. එක්සත් ජනපදයේ එකම චිත්‍රපට තොග නිෂ්පාදකයා හා මෝෂන් පික්චර් පේන්ටන්හි ඊස්ට්මන් කොඩැක් යන එකතුවෙහි කොටසක් වන ජෝර්ජ් ඊස්ටර්න් සමාගම චිත්‍රපට තොග, සාමාජිකයින්ට පමණක් සැපයීමට එකඟ විය. සියලුම චිත්‍රපට බෙදාහරින්නන්ගෙන් හා ප්‍රදර්ශණය කරන්නන්ගෙන් චිත්‍රපට ප්‍රදර්ශණය හා ප්‍රක්ෂිප්ත සඳහා බලපත්‍ර ගාස්තුවක් අය කරන ලදී. අරමුදලෙහි කොටසක් වන නිෂ්පාදන බලපත්‍ර ලාභී ප්‍රදර්ශකයන් සඳහා ඔවුන්ගේ වැඩසටහන් සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් පරිදි තමන්ගේ නිෂ්පාදන සලාක බෙදා හරින ලදී. (විශාල ප්‍රදර්ශකයින් සඳහා පට දෙකක චිත්‍රපට සතියක් සඳහා, කුඩා ප්‍රදර්ශකයින් සඳහා සතියකට එක පටයක් බැගින්) විටාග්‍රාෆ් හා එඩිසන් යන සමාගම් ඔවුන්ට අවශ්‍ය සලාක ලැබීමේදී අපහසුතාවයන්ට පත් නොවන්නේ මෙම සමාගම් සතුව නිෂ්පාදන ඒකක රාශියක් පැවතීම හේතුවෙනි. නමුත් 1908 දී බයෝග්‍රාෆ් සමාගම විසින් ඔවුන්ගේ එක් ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු අහිමිකර ගන්නා ලදී. ඔවුන් තමන්ගේ චිත්‍රපට හැදීමේ අවස්ථාව අදක්ෂ නළුවකු හා තිරරචකයකු වන D.W. ග්‍රිනිත්ට පිරිනමන ලදී. ග්‍රිනිත්ට එම රැකියාව සඳහා දක්ෂකමක් ඇති බව ඔවුන් විසින් වටහා ගන්නා ලදී. 1908 සිට 1910 දක්වා ඔහු විසින් තනිවම බයෝග්‍රාෆ් සමාගම සඳහා චිත්‍රපට නිපදවන ලදී. මෙය සතියකට මිනිත්තු 30 ක තිර කාලයක් විය.
 
නමුත් මෝෂන් පික්චර් පේටන්ට් සමාගමේ චිත්‍රපට කෙරෙහි පැවැති වෙළෙඳපොළ ඉල්ලුම එහි සාමාජිකයින්ට සැපයිය හැකි ප්‍රමාණයට වඩා වැඩිවිය. 6000 ක් පමණ ප්‍රදර්ශකයින් MPPC අරමුදලේ සාමාජික්වය ලබා ගත්තත් 2000 ක් පමණ වන අනෙක් සාමාජිකයින් ඒ සඳහා ඇතුළත් නොවුණි. සුළුතරයක් වන හුවමාරුකරුවන් (බෙදාහරින්නන්) MPPC අරමුදල සඳහා ඇතුළත් නොවී සිටියහ. මෙම ස්වාධීන හුවමාරුකරුවන් අලුත් චිත්‍රපට නිෂ්පාදන සමාගම් සොයා ගැනීමට පටන් ගත්හ. 1991 වන විට ප්‍රමාණවත් තරම් ස්වාධීන හා විදේශීය චිත්‍රපට ස්වාධීන ප්‍රදර්ශකයින්හට ලැබුණි. 1912 වන විට ස්වාධීන ප්‍රදර්ශකයින් වෙළෙඳ පොළෙන් අඩක් පමණ විය. සමස්ත එක්සත් ජනපද වෙළෙඳපොළ පාලනය කිරීමට MPPC හි වු අරමුණ ප්‍රබල ලෙස පරාජය කරන ලදී. MPPC අරමුදලට එරෙහිව පමණක් දැනට අරඹා ඇති රජයේ ප්‍රතිසංගතභාවී (Anti- trust) ක්‍රියාමාර්ගය සත්‍ය වශයෙන්ම පරාජය කිරීමට අවශ්‍ය නොවුණි.නොවුණ
 
===චිත්‍රපට තාක්ෂණය===
වැඩිවුණු චිත්‍රපට නිෂ්පාදනයත් සමඟ කෘතිම ආලෝකකරණය වැඩි වශයෙන් චිත්‍රාගාර වල පැතිරුණු හිරු එළියට අමතරව යොදාගන්නා ලදී. මේ නිසා දිනක් තුල චිත්‍රපටියක් පටිගත කල හැකි පැය ගණන වැඩි විය. මේ සඳහා ප්‍රධාන වශයෙන් වීදි ආලෝකකරණය සඳහා යොදාගන්නා ලද චාප පහන් භාවිතා කරන ලදී. මේවා රංගන ශිල්පීන්ට ඉදිරියෙන් වහලයේ ‍එල්ලා හෝ කණ්ඩායමක් විසින් උඩකට නැග යොමු කරන ලදී. චාප පහනක් වටා ලෝහ පරිවර්තකයක් එකතු කිරීමෙන් පුළුල් ආලෝක ධාරාවක් අඹ ගස දිසාවකට යොමු කරගත හැක. මේ ආකාරයටම ස්ථානගත කරන ලද රසදිය වාෂ්පිත ටියුබ්ලයිට් දෙකක් මේ සඳහා භාවිතා කරන ලදී. චාප පහන්, පහන් ආලෝකය හෝ ගිනි ආලෝකය වැනි විශේෂ ආලෝක කරන බලපෑම් ඇති කිරීම සඳහා 1906ට පෙර භාවිතා කරත් වර්ථමානයේ මෙය සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබේ.
 
[[ගොනුව:VitstuW1.gif|right|thumb|ඉහලින් එල්ලන ලද චාම් ආලෝකය ප්‍රවාහයක් ආශ්‍රයෙන් A.E. Smith The bargain Fiend චිත්‍රපටිය 1907 දී Vitagraph චිත්‍රාගාරයේදී සිදු කිරීම]]
 
ඉතා අර්ථාන්විත ගිනිබලපෑමක් (Fire effect) පවතින්නේ 1909දී තිරගත වූ D.W. Griffith ගේ “The Drunkard’s Reformation” චිත්‍රපටයේය. එහිදී තම වැරදි සාදාගන්නා ලද බේබද්දා ලිප ගිනි මෙලවීමටත් කලින් ඔහුගේ පවුල සමග සතුටින් යළි එකතුවේ, චිත්‍රපටය ආරම්භයේ ගින්දර නොමැති ලිප සීතල වී තිබේ. එමඟින් පවුලේ අසරණ භාවය නිරූපණය වේ.
 
[[ගොනුව:VitlkW1.gif|right|thumb|අශුභ බලපෑමි සඳහා පහත් ආලෝකයක් The mystery of temple court චිත්‍රපටියේ යොදා ගැනීම]]
 
අමු ආලේකකරණය (low – key lightning) ශෝකජනක / අශුභ දර්ශන වලදි යොදා ගන්නා ලදී. නමුත් D.W. Griffith ගේ චිත්‍රපට වල මෙය දක්නට නොලැබේ. 1910දි නිෂ්පාදනය වූ Nitagraph’s thriller The mystery of temple court වැනි චිත්‍රපට වලදී අමු ආලේකකරණ අපරාධ දර්ශනය සඳහා භාවිතා කරන ලදී. ඔවුන්ගේ හෘර්ද සාක්ෂියට අනුව අමු ආලේකකරණය භයංකර දර්ශන සඳහා කෘතිම ආලෝකයක් විය.
 
[[ගොනුව:QuovadW1.gif|right|thumb|Quo Vadis චිත්‍රපටියේ Nero දල්වන ලද චාප ආලෝක ප්‍රවාහය.]]
 
මේ ආකාරයේ ආලෝකකරණයක් 1911 සිට ඉදහිට නිරූපීය චිත්‍රපට වල දක්නට ලැබිණි. පහත් කෝණයකින් එන ආලෝකකරණයක් 1912 දී තිරගත වූ Quo Vadis ? නම් ඉතලියානු වීර චිත්‍රපටියේ වැඩිමනක් භාවිතා කරන ලදී. මීට අමතරව 1914දී තිරගත වූ ප්‍රසිද්ධ cadiria චිත්‍රපටියේ අත්භූත වටපිටාවක් ප්‍රතිසාධනය කිරීම සඳහා මෙය යොදා ගන්නා ලදී.
 
අඳුරු සේයාවක බලපෑමි සහිත දර්ශන 1909දී ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉතාලියේ දර්ශනය විය. ඒවන විට තත්වය දියුණු මට්ටමක පැවතියත් යුරෝපීය චිත්‍රපට නිෂ්පාදකයන් ඇමෙරිකානුවන්ට වඩා වැඩි වශයෙන් මෙය භාවිතා කරන ලදී.
 
මෙහිදී වඩා වැදගත් අංශයක් වූයේ මෙම දර්ශන ඛණ්ඩ සඳහා හිරු එළිය පසෙකින් සම්බන්ධ කර ගැනීමයි. මෙම ප්‍රවේශය තවදුරටත් වර්ධන කරමින් සුදු මතුපිටක් ආශ්‍රයෙන් හිරු එළිය පරාවර්තනය කර රංගන ශිල්පීන්ගේ මුහුණු වල සෙවනැලි ආලෝකමත් කිරීම සඳහා යොදා ගන්නා ලදී. චිත්‍රප‍ට නිෂ්පාදක D.W. Griffith ගේ සහ ඔහුගේ කැමරාකරු වූ Billy Bitzer විසින් සොයාගන්නා ලද නව තාක්ෂණය විය. මෙහි ඊලඟ පියවර වූයේ පසු පස ආලෝකකරණය (back lighting) චිත්‍රාගාර වලදී රංගන ශිල්පීන් සඳහා යොදා ගැනීමයි. මේ දක්වා කෘතිම ආලෝකකරණය චිත්‍රාගාර වල භාවිතා කරන ලද්දේ ඉදිරියෙන් පැවති ප්‍රදේශ වලිනි. නමුත් 1912දී චාප ආලෝක ප්‍රවාහයන් රංගන ශිල්පීන්ට ඔබ්බෙන් එක්පැත්තකට යොමු කරන ලදී. මෙය යම් විධියක පසුපස ආලෝකකරණයක් ලෙස හැදින්විය හැකිය‍. 1915 වන විට සූර්යාලෝකය නිසා රංගන ශිල්පීන්ට සිදුවන බලපෑම චිත්‍රාගාර තුලදී නැති කරන ලදී. මේ සඳහා බලවත් චාප පිරික්සුම් පහනක් (Arc spotlight) ඉදිරියෙන් හා පසෙකින් රංගන ශිල්පීන්ට යොමු කරන ලදී. මෙය කෙමෙන් කෙමෙන් චිත්‍රාගාර ආලේකකරණයේ පිළිගත් උපාංගයක් විය. ඇමෙරිකානුවන් මෙය අ‍ාරම්භකරන ලද අතර යුරෝපීය කැමරා ශිල්පින්ට මෙය යොදා ගැනීමට විශාල කාලයක් ගතවිය.
 
 
 
== චිත්‍රපටවල අතීත ආවර්ජන ගොඩනැංවීම ==
"https://si.wikipedia.org/wiki/චිත්‍රපට_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි