"චිත්‍රපට නිර්මාණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
45 පේළිය:
 
චිත්‍රපටය වැඩිදුර වෙනස්කම් කිරීම්වලින් තොරවූ විට සංස්කාරකගෙන් ශබ්දාගාරය වෙත ස්වරමාලා නිර්මාණය සඳහා යවනු ලබයි. ශබ්ද පටිගත කිරීම් සමකාලීන කිරීමෙන් පසු අවසන් ශබ්ද මිශ්‍රය සාදනු ලබයි. ශබ්ද බලපෑම, වටපිටාවෙහි ශබ්ද, ADR දෙබස්, Walla සහ සංගීතය ශබ්ද මිශ්‍රය මඟින් සංයෝග කරනු ලබයි.
 
== චිත්‍රපට බෙදාහැරීම ==
 
මෙය චිත්‍රපට නිර්මාණයේ අවසන් අදියර වන අතර මෙහිදී චිත්‍රපටය සිනමා ශාලා හෝ කලාතුරකින් DVD, VCD හෝ VHS (VHS පට වර්තමානයේ එතරම් භාවිත නොවන අතර වැඩිදෙනෙක් සතුව DVD ධාවක යන්ත්‍ර පවතී.) ඔස්සේ බෙදාහරිනු ලැබේ. චිත්‍රපටි සිනමාමය බෙදාහැරීම සඳහා අවශ්‍ය පරිදි පිටපත් කරගනු ලැබේ. මාධ්‍ය සඳහා විශේෂිත කට්ටලයන් ලබාදෙන අතර පොස්ටර් සහ අනෙකුත් ප්‍රචාරක ද්‍රව්‍යය පළකිරීම මගින් චිත්‍රපටය පිළිබඳව ප්‍රචාරය කරනු ලැබේ.
සාමාන්‍යයෙන් චිත්‍රපටය උත්සවාකාරයෙන් ප්‍රදර්ශණය ආරම්භ කෙරෙන අතර මාධ්‍ය සාකච්ඡා සිදු කිරීම සහ ප්‍රකාශ නිකුත් කිරීමද සිදුකෙරෙයි. තවද ඇතැම් විට නිර්මාණයෙහි පෙරදසුනක් මාධ්‍ය වෙත ලබාදෙන අතර චිත්‍රපටය සිනමා උත්සව වෙතද ඉදිරිපත් කෙරෙයි. චිත්‍රපටය පිළිබඳ විස්තර ඇතුළත් වෙබ් අඩවියක් ද නිර්මාණය කිරීම බොහෝ විට සිදුවේ. තෝරා ගනු ලැබූ සිනමා ශාලාවල චිත්‍රපටය ප්‍රදර්ශණය කෙරෙන අතර සාමාන්‍යයෙන් මාස කිහිපයකට පසු DVD පිටපත් නිකුත් කෙරෙයි. සාමාන්‍යයෙන් චිත්‍රපටය සහ DVD පිටපත් ලොව පුරා ප්‍රචාරණය සඳහා අලෙවි කිරීමේ බලතල අලෙවි කෙරෙයි. ලැබෙන ලාභය බෙදාහැරීමේ ආයතනය සහ නිෂ්පාදක ආයතනය අතර බෙදා ගනු ලැබේ.
"https://si.wikipedia.org/wiki/චිත්‍රපට_නිර්මාණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි