"ලලිත් ඇතුලත්මුදලි ඝාතනය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
===ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවීම ===
1991 නොවැම්බර් 28 දිනදී ඔවුහූ [[ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ]] (ප්‍රඑජාපෙ) නමින් වෙන්වූ දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්හ. ඇතුලත්මුදලි මහතා එහි පක්ෂ නායකයා ලෙසින් තෝරා පත් කර ගැණිනි. 1991-92 අතරතුර කාලයේදී සිව් වතාවක්, ඇතුලත්මුදලි මහතා සහ ඔහුගේ ආධාරකරුවන්, ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් හෝ මැරයන් යැයි සැකකෙරෙනවුන් අතින් කායික වශයෙන් ප්‍රහාර වලට ලක් වූහ. මෙම සිද්ධීන් ඇති වූයේ 1991 නොවැම්බර් 2 දින පන්නලදී, 1992 අප්‍රේල් 23දින මඩපාතදී, 1992 අගෝස්තු 7 දින කොටුව දුම්රියපොළ අසලදී, සහ 1992 අගෝස්තු 29 දින [[දෙහිවල-ගල්කිස්ස |දෙහිවලදී]] යන වශයෙනි.<ref name="Untold Story2"/> 1993 මාර්තු 16 වනදිනදී, පළාත් සභා හය විසුරුවා හැරිය රජය ප්‍රකාශයට පත් කලේ මැතිවරණ දිනයන් 1993 මැයි 17 දිනට යෙදී ඇති බවයි. තරග කිරීම සඳහා නාම යෝජනා භාර දුන් ඇතුලත්මුදලි මහතා, ප්‍රඑජාපෙ වෙනුවෙන් බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය තනතුර සඳහා තරග වැදුනි.
 
==ඝාතනය==
 
1993 අප්‍රේල් 23 දින [[බොරැල්ල|බොරැල්ලේ]], අලුත්කඩේ සහ කිරුලපන රෑස්වීම් ගණනාවක් ඇමතීමට ඇතුලත්මුදලි මහතාට නියමිතව තිබුණි.
 
==ආශ්‍රිත==

සංස්කරණ

2,515

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/199476" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි