"එක්සත් ජාතික පක්‍ෂය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
45 පේළිය:
 
2003 අග භාගයේදී ජාතික ලොතරැයි මණ්ඩලය ජනාධිපති යටතට ගන්නා ලදී. එජාපය රජය මුද්‍රණාලය වට කොට එම ගැසට් පත‍්‍රය මුද්‍රණය කිරීම වැළැක්වූයේය. ඒ හේතුව නිසා අගමැති වික‍්‍රමසිංහ වොෂින්ටනයේ ජෝර්ජ් ඩබ් බුෂ් හමුවීමේ සංචාරයක් සඳහා ගොස් සිටියදී ජනාධිපතිනිය ජනමාධ්‍යය, ආරක්ෂක, අභ්‍යන්තර කටයුතු යන අමාත්‍යාංශ තමා යටතට පවරා ගත්තාය. එජාප ආණ්ඩුව ජාතික උරුමයන් විදේශිකයන්ට විකුණන බවට චෝදනා කරමින් කුමාරතුංග සහ ඇගේ සහචරයෝ රනිල් වික‍්‍රමසිංහ ‘පාවා දෙන්නකු’ යයි කියමින් විශාල මාධ්‍ය ව්‍යාපාරයක් ගෙන ගියාය.
 
==වර්තමාන තත්වය==
යූ.එන්.පී. රජයේ අවසානය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ 2004 මුල දී එක්සත් ජනතා නිදහස් සංධානය (UPFA) යූ.එන්.එෆ්.ඒ ගොඩ නඟන ලදී. කුමාරතුංග 2004 පෙබරවාරි දී මානව සැලසුම් කළ ප්‍රකාශයක් කරමින් පැය 24 ක් ඇතුළත ජාතික ඒකාබද්ධතාවය ආරක්ෂා කිරීම පිණිස පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය.
අනතුරුව 2004 වසරේ අප්‍රේල් 2 පැවැති මැතිවරණයේ දී (UPFA) විසින් එක්සත් ජාතික පක්ෂය පරාජය කරන ලදී. වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රැඳිනි.
නොවැම්බර් 17 පැවැති ජනාධිපතිවරණ ඡන්දයේ දී 48.43% සම්පූර්ණ ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් අපේක්ෂක රනිල් වික්‍රමසිංහ දෙවැනි තැනට පත්විය. එහි ප්‍රතිඵලය වූයේ රනිල් වික්‍රමසිංහ පරාජයට පත්වීම සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කිරීමයි. එල්.ටී.ටී.ඊ. නීති විරෝධී බිය ගැන්වීම් නතර වී උතුරේ හා නැගෙනහිර කොටසකත් ජනතාව මැතිවරණ ඡන්ද දැමීමෙන් වැලකී නොසිටියා නම් වික්‍රමසිංහ ජයග්‍රහණය කරනවා යන්න පැතුරුණු මතවාදයක් විය. රනිල් වික්‍රමසිංහ සුළු ජාතීන් (දෙමළ සහ මුස්ලිම්) දිනා සිටිය ද බහුතරය සිංහල ප්‍රජාවක් දිනා ගැනීමට අසමත් වී ඇත.
වර්තමානයේ එක්සත් ජාතික පක්ෂ නායකත්ව ධූරයෙන් පහත හෙලීමේ පීඩනයකට වික්‍රමසිංහ මුහුණ දෙයි.
2007 මුල දී එක්සත් ජාතික පක්ෂය ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් 18ක් මහින්ද රාජපක්ෂගේ සන්ධාන ආණ්ඩුවට එක්විය. ඔවුන් සියල්ලන්ටම ඇමැති හා නියෝජිත ඇමති පදවි දුනි. එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂ නායකයා හා ජනාධිපති අතර 2006 අග දී අත්සන් කළ අව‍බෝධතා ගිවිසුමේ වලංගුතාවයක් නොමැති වීමෙන් දේශපාලනික අර්බුදයක් මතුවිණි. මෙම සිදුවීම පුවත්පත් මඟින් හැඳින්වූයේ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු කීප දෙනෙක්ම සඳහන් කළේ පාලනය විපක්ෂට යාමත් ඇමතිවරු විශාල ප්‍රමාණයක කැබිනට් මණ්ඩලයක් බවට අමාත්‍යය මණ්ිිිඩලයට පත් වූ බවයි. 2007 පෙබරවාරි 9 දින අලුත් දේශපාලනික සිදුවීම, එම තත්වය ගැන අදහස් දැක්වූ ඇමතිවරු තිදෙනෙක් ඇමති ධූරවලින් නෙරපා දමන ලදී.
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජාතික_පක්‍ෂය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි