"සංගීතයේ ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
18 පේළිය:
 
පෞරාණික සංගීතය, සමකලීන සංගීතයට ද යාමුවේ නමුත් සම්ප්රධායික හෝ ගැමි සංගීතය, පෞරාණික ශෛලයෙන්ම තැබීමට අදහස් කර ඇත. මෙහි ඉන්දියානු සංගීතය, රප්සියානු සංගීතය, ආසියානු සංගීතය,යුදෙව් කලාව, ඊජිප්තුයනු සංගීතය සහ මුස්ලිම් සංගිතය අන්තර්ගතය. සුසා වල කැණිමේ මගින් Elamite ලැබුණු කුඩා බුදු පිළිම මගින් අධිරාජ්යයේ ඉරාක සංගීතය පිළිඹුබු කරයි. (2500-644 බු.ව) මෙම කාලයේ සංගීතය දැනීමත් ඇති අය මෙම කාලයේ සුළු වශයෙන් සිටි අතර සංගීත භාණ්ඩ, ගිටාරය, බටනලාව, සහ ලුට්ස් නිපදව වාදනය කර ඇත. Barbat වැනි භාණ්ඩ ද නිපදවා ඇත්තේ මෙම කාලයේදීය. එනම් බු.ව. 800 පමණ වේ.
 
==රොමැන්ටික් සංගීතය==
 
රොමැන්ටික් යු‍ගයේදී සංගීතය වඩාත් හැගුම්බර සහ ප්‍රකාශන ශීලි මාධ්‍යයක් බවට පත්වු අතර සාහිත්‍ය කලාව සහ දර්ශන වාදය අන්තර්ගත වන පරිදි විස්ත‍ාරණය වී මුල් කාලීන සුප්‍රසිද්ධ රොමැන්ටික් සංගීත රචකයන් අතරට ශූමන්, චොපින්, මෙන්ඩල්සන්, බෙලිනි සහ බර්ලිස් යන අය අයත් වෙති.
 
19 වන සියවසේ අග භාගය තුළ වාද්‍ය වෘන්ද ‍යෙහි විශාලත්වය සීඝ්‍රයෙන් වැඩිවු අතර නගර බද සමාජයෙහි කොටසක් ලෙස ප්‍රසංග වල‍ට හිමි වු ස්ථානයේ වැදගත්කම ද දැඩිලෙස ඉහළ ගියේය. මෙම සියවසෙහි දෙවැනි භාගයට අයත් ප්‍රසිද්ධ සංගීත රචකයින් අතරට ජොආන් ස්ට්‍රවුස් ii, බ්‍රෑම්ස්, ලිස්ට්, ටයිකොව්ස්කි, වර්ඩි සහ වැග්නර් යන අය අයත් වෙයි.
 
1890 සහ 1910 අතර කාලය තුළදී මධ්‍ය රෝමැන්ටික අවධියේ විසු සංගීත රචකයන් ගේ නිර්මාණ මත පදනම්ව වඩාත් සංකිර්ණ සහ බොහෝ විට වඩාත් දිගු වු සංගීත නිර්මාණ සිදු කල තෙවැනි සංගීත රචක පරපුරක් බිහි වු අතර ඒ අතරට ඩොරැක්, මාලර්, රිචඩ් ස්ට්‍රව්ස්, පුසීනි සහ සිබෙලියස් යන අය අයත් වෙයි. 19 වන සියවසේ අගභාගයේ නිර්මාණය වු සංගීත නිර්මාණ වල වැදගත් ලක්ෂණයක් වන්නේ ඒවායේ අන්තර්ගත වු දේශමාමක ගුණයයි. මෙවැනි දේශමාමක සංගීත නිර්මාණ බිහිකළ අය අතරට ඩොරැක්, සිබෙලියස් සහ ග්‍රේග් යන අය අයත්වෙයි. ‍සියවස අගභාගයේ පහළ වු අනෙකුත් වැදගත් චරිත අතර සේන්ට් සීන්ස්, ෆුරේ, රැක්මනීනොෆ් සහ ෆ්‍රෑන්ක් ආදිහු අයත් වෙති.
 
 
==20 වැනි සියවසේ සංගීතය==
"https://si.wikipedia.org/wiki/සංගීතයේ_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි