"සංගීතය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු (r2.6.5) (රොබෝ එකතු කරමින්: diq:Portal:Muzik)
 
නමුත් ජනප්‍රිය සංගීත ශෛලින්ග් මෙම ස්වර ප්‍රස්තාර ගත කිරිම් විධිමත් ආකාරයකින් භාවිත නොව්. උදාහරණය ලෙස ජෑස් සංගීතයේදි භාවිත වනුයේ ඉතා සරල මුලික දළ සටහනක් පමණි. "ලෙඩ් ෂීට්" නම් සටහනෙ ඔවුන් සටහන් කරනුයේ සංගීත නාද රටාව සහ ස්වර සමුහ වෙස්කම් පමණි. එවුන් මෙම මුලික නාද රටාව උපයෝගි කොට ගෙන සජීවි අවස්ථාවේදී විවිධ වෙනස්කම් සිදු කරමින් තම ප්‍රෙක්ෂකයන්ට පිනවීමට කටයුතු කරයි.
 
 
සංගීත සංදර්ශන චාරිකාවක් යනු සංගීතඥයන්, සංගීත කණ්ඩායම් හෝ යම් පිරිසක් විසින් විවිධ නඟරවල හෝ ස්ථානවල පවත්වන සංගීත සංදර්ශන මාලාවකි. විශේෂයෙන් ජනප්‍රිය සංගීත ලෝකය තුළ දී එවැනි චාරිකා මාස ගණන් හෝ අවුරුදු ගණන් පවතින මහා පරිමාණ ව්‍යාපාර විය හැකි අතර ඒවා මිලියන 100 හෝ 1000 මිනිසුන් විසින් නරඹන අතර ප්‍රවේශ පත්‍ර ආදායම් ලෙස ඩොලර් මිලියන ගණනින් (හෝ ඒ හා සමානව) ලබා දේ. ඉතා දිගු සංගීත සංදර්ශන චාරිකාවල විවිධ අංග “legs” ලෙස හඳුන්වනු ලැබේ. සංගීත සංදර්ශන චාරිකා ප්‍ර‍ාදේශීය මට්ටමේ දී බොහෝ විට සංදර්ශක වර්ධකයන් මඟින් හෝ රඟ දක්වනු ලබන කලා ඉදිරිපත් කරන්නන් විසින් පාලනය කරනු ලැබේ.
 
== References ==
 
http://en.wikipedia.org/wiki/Concert#Concert_tour
 
 
 
[[uk:Портал:Музика]]
[[zh:Portal:音乐]]
==සංගීත අධ්‍යාපනය - මානව සංගීත විද්‍යාව==
බටහිර ලෝකයේ උගන්වනු ලබන සංගීත ඉතිහාසය බොහොමයක් දුරට ගණුදෙණු ‍කරනු ලබන්නේ බටහිර ශිෂ්ටාචාරයේ කලා සංගීතය සමඟය. අනිකුත් සංස්කෘතීන්වල සංගීතයේ ඉතිහාසය (ලෝක සංගීතය හෝ මානව සංගීත විද්‍යා ක්ෂේත්‍ර) බටහිර විශ්ව විද්‍යාලවල උගන්වනු ලැබේ. මෙයට බටහිර ‍යුරෝපයේ බලපෑමට එපිටින් වූ ආසියානු රටවල ලේඛණගත සම්භාවනීය සම්ප්‍රදායන් මෙන්ම අනිකුත් සංස්කෘතීන්වල ගැමි හෝ ආවේනික සංගීතය ඇතුළත් වේ.
 
සංගීතයේ ජනප්‍රිය රටා සංස්කෘතියෙන් සංස්කෘතියට හා යුගයෙන් යුගයට විශාල ලෙස වෙනස් වේ. විවිධ සංස්කෘතීන්, විවිධ උපකරණ හෝ තාක්ෂණික ක්‍රම හෝ විවිධ සංගීත භාවිතා කරන ආකාර මතුකර දක්වයි. සංගීතය විනෝදාශ්වාදයට, උත්සව වලට ප්‍රායෝගික හා කලාත්මක සන්නිවේදනයට පමණක් නොව ඒකාධිපති රටවල ප්‍රචාරණයට ද යොදා ගනු ලැබේ.
 
සංගීත වර්ගීකරණ බොහොමයක් ලෝකය තුළ දක්නට ඇත. එයින් බොහොමයක් සංගීතයේ අර්ථ දැක්වීම පිළිබඳ වූ විවාදය හරහා පැමිණි ‍ඒවාය. මේවා අතරින් විශාලතම වන්නේ සම්භාව්‍ය සංගීතය (හෝ කලා සංගීතය) හා ජනප්‍රිය සංගීතය (හෝ වාණිජමය සංගීතය - රොක් ඇන්ඩ් රෝල්, රාජ්‍ය සංගීතය හෝ පොප් සංගීතය) අතර වෙනසයි. සමහරක් ප්‍රභේද මෙම විශාල වර්ගීකරණ දෙක තුළට යන්තමින් වත් නොගැලපෙයි. (ගැමි සංගීතය, ලෝක සංගීතය හෝ ජෑස් සංගීතය වැනි)
 
ලෝක සංස්කෘතීන් ක්‍රම ක්‍රමයෙන් එකිනෙක මිශ්‍ර වීමත් සමඟ ඔවුන්ගේ ආවේණික සංගීත රටා නව රටා තුළට මුසු වීම සිදු විය. උදාහරණ ලෙස එක්සත් ජනපදයේ බ්ලූ ග්‍රාස් රටාවෙහි ඇන්ග්ලෝ අයර්ලන්ත , ස්කොට්ලන්ත, අයර්ලන්ත, ජර්මානු හා අප්‍රිකානු උපකරණමය හා කටහඬමය සම්ප්‍රදායන්ගේ අවයව ඇතුළත් වේ. එමඟින් එක්සත් ජනපදයේ බහු ජන වර්ග සමාජය තුළ වැඩි ජනප්‍රියත්වයක් ළඟා කර ගැනීමට හැකි වේ. සංගීත ප්‍රභව බොහෝ විට තීරණය වනු ලබන්නේ සත්‍ය සංගීතයේ මෙන් සම්ප්‍රදායෙන් හා ඉදිරිපත් කිරීමෙන් වේ. ජෝර්ජ් ගෂ්වින්ගේ Rhapsody In Blue වැනි නිර්මාණ තුළ ජෑස් හා සම්භාව්‍ය සංගීතය යනු දෙවර්ගයම අන්තර්ගත යැයි හැඳින්වේ. බොහොමයක් වර්තමාන සංගීත උත්සව සමරනු ලබන්නේ යම් විශේෂිත සංගීත ප්‍රභේදයකි.
 
උදාහරණ ලෙස ඉන්දියානු සංගීතයේ පැරණිතම හා වැඩිම කලක් තිබූ වර්ගයක් වන අතර එය තවමත් දකුණු ආසි‍යාවේ මෙන්ම අන්තර්ජාතිකව ද පුළුල් ලෙස ශ්‍රවණය කරනු ලැබේ. (විශේෂයෙන් 1960 දශකයේ සිට) ඉන්දියානු සංගීතයේ සම්භාව්‍ය සංගීත ආකාර තුනක් පවතී. ඒවා නම් හින්දුස්ථානී කර්නාටක හා දෘපද් රටාය. එහි සමාකරණ රටා විශාල සංඛ්‍යාවක් ඇති අතර එයට ඇතුළත් වන්නේ දකුණු ඉන්දියාවේ ප්‍රසිද්ධ තලවද්‍යා රඟ දැක්වීම් වැනි සමස්ථාන සංගීත පමණි.
සංගීත අධ්‍යාපනය කොටස් තුනින් සමන්විත යයි. පෙරදිග සලකන ලදි. එම කොස් තුන් නම් ව්‍යවස්ථික සංගීතය, සංගීත ඉතිමාසය සහ මානව සංගීතයයි. මානව සංගීතය යටතේ අධ්‍යනය කෙරනුයේ අපරදිග සංස්කෘත්නගේ සංගීතයය සංගී‍යේ සංස්කෘතයක් පිළිබදවයි.
 
අද වන විට සංගීත අධ්‍යාපනය සරසවි අධ්‍යාපනය දක්වා ව්‍යාප්තව ඇති ශ්‍රාස්ත්‍රපති ආචාර්ය උපාධෂි පවා සංගීත අධ්‍යයනය වෙනුනේ පිරිනැමේ ඩී.එච්.ඒ යනු මෑතකදී හදුන්වා දුන් නව උපාධියකි. ඒ යටතේ විශ්වවිද්‍යළුා ආචාර් වරැන් ලෙස සංගිතඥයන්ට සම්බන්ධ විමිට අවස්ථාව සැලසෙනු ඇත. මධ්‍යතන යුගයේදි සංගීත අධ්‍යනය ඉතා ඉහළ මම්මටක පැවති අතර ලිබරල් ආට්ස් ලෙස වෙන් කරනු ලැබු කාලාවක් යටතට සංගීතයද අයත් කර ගැනිණ.
 
සත්ත්ව සංගීත විද්‍යාව යනු මානවිය කොටස් සතුන්ගේ සංගීථමය බව පිළිබද අධ්‍යනය කරනු ලබන ක්ෂේත්‍රයකි. ජෝර් හර්සෝග් ෆ්‍රැන්කොයිස් බර්නාඩ් මැකේ නිකොලස් රැවේ වැන්නවුන් මෙම ක්ෂේත්‍රයේ ප්‍රවිණයෝ වෙති.
 
සංගීතමය න්‍යාය ඉගෙන ගැනිම සංගීත අධ්‍යනනයේ වැදගත් ක්ෂේත්‍රයකි. මෙවට සංගීතමය ඉතිහාසයව සංගීතමය උපකරණ පිළිබද ඉගෙනීම මෙන්ම ගණිය භෞතික විද්‍යා වැනි ්ෂේත්‍ර ඇතුළත් වනයේ සංගීත යනු කලාවක් මෙන් විද්‍යාවක් ද වන බැවිනි.
 
== සංගීත අධ්‍යාපනය - ප්‍රාථමික ==
 
ලොවපුරා සංගීත අධ්‍යාපනය පෙර පාසල් අවධියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා පැතිරුණු එකකි. පෙර පාසල් අවධියේ සංගීත අධ්‍යාපනය උපයෝගි කර ගනුයේ ළමයෙකුගේ ශ්‍රවණ හැකියාව, ධාරණ ශක්තිය, ගණිතමය දැනුම, අන්තර් පුද්ගල සම්බන්ධතා වර්ධනය කිරිමේ ක්‍රමයක් ලෙසය.
 
පාසල් අවධියේ දී මෙම වඩාත් පුළුල්ව සංගීත භාණ්ඩ වාදනය කිරිමේ කුසලතා රසඥතාවයන් වර්ධනය කිරීම වැනි අංශ කෙරෙහි ව්‍යාප්ත වේ. ද්වීතියික අධ්‍යාපනයේ දී විවිධ සංගීත නිර්මාණ කටයුතු කිරීම, සංගීත නිර්මාණය, ප්‍රසාංග සන්විධානය වැනි කුසලතාවයන් වර්ධනය කෙරේ.
 
විශ්වවිදයාල මට්ටමේදි ප්‍රධාන වශයෙන් සිදු කරනුයේ ඉතිහාසය ඉගෙනීම හා සංගීත රසස්වාදය වර්ධනය කිරීමයි. අද ලෝකයේ බොහෝ විශ්වවිද්‍යාල පාඨමාලා ඔස්සේ ලෝකයේ විවිධ රටවල විවිධ සංගීත ශෛලින් පිලිබද කරුණු හැදැරිමේ අවස්ථාව ශිෂ්‍යයන් හට ලබා දි ඇත. පෙරදිග හා අපරදිග යන කොටස් දෙකට අමතරව අප්‍රිකානු සංගීතය, ජපන්, චීන, කෝරියානු ආදි රටවල සංගීත ශෛලින් ද මේ යටතේ හදාරනු ලබයි.
 
 
== References ==
 
http://en.wikipedia.org/wiki/Music#Ethnomusicology
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/198360" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි