"විලාසිතා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
70 පේළිය:
විලාසිතා නිර්මාණකරුවන් කාන්තාවන් සඳහා ද ඇඳුම් පැළැඳුම් නිර්මාණය කරයි. සමහරක් උසස් විලාසිතා නිර්මාණකරුවන් තනිව සේවයේ යෙදී සිටින අතර තනි පාරිභෝගිකයන් සඳහා නිර්මාණය කිරීම සිදු කරයි. අනෙකුත් උසස් විලාසිතා නිර්මාණකරුවන් විශේෂිත සාප්පුවලට හෝ උසස් විලාසිතා දෙපාර්තමේන්තු ගබඩාවලට තම සේවය ලබා දේ. මෙම නිර්මාණකරුවන් විසින් හොඳම තත්ත්වයේ රෙදි පිළි නිපදවන අතර ඒවා මඟින් නව විලාසිතා ප්‍රවණතා ද ඇති වේ. කෙසේ නමුත් බොහෝමයක් විලාසිතා නිර්මාණකරුවන් විශාල වෙළෙඳ පොළ සඳහා කාන්තා පිරිමි හා ළමා විලාසිතා නිර්මාණය කරන රෙදි පිළි නිපදවන්නන් සඳහා තම සේවාවන් ලබා දෙනු ලැබේ. කැල්වින් ක්ලෙයන් හෝ රැල්ෆ් ලෝරන් හෝ වෙළෙඳ නාම මෙම නිපදවීම් කරනු ලබන්නේ නිර්මාණ අධ්‍යක්ෂවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිටින ස්වාධීන නිර්මාණකරුවන් කණ්ඩායමක් මඟිනි.
==විලාසිතා එකතුවක් නිර්මාණය කිරීම==
 
 
එකතුවක් නිර්මාණය කිරීම
 
එකතුවක් සැළසුම් කිරීම
 
සෑම එකතුවක්ම ඉතා සුපරික්ෂාකාරීව සැලසුම් කර ඇති අතර එම නිසා එහි අඩංගු සියළු අංග එකිනෙකට පූරණය වන අතර අදාල සමාගම ප්‍රසිද්ධව ඇති විශේෂිත විලාසිතා ආකාරයක හැඩ හුරුකම් ඇත.
 
අනුමාන කිරීමේ ප්‍රවණතා
 
විලාසිතා නිර්මාණ කරුවෙකුට ප්‍රගුණ කිරීමට ඇති ඉතාමතුම අපහසු කාර්යයක් වන්නේ අනාගත ප්‍රවණතා අනුමාන කිරීමයි. මෙය සිදු කිරීම සඳහා ඔවුන් විසින් පෙර ඍතුවලදී විලාසිතාව යොමුවන්නේ කිනම් දිශාවකටදැයි අවධානයෙන් සිටින අතර විලාසිතා වෙළඳාමෙහි සිටින අනෙක් අය සිදු කරන්නේ මොනවාදැයි ද අවධානයෙන් සිටී. තවද ඔවුන් විලාසිතා පෙර දැකුම් සඟරාද පරිශීලනය කරනු ලබයි. තවද, ඔවුන් විසින් කිනම් විලාසිතා සාර්ථකවීද කිනම් ඒවා අඩු ජනප්‍රිය බවට පත්වීද යන්න ඔවුන්ගේම පාරිභෝගිකයන්ගෙන් දැන ගනී. සමහර විට වඩාත් වැදගත් ලෙස නිර්මාණ කරුවන් විසින් නව අදහස් ගොඩ නැංවීමට ඔවුන්ගේ පරිකල්පන ශක්තිය භාවිතා කරයි. ඔවුන් විසින් පෙළඹවීම සැපයීම සඳහා බොහෝවිට යම් තේමාවක් තෝරා ගනු ලැබේ.
 
තේමාවක් තෝරා ගැනීම
 
එකතුවක තේමාව ඉතිහාසයේ යම් කාල පරිච්ඡේදයක්, විදේශීය හෝ යම් ස්ථානයක් , වර්ණ පරාසයක් , යම් රෙදි වර්ගයක් හෝ බලවත් දෘශ්‍ය බලපෑමක් සහිත ඕනෑම දෙයක් විය හැකිය.
 
ඇඟළුම් නිර්මාණ කිරීම
 
· සැළසුම : විවිධ නිර්මාණකරුවන් විවිධ ක්‍රමවලට කටයුතු කරනු ලබයි . සමහරෙක් ඔවුන්ගේ අදහස් කඩදාසියක් මත සටහන් කර දක්වන අතර අනෙක් අය ඇඳුම් පුවරුවක් මත රෙදි කැබැල්ලක් තබා ගෙන අදාල ඇඟළු‍ම සඳහා වූ අදහස ලැබෙන තෙක් එය කටු ගැසීම හා නැවීම සිදු කරනු ලබයි. තෙවන ක්‍රමය වන්නේ පෙර ඍතුවකින් ඔවුන්ගේම රටාවක් නැවත උකහා ගැනීමයි.(මෙම ක්‍රමය විලාසිතා චිත්‍රාග‍ාරයක ප්‍රතිදානයට අඛණ්ඩ තාවක් ලබා දිය හැක)
 
· මස්ලින්(පතොරම) එකක් සෑදීම : දළ කඩදාසි රටාවක් තැනීමෙන් පසු හෝ ද්විමාන සැලැස්මක් තැනීමෙන් පසු සාම්පල මසන්නෙකු (හෝ දක්ෂතාවයකින් යුත් මහන මැෂින් ක්‍රියා කරවන්නෙකු ) විසින් තනි පාටකින් යුත් රෙද්දකින් අදාල ඇඟළුමෙහි පරීක්ෂණ ආකාරයක් තනනු ලැබේ. මෙම පතරොම එය ගැළපෙන අයුරු බැලීමට හා එය නිවැරදි පරිදි එල්ලේදැයි බැලීම සඳහා ඇඳුම් වේදිකාවක් මත තබනු ලැබේ.
 
· පත් රටාවක් නිපදවීම : සැළසුම් කරුවා පතරොමෙහි ගැළපීම ගැන සම්පූර්ණයෙන්ම තෘප්තියට පත් වූ පසු ඔවුන් එය වෘත්තීය රටා සකසන්නෙකුට පෙන්වන අතර ඉන් පසු ඔහු විසින් පත් ආශ්‍රයෙන් අදාල රටාවෙහි නිම කරන ලද වැඩකරන ආකාරය තනයි. රටා තනන්නාගේ වෘත්තිය ඉතා නිරවද්‍ය හා සැලකිල්ලෙන් කළ යුතු එකක් වේ. නිමා කරන ලද නිමැවුමේ ගැළපුම ඔවුන්ගේ කාර්යක්ෂමතාව මත රඳා පවතී.
 
 
· නිම කරන ලද ඇඟළුම් : අවසානයේදී අදාල රෙදි වර්ගය සාම්පල ඇඟළුමක් නිර්මාණය කරනු ලබන අතර ඉන් පසු එය නිරූපිකාවක් මත පරීක්ෂාකර බලනු ලැබේ.
 
 
==විලාසිතා වර්ග==
"https://si.wikipedia.org/wiki/විලාසිතා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි