"ප්‍රවේණි දේහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{mergewith|ජාන}}
{{delete|මෙම ලිපිය [[ජාන]] ලිපියේ ඡේදයක්ව පවතින බැවිනි.}}
ජීවියෙක්ගේ මුළු ජාන සංඛ්‍යාව ගෙෙනා්මය ලෙස හඳුන්වන අතර ඒවා ප්‍රවේණි දේහ එකක හෝ බොහෝමයක ගබඩා වී ඇත. යම්කිසි ජානයක ප්‍රවේණි දේහයක් ස්ථානගත වී ඇති ස්ථානය පථය නම් වේ. ප්‍රවේණි දේහ තනි ඉතා දිගු DNA හෙලික්සයක් වන අතර එහි ජාන දහස් ගණන් අඩංගුය. ප්‍රෝකාරියෝටා, බැක්ටීරියා ඒකියාවන් දර්ශීය ලෙස ඔවුන්ගේ ජිනෝම තනි විහාල වලයාකාර ප්‍රවේණි දේහ තුළ තැන්පත් කරන අතර ඉතා කුඩා ජාන සංඛ්‍යාව අඩංගු වන අතර ජීවීන් අතර ලෙහෙස්ගේ මාරු කරගත හැක. උදා - ලෙස ප්‍රතිජීවකවලට ඔරොත්තු දෙන ජාන බැක්ටීරියා ප්ලාස්මිඩවල අඩංගු අතර තිරස් ජාන ජාන මාරුව මඟින් වෙන වෙනත් විශේෂ හරහාත් සෛල අතර මේවා මාරු වේ. සමහර සරල ඉයුකැරියෝටාවන් ද මෙලෙස ඉතා කුඩා ජාන සංඛ්‍යාවක් සහිතව ප්ලාස්මිඩ තබා ගත්ත ද බොහෝ ඉයුකැරියෝට ජාන ගබඩා වී ඇත්තේ දිගු ප්‍රවේණි දේහ බහු සංඛ්‍යාවක් තුළ හිස්ටොන් මඟින් බැඳ තබා ගන්නා සංකීර්ණයක් ලෙසට න්‍යෂ්ටියේ තැන්පත්වය. හිස්ටෝනවල DNA ගබඩාවන ආකාරයත්, හිස්ටෝනවල ඇති රසායනික වෙනස්කම් ද ජානයක් ප්‍රකාශ වීමට DNA වල කුමන පෙදෙසක් අදාල ද යන්න පාලනය කරන නියාමක ක්‍රියාවලීන් වේ. ඉයුකැරියෝටා ප්‍රවේණි දේහවල අන්ත නැවත නැවත යෙදෙන එකම අනුපිළිවෙලවල් සහිත ටෙලොමියර් නම් වූ කොටස්වලින් ආවරණය වී ඇත. මෙම ටෙලෝමියර් ජාන සඳහා කේත නොකරන අතර DNA බෙදීමේ දී කේත පෙදෙස හා නියාමක පෙදෙස් බිදී යාම වැළකීමට යෙදේ. සෛල බෙදීම සඳහා සුදානම් වීමේ දී කෙරෙන DNA බෙදෙන සෑම වාරයක් ගණනේම මෙම ටෙලෝමියරවල දි අඩුවේ. මෙම සංසිද්ධිය සෛල මහළු වීම සඳහා පිළිතුරක් ද සපයයි. එනම් මෙය සෛල ජාන බෙදීමට ඇති හැකියාවක් කෙමෙන් අඩු වී ගොස් ජීවියාගේ වයස්ගත වීම සිදු කරයි, යන්නය.
 
"https://si.wikipedia.org/wiki/ප්‍රවේණි_දේහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි