"ලෙස්ටර් ජෙම්ස් පීරිස්" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු (Added {{wikify}} tag to article TW භාවිතයෙන්)
{{wikify|date=දෙසැම්බර් 2011}}
[[Image:Lester_james_peris.JPG|right]]
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා
 
ලෙස්ටර් ජේම්ස් පීරිස් (උපත 1919 අප්‍රේල් 5) මහතා ජාත්‍යන්තර ගෞරවයට පවා පාත්‍ර වූ ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, තිර රචකයකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. 1949 සිට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා චිත්‍රපට 28කට වඩා නිෂ්පාදනය කර ඇත. ඔහු රේඛාව, ගම්පෙරළිය, නිධානය, ගොළු හදවත, කලි යුගය, අවරගිර සහ යුගාන්තය වැනි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් විශාල ගෞරවයක් දිනා ගත්තේය.
 
එතුමාගේ චිත්‍රපට ශ්‍රී ලාංකීය පවුල් සංස්ථාවේ ගැමි ජීවිත තුළින් ලබා ගත් අත් දැකීම් අනුසාරයෙන් නිෂ්පාදනය වී ඇත.
 
ජීවිතය සහ වෘත්තිය
 
පසුගිය ජීවිතය
 
1919 අප්‍රේල් 9 වන දින දෙහිවල දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා උපත ලැබීය. ඔහුගේ පියා වූ වෛද්‍ය ජේම්ස් ෆ්‍රැන්සිස් පීරිස් මහතා ස්කොට්ලන්තයේ දී වෛද්‍ය විද්‍යාව හැදෑරුවේය. ඔහුගේ මව වූ ඈන් ගෙස්ට්‍රියට් විනිෆ්‍රච් ජයසූරිය මැතිණිය, ශාන්ත බ්‍රිප්ට් කන්‍යාරාමයේ උපාධිදාරිනියක වූවාය. ජයසූරිය මැතිණිය ඉතා කැපී පෙනෙන අන්දමින් ජ්‍යෙෂ්ට කේම්බ්‍රිජ් විභාගය සමත් වූ පළමු ශිෂ්‍යාවට හිමි ස්ථානය දිනා ගත්තාය. ලෙස්ටර් මහතාට, එරිකා, අයිවන් සහ නොයෙල් ලෙස සහෝදරයන් කීපදෙනෙකි.
 
පීරිස් පවුල ඉංග්‍රීසි පන්නයට හැඩ ගැසුණු රෝමානු කතෝලික පවුලකි. හැදෙන වැඩෙන කාලයේ දී පටන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉංග්‍රීසි භාෂාව පමණක් කතා කළේය. එපමණක් නොව සැමරුවේ ද කතෝලික උත්සවය පමණි. ඔහුගේ යම්තාක් දුරට හෝ සිංහල සංස්කෘතියට සම්බන්ධතාවයක් තිබුණේ ඔහුගේ මිත්තණියගෙන් පමණි. මන්දයත් ඇය, සිංහල භාෂාව කතා කළ නිසාත් ඉංග්‍රීසි වෙදකම් විශ්වාස නොකළ නිසාත්ය. එකොලොස් හැවිරිදි ඔහුට පියාගෙන් ත්‍යාගයන් ලෙස මිලිමීටර 8ක කොඩැස්කෝ ප්‍රක්ෂේපණයක් ලැබුණි.
 
ඔහු පසුව කොළඔ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුලු වී ඉගෙන ගත් අතර එයින් පිට වු පසුව වයස අවු 17 දී ඔහුගේ ජීවන වෘත්තිය ලෙස ජනමාධ්‍ය වේදය තෝරා ගත්තේය. ඔහු ප්‍රථමයෙන්ම වෘත්තිය වශයෙන් කළේ Daily news පුවත් පතේ නිල් පිටුවල ලිවීමෙනි. 1939 දී ඔහු Times of Ceylon පුවත් පතෙහි ඉන්දියානු සංස්කාරකවරයෙකු වූ ෆ්‍රෑන්ක් වොරේස් යටතේ සේවය කළේය. ඔහු ශ්‍රී ලාංකා ගුවන් විදුලි සංස්ථාවේ කෙටි කාලයක් වැඩ කළේය. ඔහුගේ චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳව දැනුම තව තවත් පුළුල් වූයේ ඔහු නාට්‍ය මණ්ඩලයේ කණ්ඩායමට එකතු වූ පසුය.
 
එංගලන්තයේ සිටීම
 
ඔහු මවගේ ආරාධනයෙන් 1947 දී එංගලන්තයට ගොස් එහි කළා ශිෂ්‍යත්වය හදාරමින් සිටි ඔහුගේ සහෝදරයා වූ අයිවන් සමඟ සම්බන්ධ වූයේය. එහි දී මොරේස් මහතා ඔහුට Times පුවත්පතට එංගලන්තයේ කළාව පිළිබඳව ලියන ලෙස යෝජනාවක් කළේය.
 
1964 ඔහු සුමිත්‍රා ගුණවර්ධන සමඟ විවාහ වූයේය. ඇය ද එවිට දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් විය. 1956 දී ඔහු ඔහුගේ ශ්‍රී ලාංකික සිනමාවට ඇතුල් වීමට අවස්ථාව උදා කර ගත අතර විශ්වීය කීර්තියට පත් වූ ගැමි ජීවිතය ප්‍රධාන කරගත් රේඛාව චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. ඔහුගේ මේ විප්ලවීය වෙනස නිසා ශ්‍රී ලාංකීය සිනමාවට ඒකීය අනන්‍යතාවයක් ගොඩ නැඟුනි. ඉන්පසු ඔහු සම්භාවනීය චිත්‍රපටි රැසක් බිහි කළ අතර එයිනුත් මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියන ලද ජනප්‍රිය නවකතාවක් වූ ගම්පෙරළිය නවකතාව ඇසුරෙන් 1964 දි සෑදූ ගම්පෙරළිය චිත්‍රපටය ඉතාමත් ප්‍රබලය. 1966 දී දෙළොවක් අතර චිත්‍රපටය ද 1968 දී කරුණාසේන ජයලත්ගේ නවකතාවක් ඇසුරෙන් ගොලු හදවත ද 1970 නිධානය ද 1983 යුගාන්තය ද එවැනි චිත්‍රපට බොහෝ ද සහ එවැනි චිත්‍රපට රැසක් සෑදුවේය. ඔහු චිත්‍රපට 20කට අධික සංඛ්‍යාවක් අධ්‍යයනය කළේය.
 
1950 දශකයේ ආසියානු රටවල් 3ක සිනමා කරුවන් තිිදෙනෙක් ආසියාවට ද සිනමාවක් ඇති බව බටහිර ලෝකයට පෙන්වීය.ඒ ජපානයේ අකිර කුරසාවා ‘‘රෂෝමෝන්’’චිත‍්‍රපටය ද,ඉන්දියාවේ සත්‍යජිත් රායි ‘‘පාතර් පංචාලි ’’චිත‍්‍රපටය ද ශ‍්‍රී ලංකාවේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘‘රේඛාව ‘‘ චිත‍්‍රපටය ද අධ්‍යක්ෂණය කරමිනි.</br>
දේශීය සිනමාවේ ස්වර්ණමය පදනම වූයේ 1956 වසරේ තිරගත වූ රේඛාව චිත‍්‍රපටයයි.එම ස්වර්ණමය ‘‘රේඛාවේ ’’හිමිකරුවා අන් කවරෙකුත් නොව ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස්ය.</br>
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/198053" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි