"පාෂාණීය ධාතු විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: pnb:پیلیاونٹالوجی
No edit summary
20 පේළිය:
ඉතිහාසයේ ප්‍රසිද්ධ පාෂාණ ධාතු විද්‍යාඥයින් කිහිපදෙනෙක් සිටියහ. චාල්ස් ඩාවින් විසින් බීගල්හි කළ සවාරියක දී දකුණු ඇමරිකානු ක්ෂීරපායී‍න්ගේ පොසිල එකතු කළ අතර පැටගෝනියාවේ ප‍ාෂාණිගත වූ වනාන්තර පරීක්ෂා කරන ලදී. මැරී ඇනින් ද සැලකිල්ලට භාජනය වන මුල් කාලයේ පාෂාණ ධාතු විද්‍යාඥයෙකි. ඇය ඇයගේ ඉපදුනු නඟරය වූ ලයිම් රෙගිස් තිබී වැදගත් පොසිල කිහිපයක්ම සොයා ගන්නා ලදී. තනිවම ඉගෙන ගත්තත් ඇය අතිශයින් ක්‍රමානුකූල ක්‍රමයකට ඒවා එකතු කර විස්තර කරන ලදී. විලියම් බක්ලන්ඩ්, රිචඩ් ඔවෙන්, ගයිඩියන් මැන්ටල්. ජේජස් කුවියර් හා තෝමස් හක්ස්ලේ පාෂාණ ධාතු විද්‍යා ක්ෂේත්‍රයේ වැදගත් මුල්කාලීන නියමුවන් වූහ. තෝමස් ජෙෆර්සන් මැමත්වරුන්ගේ අස්ථි ගැන විශාල උනන්දුවක් දැක්වීය. 19වන සියවසේ දී එඩ්වර්ඩ් ඩ්‍රින්කර් කෝක් සහ ඔත්නියල් චාල්ස් මාෂ් අතර Bone wars (අස්ථි යුද්ධය) යනුවෙන් හැඳින්වුණු දැඩි තරඟකාරී ස්වභාවයක් හටගත් අතර එහි දී උතුරු ඇමරිකාවේ ස්වභාවික ඉතිහාසය සහ පෘෂ්ටවංශික පාෂාණ ධාතු විද්‍යාව පිළිබඳ වූ දැනුම විශාල ලෙස වර්ධනය වීම සිදු විය. කෙසේ නමුත් මෙම තරඟකාරී සමය තුළ දී භාවිතා වූ ඇතැම් ක්‍ර‍මවේද පිළිගත හැකි මට්ටමේ ඒවා නොවීය. වර්තමානයේ ඌටා හි පිහිටා තිබෙන ජාතික ‍ඩයින‍සෝර ස්මාරකය මඟින් ආරක්ෂිත පොසිල කැනුම් ස්ථානය ආරම්භ කරන ලද්දේ පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග්හි කානවී විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අර්ල් ඩග්ලස් විසිනි. මහාචාර්ය ඩග්ලස් විසින් මතු කරගන්නා ලද වර්තමානයේ ස්වභාවික ඉතිහාස‍ය පිළිබඳ කෞතුකාගාර ගණනාවක දැක ගත හැක. මේ අතර ජෛව පුරා විද්‍යාවෙහි පුරාගාමියෙකු වූ බැරන් ෆ්‍රාන්ස් නොප්ස්කා ඉදිරිපත් කළ මතයට අනුව ‍ඩයිනෝසෝරයන් උණුසුම් ලේ ඇති සත්ව කොට්ඨාශයක් වූ අතර පක්ෂීන්ගේ මුතුන්මිත්තන් වේ.
ක්ෂීරපායී දත් පිළිබඳ විශ්ලේෂණය කිරීමක් පෙන්ගුයින් සැකිලි සම්බන්ධ කැනීම් කටයුතු සිදු කිරීමත් හැරුණු විට ජෝර්ජ් ගේලෝඩ් සිම්සන් ජීව විද්‍යාව, පාෂාණ ධාතු විද්‍යාව සහ ජාන විද්‍යාව යන ක්ෂේත්‍රවලින් අදහස් එකතු කොට ජෛව පරිණාම විද්‍යාවේ නව අදහස් නිර්මාණය සඳහා විශාල දායකත්වයක් දැක්වීය. ඔහු විසින් රචනා කරන ලද “Tempo and Mode” නම් ග්‍රන්ථය මෙම ක්ෂේත්‍රයෙහි ඉතා ප්‍රචලිත ග්‍රන්ථයක් වේ. අපෘෂ්ටවංශී පාෂාණ ධාතු විද්‍යාව හා සම්බන්ධ වැදගත් පුද්ගලයින් අතරට ස්ටීවන් M. ස්ටැන්ලි, ස්‍ටීවන් J. ගෝල් , ඩේවිඩ් රවුප් , රොසී H. ‍ෆ්ලවර් සහ ජැක් සෙප්කොස්කි යන අය අයත් වේ. මොවුහු පෘථිවිය මත ජීවයෙහි පරිණාම‍ෙය් දිගු කාලීන රටාවන් පිළිබඳ අප සතු දැනුම ඉහල නැංවීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. පුරා මානව විද්‍යා ක්ෂේත්‍රයෙහි පතාක යෝධයන් අතරට ලුවිස්, මේරි සහ රිචඩ් ලීකි, රේමන්ඩ් ඩාර්ට් , රොබට් බෲම්, C.K. බොබ් ‍බ්‍රේන්, කෙනෙත් ඕක්ලි, රොබට් ආඩ්‍රි සහ ඩොනල්ඩ් ජොහැන්සන් යන අය අයත් වේ. වඩාත් නුතනව මොංගෝලියානු පාෂාණ ධාතු විද්‍යාඥ රින්චන් බාස්බෝල්ඩ් ඩයිනසෝර සහ පක්ෂි පරිණාමය සම්බන්ධව අප සතු දැනුම පුළුල් කිරීම සඳහා දැඩි මෙහෙවරක් ඉටු කරන ලදී. මේ හැරුණු විට චිකාගෝ විශ්ව විද්‍යාලයේ පෝල් සෙරේනෝ විසින් සහරා කාන්තාරය වැනි පොසිල ගවේෂණ කටයුතු බහුලව සිදු නොවූ ප්‍රදේශ කිහිපයකින් ඩයිනෝසරයන් සම්බන්ධ වැදගත් සොයා ගැනීම් කිහිපයක් සිදු කර ඇත.
 
 
==References==
http://en.wikipedia.org/wiki/Paleontology
 
[[ප්‍රවර්ගය:පාෂාණීය ධාතු විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/පාෂාණීය_ධාතු_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි