"මී මැසි පාලනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.7) (රොබෝ වෙනස් කරමින්: tr:Arıcılık
No edit summary
118 පේළිය:
මෙහිදි ප්‍රධාන සාධකයක් වන්නේ මී මැස්සන් පිටවී යාම වැළැක්වීම හෝ උන්ගේ පාලනයයි. මී මැසි ජනාවාසයක් හදිසියේ ඉවත් වන්නේ නම් සහ පාලකයාට එය අල්ලා ගැනීමට නොහැකි වූයේ නම් නිසැකයෙන්ම ඔහුට එම ජනපදයෙන් ලැබෙන මී පැණි ප්‍රමාණය අඩුවේ. හේතුව එසේ පිටවී යන්නේ ඔහුගේ ජනපදයෙන් භාගයක් වීම හේතුවෙනි. කෙසේ වුවද මී මැස්සන්ගේ මෙසේ පිටවී යාමේ ආවේගය නවත්වා ගෙන එය අලුත් රැජිනක් ඇති කර ප්‍රයෝජනයට ගන්නේ නම් ඔහුට වැඩි ප්‍රයෝජනයක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ. මෙයට වසර ගණනක පළපුරුද්ද අවශ්‍යවේ.
 
=නවීන මී මැසි පාලනය=
 
එක්සත් ජනපදය තුළ පොදුවේ පාවිච්චි කරනු ලබන්නේ ලැංග්ස්ට්‍රොත් ක්‍රමයයි (Langstroth). මතුත පිට විවෘතව තිබෙන, එහා මෙහා කළ හැකි රාමු වලින් යුක්ත එම ක්‍රමය මී මැසි ජනපද නිර්මාණය කිරීමේ පළමු සාර්ථක ක්‍රමය වුනු අතර අනෙකුත් ආකෘති වලටද එම ක්‍රමය පදනම් වී ඇත. ජාන් ඩ්සියර්සොං (Jan Dzierzon) පෝලන්ත මී මැසි පෙට්ටි ක්‍රමය මුල් කර ගෙන මෙම ක්‍රමය පැවත එයි. එක්සත් රාජධානිය තුළ බොහෝ ලෙස භාවිතා වන්නේ බ්‍රී ටිෂ් නැෂනල් හයව් (British National hive) ක්‍රමයයි. එහෙත් (ස්මිත්, කොමර්ෂල් ඇන්ඩ් ඩබ්ලිව් බි සි සහ කලාතුරකින් ලැංග්ස්ට්‍රොත් වැනි) අනෙකුත් ක්‍රමද එහි දැකිය හැක. ස්ට්‍රො ස්කෙප්ස්, බී ගම්ස් සහ රාමු නොකරන ලද පෙට්ටි බොහෝ ඇමෙරිකානු ජනපද වල නීත්‍යානූකූල නොවේ. එයට හේතුව එම ක්‍රම වලදි මීවද සහ පිලවුන්, බිත්තර ආදිය ලෙඩ රෝග සම්බන්ධ කාරණාවලදී පරික්ෂා කිරීම අපහසු හෙයිනි. කෙසේ වෙතත් ස්ට්‍රො ස්කෙප්ස් ක්‍රමය මී මැස්සන් එකතු කිරීම සඳහා එක්සත් ජනපදයේ තවමත් භාවිතා කරනු ලැබේ.
 
==Top Bar Hives==
 
විනෝදයට මී මැස්සන් පාලනය කරන කිහිප දෙනෙකු මී මැසි පාලනය සඳහා ටොප් බාර් ක්‍රමය පාවිච්චි කරති. මෙම ක්‍රමය අප්‍රිකාවේ බොහෝ සෙයින් භාවිතා වේ. මේවාට රාමු නොමැත. එමෙන්ම ලැංග්ස්ට්‍රොත් ක්‍රමයේ මෙන්, පැණි බේරාගත් පසු එම වද ආපසු තැබීමක් නොකෙරේ. මේ නිසා ටොප් බාර් ක්‍රමයේ පැණි අස්වැන්න ලොංග්ස්ට්‍රොත් ක්‍රමයේ මෙන් නොව එයින් 20% ක තරම් ප්‍රමාණයක් වේ. එහෙත් මූලික වියදම් සහ අවශ්‍ය වන උපකරණ අතින් බැලු කල ඒවා අවශ්‍ය වන්නේ අඩුවෙනි. “සංවර්ධනය සඳහා මී මැස්සන්” ව්‍යපෘතිය යටතේ අප්‍රිකාවේ සහ ආසියාවේ දියුණු වෙමින් පවතින රටවල් බොහොමයක මෙම ටොප් බාර් ක්‍රමය භාවිතා වේ.
 
==ආරක්ෂක ආවරණ==
 
 
මී මැස්සන් ඇති කරන්නන් මී මැසි දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සදහා ආරක්ෂක ආවරණ පලඳිති. ආධුනික මී මැසි පාලකයෝ සාමාන්‍යයෙන් අත් වැසුම් සහ හිසද ආවරණය වන ඇඳුම්, තොප්පි මෙන්ම මුහුණු වැස්මක්ද හඳිති. පළපුරුදු මී මැසි පාලකයින් ඇතැම් විට අත් වැසුම් පාවිච්චි නොකරන්නේ ඉතා සියුම්ව වැඩ කිරීමට එය බාධාවක් වන බැවිනි. වඩාත් ආරක්ෂා විය යුත්තේ මුහුණ හා ගෙල පෙදෙස බැවින් බොහෝ අය මුහුණු ආවරණයක් පළඳිති.
 
මී මැස්සන් ප්‍රශ්වාස වාතයට ආකර්ශනය වෙති. මුහුණට කරනු ලබන මී මැසි දෂ්ඨනයක් බොහෝ සෙයින් වේදනාකාරි වනු ඇත. එමෙන්ම ශරීරයේ අනික් තැනකට වඩා මුහුණ ඉදිමෙන්නට පටන් ගනි. අතට දෂ්ඨ කරනු ලැබුවහොත් වීෂ ශරීර ගත වීම වැලැක්වීම සඳහා නිය මගින් විෂ දල සූරා දැමිය හැක.
 
ආරක්ෂක ඇඳුම් සාමාන්‍යයෙන් ලා පාටින් සහ මෘදු අමු ද්‍රව්‍ය යොදා සකස් කරනු ලැබේ. මී මැසි ජනපදයක ස්වභාවික සතුරන් වූ වලස්සු, උගුඩු ආදි සතුන්ගේ තද පාට සහ ලොම් වලට වඩා පැහැදිලි වෙනසක් මෙම ආරක්ෂක ඇඳුම් නිසා ලැබේ.
 
 
 
==දුම් පිඹින්නන්==
 
 
මී වදයකට දුම් පිඹින්නකු රස්නය ආවරණය කරන උපකරණයක් සහ කොක්කක් සමග.
 
දුම් පිඹීම යනු මී මැසි පාලකයින්ගේ තෙවැනි ආරක්ෂක උපක්‍රමයයි. ඔව්හු බොහෝ විට දුම් පිඹින උපකරණයක් පාවිච්චි කරති. මෙම උපකරණය විවිධකාර දහන ද්‍රව්‍ය යොද‍ා ගිණි ඇවිලිමට ඉඩ නොදීමෙන් දුම් උපදවා ගනු ලැබේ. දුමෙන් මී මැස්සන් අක්‍රීය වේ. එමෙන්ම ආරක්ෂක මැස්සන්ගේ අනතුරු අඟවන ෆෙර‍ෙමාන් ක්‍රියාකාරීත්වය දුම නිසා අඩපන වේ. මී මැස්සන් පත් වන මෙම ව්‍යකූල තත්වය මී මැසි පාලකයන්ට මී වදය විවෘත කර තමන්ගේ වැඩ කටයුතකෙර ගැනීමට උපකාරි වේ. මීට අමතරව මී මැස්සකු පැණි බිව් විට උගේ උදරය ඇදෙන බැවින් දෂ්ඨ කිරීමට අවශ්‍ය නම්‍යශීලි බව නැති වේ. මෙය විද්‍යානූකූලව පරික්ෂා කර නැත.
 
දුම් ගැසීම සඳහා ස්වභාවික ද්‍රව්‍ය යොදා ගත හැකි සේම ඒවා විෂ සහිත ද්‍රව්‍ය නොවිය යුතුය. දුම් ගැසීම සඳහා යොදා ගන්නා ඉන්ධනවලට හෙස්සියන්, පයින් කටු, කොරුගේටඩ් කාඩ්බෝඩ්, දිරාගිය දැව ආදිය යොදනු ලැබේ. මී මැසි පාලනයට අවශ්‍ය උපකරණ නිෂ්පාදකයෝත් මෙම කටයුතු සඳහා වාණිජ වශයෙන් පල්ප් කළ කඩදාසි, කැටි කළ පුළුන් ආදිය විකුණති.
 
=නව මී මැසි ජනපද ඇති කිරීම=
පහත වීමට ආසන්න මී මැසි රංචුවක්
 
සියලුම මී මැසි ජනපද සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ රැජින මතයි. බිත්තර දමන්නේ ඇය පමණී. කෙසේ වුවත් ඉතාම හොඳ තත්වයේ රජ මැස්සියක් පවා ජීවත් වන්නේ වසර කීපයක් පමණී. අවුරුද්දක් හෝ දෙකක් ජිවත් වීම සාමාන්‍ය නියමයයි. බිත්තර දමන අතරවාරයේදී ම එම බිත්තර සරු භාවයට පත්කරන්නේද නැද්ද යන්න තෝරා ගැනීමට රජ මැස්සියට හැකියාව තිබේ. එසේ කළහොත් එම බිජු වලින් වැඩකාර මැස්සියන් බිහි වේ. ඇය සරු බවට පත් නොවූ බිජුවක් දැමුවහොත් එයින් බිහි වන්නේ පිරිමි මැස්සෙකි. කුටියේ ප්‍රමාණය සළකා බලා කුමන ආකාරයේ බිත්තරයක් දමන්නේදැයි තීරණය කිරීමට රජ මැස්සියට පිලිවන. කුඩා කුටියක ඇය දමන්නේ සරු බිත්තරයකි. ඇයට විශාල කුටියක් හමු වුවහොත් ඇය එයට දමන්නේ සරු නොවූ පිරිමි මී මැස්සෙකු පිහි වන බිජුවකි.
 
රජ මැස්සිය සරු බවට පත් වී බිත්තර දමන සෑම අවස්ථාවකම ඇය ‍අනෙකුත් මැස්සන්ගේ හැසිරීම් රටාව පාලනය කරන ෆෙරමොන් නිෂ්පාදනය කරයි. විවිධාකාර ෆෙරමෝන් වර්ග තිබෙන අතර ඒවායින් විවිධාකාර සේවාවන් බලාපොරොත්තු වේ. රජ මැස්සිය වයසට යත්ම ඇය ගබඩා කර ගෙන තිබෙන ස්තීර බීජ ප්‍රමාණය අඩු වන අතර ෆෙරමොන් නිෂ්පාදනයටද ඇය අසමත් වන්නීය. කිසියම් අවස්ථාවකදී රජ මැස්සිය දුර්වල වුවහොත් ජනපදයේ මී මැසි කැල එම රජ මැස්සියගේම වැඩකාර මැසි බීජයකින් තවත් රැජිනක් නිර්මාණය කිරීමට තීරණය කරති. රජ මැස්සියට අනතුරක් සිදු වී (පාදයක් අහිමි වූ විට හෝ සංවේදක වලට හානි වූ විට) ඇයගේ බීජ නිපදවීම අඩු වී සරු බිත්තර දැමීමට නොහැකි වූ විට මෙන්ම ඇයගේ ෆෙරමොන් නිෂ්පාදනය දුබල වී ජනපදයේ මී මැස්සන් පාලනය අපහසු වූ විට මෙසේ කරනු ලබයි.
 
මෙම තීරණාත්මක අවස්ථාවේදී මී මැස්සෝ දැනට පවතින වැඩකාර මැස්සන්ගේ කුටියක් නවීකරනය කර රජ මැස්සියක් සඳහා කුටි එකක් හෝ දෙකක් නිර්මාණය කරති. මෙම කුටි තුල තිබෙන්නේ සාමාන්‍ය ගැහැණු බිජුවකි. කෙසේ වෙතත් මෙහිදී මී මැස්සන් අනුගමනය කරන විශේෂිත හැසිරීම් රටාවන් දෙකක් තිබේ.
 
1. ජනපදයෙන් පිට නොගොස් ජනපදය තුලම රජ මැස්සියක් ඇති කර ගැනීම.
 
2. ජනපදය රංචු දෙකක් වශයෙන් බෙදීම.
 
ඇපිස් මෙලි‍ෆොරා වර්ගයේ උප විශේෂයන් යුරෝපා මහාද්වීපයේ එක් එක් කලාප තුළ දී ඔවුන්ගේ පරිනාමයට අදාළව විවිධාකාරයේ හැසිරීම් රටාවන් ප්‍රදර්ශනය කරති. සාමාන්‍යයෙන් වඩාත් උතුරේ සිටින කලු වර්ගය රංචු ගැසී ඉවත් වීම අඩුවෙන් කරන අතර රජ මැස්සිය ඉවත් කිරීම වැඩියෙන් කරති. එපරිදිම වඩා දකුණු ප්‍රදේශවලට වන්නට කහ සහ අලු පැහැති වර්ගයා රංචු වශයෙන් ඉවත් වීම වැඩි පුර කරති.
 
මී මැසි පාලකයින් විසින් රජ මැස්සිය ඉවත් කිරීමේ හැසිරීම් රටාව අගය කරති. එසේ වන්නේ රජ මැස්සිය ඉවත් කළ මීයක් පියඹා නොගොස් නව රජ මැස්සියක් නිර්මාණය කර ගන්නා හෙයින් එහි කලින් රජ මැස්සිය දුර්වල වී යාමට ඉඩ හරිති. එසේ නැතහොත් අලුත් රජ මැස්සිය පැමිණි වහාම පරණ රජ මැස්සිය මරා දමනුලබේ. මෙහිදී අලුත් රජ මැස්සිය සඳහා රැජින කුටි එකක් හෝ දෙකක් නිර්මාණය කෙරේ.
 
මේ සෑම ක්‍රියාවලියක්ම ඇරඹුණු විට සාමාන්‍යයෙන් පැරණි රැජිණිය මී වදයෙන් ඉවත් වන්නීය. මෙසේ ඉවත් වන පැරණි රජ මැස්සිය සමග තවත් මී මැස්සන් රාශියක් එක් වෙති. මොවුන් තරුණ, ශක්තිමත් (ඉටි නිපදවන) මි මැස්සෝ වෙති. නව මී මැසි ජනපදයේ අත්තිවාරම මෙම මී මැස්සන්ය. ඔත්තුකාර මී මැස්සන් නව මී මැසි ජනපදය තැනීමට සුදුසු හිස් බෙනයක් හෝ ගල් බෙනයක් සෙවීම පිණිස යවනු ලබති. එවැනි ස්ථානයක් සොයා ගත් විගස මී මැසි රංචුවම එම ස්ථානයට යති. පැය කිහිපයකින් තරුණ මැස්සන් විසින් අලුතින් උපදින පිලවුන් සඳහා ඉටි වද නිර්මාණය කරති. මෙම ඉටි නිෂ්පාදනය කරනු ලබන්නේ තරුණ මී මැස්සන්ගේ උදරය පෙදෙසිනි. පළමු මී මැසි රංචුව සමග කන්යාස රැජිනයන් කිහිප දෙනෙකු ගමන් කරති. අලුත් රැජින සංවාසයට එක් වීමෙන් පසු බිත්තර දමන අවස්ථාව වන විට පැරණි රැජින ඉවත් කරනු ලැබේ.
 
==මී මැසි ජනපද ඇති වීම ඉක්මන් කිරීමේ සාධක==
 
මී මැසි ජනපදයක්, ජනපදය තුල සියලු වද, බිත්තර, පිලව්, ළදරු මැස්සන්ගෙන් පිරී අවසාන වනතෙක් වෙනත් ස්ථානයක් කරා නොයයි. මෙය සාමාන්‍යයෙන් සිදු වන්නේ වසන්ත ඍතුව අවසානයේදී මී මැසි ජනපදයේ අනෙක් කොටස් සීග්‍රයෙන් මී පැණි වලින් පිරෙන අවස්ථාවේදිය. වෙනත් ස්ථානයකට යාමට හේතු වන තවත් සාධකයක් නම් ම‍ව් රැජිනට බිත්තර දැමීමට ඉඩකඩ තව දුරටත් නොමැති වීම සහ ජනපදයේ මැස්සන්ගේ ගහණය අධික වී තදබදයක් ඇති විමයි, රජ මැස්සිය යන අලුත් ජනපදයේ පිලවු, බිත්තර ආදිය නොමැති නමුත් තරුණ මී මැස්සන් යුහුසුලු වී ඒ සඳහා කෙටි කාලයකින් වද නිර්මාණය කරති.
 
තවත් සාධකයක් වන්නේ රජ මැස්සියගේ වයසයි. වයසින් වැඩි රැජිනියන් මී මැසි ජනපදයට බොහෝ ලැදියාව දක්වද්දී, ජනපදයේ තදබදය තිබේනම් මිස වයස අවුරුදු එකට අඩු මී මැස්සන් ජනපදය අතහැර නොයති.
 
මී මැසි පාලකයෝ වසන්ත කාලයේ ඔවුන්ගේ මී මැසි ජනපද ඉතා ප‍රෙස්සමින් බලා ගන්නේ රැජිනන්ගේ කුටි පෙනෙන්නට තිබේද යන්න ගැනයි. එය නව ජනපදයක් ආරම්භ කිරීම සඳහා යාම නිශ්චය කිරීමට ප්‍රබල සළකුණකි.
 
මී මැසි ජනපදයක් නිර්මාණය කිරීමට තීරණය කරන විට රැජින සඳහා කුටි දොළහක් හෝ ඊට වැඩියෙන් තනනු ලැබේ. මෙම රැජින පිලවුන්ට ආහාර සපයා දින 8 කට පසු පිලව් කෝෂ වසනු ලැබේ. ඉන් පසු නව රැජින කෝෂ අවස්ථවට පැමිනේ. ඉනුත් දින 7 කට පසු කුටියෙන් ඉවතට පැමිනේ. වෙනත් ස්ථානයක් කරා යාමට පළමුව මී මැස්සෝ උන්ගේ කුස මී පැණි වලින්පුරවා ගනිති. මෙසේ කරනුලබන්නේ නව ස්ථානයක අලුත් මී වද නිර්මාණය කිරීමට සූදානම් වීමක් වශයෙනි. මෙසේ මී පැණි රැගෙන යන අවස්ථාවේ උන් දෂ්ට කිරීමට පෙළඹෙන්නේ අඩුවෙනි. පැය 24 ක් යන තෙක් උන් මෘදු බවක් දක්වති. අත් වැසුම් හෝ මුහුණු වැසුම් නොමැතිව උන් සමග කටයුතු කිරීමට පාලකයාට පුලුවන.
 
'''අත්තක බැඳ තිබෙන මීයක්'''
 
මෙම රංචු ව නැවතීමට තැනක් සොයති. මී මැසි පාලකයා මේ බව තේරුම් ගෙන උන්ට නිවහනක් සැපයිය යුතුය. එසේ නොවුනහොත් උන් පාලනය කිරීම අමාරු වෙයි. එසේ වූ විට උන් ගස් බෙනයක, ගල් බෙනයක හෝ වෙනත් එවැනි ස්ථානයක උන්ගේ නිවහනක් නිර්මාණය කර ගැනීමට පිටත්ව යති.
 
මුල් මී මැසි ජනාවාසයකින් පළමු රැජින කෝෂ අවස්ථාවෙන් ඉවතට පැමිණි විට පළමුවෙන් කරනු ලබන්නේ කෝෂ වලින් පිටට ඒමට සූදානමින් සිටින අනෙක් තරඟකාරී මී මැසි ළදරු රැජිනියන් විනාශ කිරීමයි. එහෙත් අනෙකුත් මී මැස්සෝ ඇයගේ මෙම ක්‍රියාව කිරීමට ඉඩ නොහරිති. එවැනි අවස්ථාවක ඇය එම මී වදයෙන් පිට වී යාමට කටයුතු කරයි. මෙසේ පිට වී යන මී මැසි රංචු අනුප්‍රාප්තික රංචු (After swarms) වශයෙන් හඳන්වනු ලැබේ. මෙවැනි කණ්ඩායම් ඉතා කුඩාය. ප්‍රධාන ජනපදයක 10000 සිට 20000 ක් පමණ මී මැස්සන් සිටිති.
 
මෙවැනි මී මැසි කණ්ඩායම් වලට දිගු කල් පැවැත්මේ ඉඩකඩ ඇත්තේ සුලු වශයෙනි. එහෙත් ඒවා ප්‍රධාන මී මැසි ජනපදයටද තර්ජනයක් වෙමින් එහි ප්‍රමාණයද අඩු කරන්නේය. මී මැසි රංචුවක් ඉවත් වී යාම වැලැක්වීමට මී මැසි පාලකයා උත්සාහ ගනිමින් සිටියදී එසේ වැලැක්වීමට නොහැකි වූයේ නම් එම අවස්ථාවේදී කළ යුතු වන්නේ බිත්තර සහිත රාමු කිහිපයක් එහි තැබීමයි. මේ මගින් සිදු වුනු පාඩුව ඉක්මණින් යථා තත්වයට පත් වන අතර රැජිනක් ඇති කර ගැනීමට තවත් අවස්ථාවක් ලබා දෙයි.
 
මී මැසි උප විශේෂ හෝ එක් එක් වර්ගයාට ඔවුන්ටම ආවේනික එංචු වශයෙන් ඉවත් වී යාමේ ගති සිරිත් තිබේ. ඉතාලි මී මැස්සන් තම වර්ගයා බෝ වීම අතින් උසස් තත්වයක සිටින අතර, අලුත් ජනාවාස සොයා යාමට වැඩි නැඹුරුවක් දක්වති. උතුරු යුරෝපීය “කලු මී මැස්සන්” ඔවුන්ගේ පරණ රජ මැස්සිය ඉවත් කර නව රජ වැස්සියක් බිහි කිරීමේ වැඩි නැඹුරුවක් තිබෙන බව පෙන්වති.
 
'''කෘත්‍රිම ජනපද'''
 
කිසියම් ජනපදයක රජ මැස්සිය හදිසියේ අහිමි වන අවස්ථා තිබේ. කම්කරු මැස්සන්ට ඒ බව පැයකටත් අඩු කාලයකදී දැනෙන්නට පටන් ගනී. එසේ වන්නේ රජ මැස්සියගේ ෆෙරමොන් වල බලය අඩු වීම හේතුවෙනි. රජ මැස්සියක් විසින් පිලවුන් බෝ කිරීමකින් තොරව මී මැසි ජනපදයක් පවත්වන්නේ නැත. මෙවිට වැඩකාර මැස්සන් දින 3 කට වඩා අඩු වයසක් ඇති බිජු තිබෙන කුටියක් තෝරා ගෙන එය විශාල කරති. මෙය “හදිසි රැජින කුටිය” ලෙස හඳුන්වනු ලැබේ. මෙය විශාල රටකජු කෙඩියක හැඩය ගනි. අඟලක් පමණ දිගය. මෙය අනෙක් ළදරු මී මැස්සන් සිටින ප්‍රදේශයේ මැද හෝ කොනක එල්ලී තිබේ. මේතුල සිටින ළදරු මී මැසි රැජිනට අනෙකුත් සාමාන්‍ය ළදරු මැස්සන්ට වඩා වැඩි ප්‍රමාණයක ආහාර සපයනු ලැබේ. ඊට අමතරව රෝයල් ජෙලි නම් විශේෂ ආහාරයක් දෙනු ලැබේ. ඒ අනුව මෙහි සිටින පිලවා පසුව කෝෂ අවස්ථාවට පැමිණ කුටියෙන් ඉවතට එන්නේ මි මැසි රැජිනක් විලසිනි. මී මැසි ජනපදයක ඩිම්බ කෝෂයක් තිබෙන්නේ රජ මැස්සියට පමණී. ඇය ෆෙරමොන් නම් රසායන වර්ගයක් නිකුත් කරන අතර ඒ මගින් අනෙකුත් මැස්සියන්ගේ ඩිම්බකෝෂ වර්ධනය වීම අඩපණ කරයි.
 
මී මැසි පාලකයින් ඔවුනට අලුත් ජනපදයක් ඇති කර ගැනීමට අවශ්යෙ වූ විට මී මැස්සන් සතු නව රැජිනක් බිහි කර ගැනීමේ හැකියාව ප්‍රයෝජනයට ගනිති. මෙහිදී කරන්නේ බිජු සහ පිලවුන් සහිත වද කිහිපයක් නව ස්ථානයක තැබීමයි. ඒ සමග පැණි වද ද තබනු ලැබේ. මෙම වද සමග වැඩකාර මැස්සන්ද සිටින අතර උන් ළදරු මැස්සන් බලා කියා ගැනීම හා ඔවුන් උණුසුම් කිරිම ආදී සාත්තු සේවා වැඩ කරති. නව ස්ථානයේ රැජිනක් නොමැති බව වටහා ගන්නා වැඩ කාර මැස්සේ ඒ වන විට තිබෙන බිජු වලින් නව රජ මැස්සියක් ඇති කර ගැනීමට ක්‍රියා කරති.
 
== මූලාශ්‍ර ==
"https://si.wikipedia.org/wiki/මී_මැසි_පාලනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි