"සව්ම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
40 පේළිය:
 
සුන්නි මුස්ලිම්වරු එයට පෙර හෝ පසු දින ද උපවාසය රකින අතර ෂියා මුස්ලිම්වරු එසේ තවත් දිනයක ඉටු කිරීමෙන් වැළකී සිටිති.
 
==උපවාස කඩකිරීම හා එහි විපාක==
ශුද්ධ වූ රාමළාන් සමයේ උපවාස ආරක්ෂා කරන පුද්ගලයා අමතක වීමෙන් හෝ අතපසු වීමකින් උපවාස කඩවන ක්‍රියාවක යෙදුනේ නම් එම පුද්ගලයාගේ උපවාසය බිදෙන්නේ නැත. නමුත් තමා ස්වකීය බුද්ධියෙන් සිතාමතා කෑමෙන්, බීමෙන් හෝ දුම්පානය මගින් උපවාස කඩකරන්නේ නම් ඔහු එම දිනයේ උපවාසය පසු තවත් දිනක ඒ වෙනුවෙන් උපවාසය රැකිය යුතුය. තවද වන්දියක් වශයෙන් ෆිද්යා දිය යුතුය. ෆිද්යා දීම එක් එක් අවස්ථාව අනුව වෙනස් වෙයි. මලයාසියාවේ ෆිද්යා වශයෙන් දෙනු ලබන්නේ කෙනෙකුගේ කෑම වේලට සරිලන ප්‍රමාණයේ සහල් ප්‍රමාණයකි.
 
එසේම කෙනෙක් හොද සිහි බුද්ධියෙන් තමා ආහාර අනුභව කිරීමෙන් හෝ උපවාස කඩකරන වෙනත් ක්‍රියාවකට හෝ අමතර ලිංගික සම්බන්ධතාවයකින් උපවාස කඩකළේ නම් ඒ සදහා වරදට දඩුවම් වන්දි වශ‍යෙන් කෆ්‍ෆාරා දිය යුතුය. ඒ සදහා පහත ක්‍රම තුනෙන් එක ක්‍රමයක් අනුගමනය කළ හැකිය.
 
*එක දිගටම දින 60 ක් නොකඩවා උපවාසයේ යෙදීම.
*අවශ්‍යතා සහිත 60 දෙනෙකුට ආහාර හා ඇදුම් පැළදුම් සැපයීම.
*මුස්ලිම් වහළෙක් නිදහස් කිරීම.
 
 
වන්දිය ලෙස අවුරුද්දේ අනෙකුත් දිනවල උපවාසයේ යෙදීමට ඉදිරිපත් වන අයට සහන ඇත. එනම් උපවාසයේ යෙදීමට අධිෂ්ඨාන කරගත් පුද්ගලයෙක් පසුව එය රැකීම අපහසු තත්වයට පත් වූ විට හෝ ආහාර සහ ඇදුම් සැපයීමට අවශ්‍යතා සහිත 10 දෙනෙකු තෝරා ගැනීමට දුෂ්කර වූ විට ඒ අය නොකඩවා දින 3 ක් උපවාසයේ යෙදිය යුතුය. කුමන ආකාරයේ වන්දියක් උදෙසා තමා උපවාසයේ යෙදෙන්නේ ද යන්න උපවාසය රැකීම ආරම්භ කරන විට අධිෂ්ඨාන කළ යුතුය. වරදට දඩුවම් වශයෙන් වන්දියක් ලෙස ආරක්ෂා කරන උපවාසය රැකිය යුත්තේ උපවාසය රැකීමට අනිවාර්යය වූ රාමදාන් මාසයට අමතරව ඇති අනෙකුත් දින වලය.
 
 
 
"https://si.wikipedia.org/wiki/සව්ම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි