"සව්ම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
16 පේළිය:
 
ඉස්ලාමීය ව්‍යවහාරයේ දී මුස්ලිම්වරයෙකු අළුයම සිට එදින හිරු බැසයන තෙක් කෑම, බීම, දුම් පානය සහ ලිංගික තෘප්තිය විඳීම යනාදී ක්‍රියාවලින් තමන් වළක්වා ගැනීමයි. සව්ම් කඩ කරන කිසිම කාර්යයක තමන් නියැලීමෙන් තමන්ව වළක්වා ගැනීමෙන් කෙනෙක් බලාපොරොත්තු වන්නේ තමන් මැවූ අල්ලාහ් තආලාට සමීප වී තමාගේ සිතුම් හා ක්‍රියා සියල්ලම අල්ලාහ්ගේ ප්‍රසාදය පිණිස පවත්වා ගැනීමයි. උපවාසයේ එක් අරමුණක් වන්නේ අවශ්‍යතා සහිත තම සහෝදරයින් සාගින්නෙන් සහ පිපාසයෙන් පෙළෙන අවස්ථාවේ ඔවුන්ගේ අවශ්‍යතාවයේ තරම වටහා ගැනීමට හැකිවීම තුළින් ඔවුන්ගේ දුක් කරදරවලට පිහිට වීමට අවස්ථාව ලැබීමයි. එලෙසම උපවාසය මගින් ආත්මය පවිත්‍ර වීම, එනම් අල්ලාහ්ගේ තෘප්ති‍ය අත්කර ගැනීමේ චේතනාවෙන් තමා ප්‍රිය කරන කාර්යයන්වලින් වැළකී සිටීමේ පුහුණුවක් ලබන අතර තමා‍ගේ සිතුවිලි සහ අරමුණු මානසික හා ශාරීරික අවශ්‍යතාවයන් පාලනය කර අල්ලාහ් කෙරෙහි භක්තිය, යහපත් හැසිරීම , හා සංවරභාවය ඇති කිරීමට උපවාසය මගින් සුවිශේෂී අන්දමින් අවස්ථාව
 
==උපවාසයේ ආරම්භක අවස්ථාව හා අවසාන අවස්ථාව==
ශ්‍රද්ධ වූ මුහම්මද් නබි (සල්) තුමා පෙන්වා දුන් පරිදි චාරිත්‍රයක් ලෙස මුස්ලිම්වරු අළුයමට පෙර ආහාර ආහාර අනුභව කිරීම සහර් කිරීම ලෙස හැඳින්වේ. අළුයම දේව නැමඳුම වන සලාතුල් ෆජ්ර් කාළය එළඹීමට පෙර කෑම බීම ගැනීම අවසන් කළ යුතුය. මධ්‍යම දහවල නැමඳුම වන ලුහර් සලාකය සහ ඉර බැස යන මොහොතේ සලාතුල් මඃරිබ් මෙන් නොව නබිතුමාගේ රුවන් වැකිවල සඳහන් වන ආකාරයට ඉර මුදුන්වීම හා ඉර බැසයාම පිළිබඳ ජ්‍යෝතිශයට අනුව නිගමනයන් ඇත. කාල වේලාව පිළිබඳ නිගමනයන්ට එළඹීමේදී ප්‍රායෝගික වශයෙන් නියම සූර්යය උදාව (අල් ෆජ්ර් - අල්සද්ක් ) පිළිබඳ මතයන් කිහිපයක් පවතී. මෙය පවතින්නේ සූර්ය්‍යයාගේ මධ්‍යයේ සිට අංශක 12 සිට 21 ක් ක්ෂිතිජයට පහළින්ද සමකයට විනාඩි 40 සිට 60 දක්වා සාමාන්‍ය උදාවට පෙරයි. උදෑසන ආහාරය ගැනීම ගැන සීමාවන් නොවුනත් මුස්ලිම්වරුන්ගේ ආහාරවේල් ගැන සීමාවන් ඇත. සහර් කාලයේ ආහාර ගැනීමෙන් පසු මුස්ලිම්වරු ෆජ්ර් හෙවත් අළුයම සුවෙන් වන්දනය ඉටු කරති. සහර් කාලයෙන් පසු කිසිම ආහාර පානයක් උගුරෙන් පහළට ඇතුල් කිරීමෙන් වැළකිය යුතුය. ආහාර මෙන් නොව ජලය මුඛය තුළට ගෙන වුඩු (Wudu) ගැනීමේදී (එනම් වන්දනයට පෙර කරනු ලබන දෝවනයේදී ) කට පිරිසිදු කළද එය උගුරෙන් පහළට යැවීමට අනුමැතිය නැත.
උපවාසය අවසන් කර ආහාර ගැනීම ආරම්භ කරන කාලය ඉෆ්තාර් යනුවෙන් හැඳින්වේ. මුහම්මද් නබි තුමාගේ මග අනුගමනය කර උපවාසයෙන් මිදීම මුස්ලිම් වූ බොහෝ අයගේ සිරිත වේ. එනම් මරිබ් වන්දනය අවසන් කරීමෙන් පසු තමාගේ කැමැත්ත පරිදි අවශ්‍ය ආහාරයක් බුක්ති විඳිය හැකිය.
 
 
[[ar:الصوم في الإسلام]]
"https://si.wikipedia.org/wiki/සව්ම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි