"වන සංවර්ධන විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
ජීව ගෝලයේ ඉතාම වැදගත් කොටස්වලින් එකක් බවට, වනාන්තර පරිසර පද්ධති පත් වී ඇති අතර වන සංවර්ධන විද්‍යාව, භාවිතයේ ඇති කලාවෙහි, විද්‍යාවෙහි, සහ තාක්ෂණයෙහි වැදගත් ක්ෂේත්‍රයක් ලෙස ඉස්මතු වී ඇත.
 
==ක්‍රියාකාරකම්==
 
අතින් ගස් පැළ කිරීම වනාන්තර රෝපණයේ දී බහුලව යොදා ගන්නා ක්‍රමයකි.
වරෙක විලෝගස් ඇලවී තිබූ භූමියක ඊට ආවේනික යුක්ලිටස් නැවත වගා කිරීම.ඕස්ට්‍රේලියාවේ ටොම්බෝ ග‍ඟෙහි ඉවුරු මත
වනාන්තර පවත්වා ගෙන යාම බොහෝ විට කර්මාන්ත, රජයේ ආයතන, සංරක්ෂණ කණ්ඩායම්, නාගරික උද්‍යාන මණ්ඩල, රට වැසියන්ගේ සංවිධාන හා පෞද්ගලික ඉඩම් හිමියන් මඟින් පාලනය කෙරේ. මේ අතුරින් කාර්මික වනාන්තර මූලික වශයෙන්ම භාවිතා වනුයේ දැව ලබා ගැනීමට හා වනාන්තර පුනුරුත්ථාපනය (ප්‍රතිජනනය ) සඳහා වේ. අනෙකුත් වනාන්තර වෙනත් විවිධ වූ අවශ්‍යතාවයන් හා ප්‍රයෝජන සඳහා භාවිතා කෙරේ. උදාහරණයක් ලෙස නාගරික වනාන්තර නගර සීමාවන් තුළ පාලනය කෙරෙන අතර මුලික අරමුණ වනුයේ නගර සීමාව තුල ශාක ප්‍රමාණය වැඩි කර ගැනීම හා වෙනත් විශේෂ ප්‍රයෝජන වේ. තවත් සමහර වනාන්තර ක්‍රියාත්මක වනුයේ ශාක පැළ ලබා ගැනීමේ අරමුණු කිරීමේ ව්‍යාපෘති සඳහා භාවිතා කෙරේ. තවත් වනාන්තර ශාක ජාන බැංකු ලෙස පවත්වා ගෙන යන අතර එය නව ශාක හා වර්ධන තත්වයන් ඇති කිරීමට ජාන ඉංජිනේරුවන්ට උපකාරී වේ. ඉහත කී විවිධ ක්‍රමෝපායන් හේතුවෙන් උසස් පාසල්වලින් පිටවන උපාධිධාරීන්ගේ සිට සුවිශේෂ වු විෂය පථයන්ගේ නිපුණ ආචාර්යවරුන් දක්වා හැකියා විවිධත්වයක් මෙම ක්ෂේත්‍රය තුළින් බිහි වී ඇත.
සාම්ප්‍රදායිකව කාර්මික වනාන්තර පාලනය කෙරෙනුයේ වනාන්තර කළමනාකරණ සැලසුම් මඟිනි. මෙම සැලසුම් බොහෝ විට මුලික කර ගනුයේ ශාක, ලේඛණගත වාර්තා, වනාන්තරය අයත් ප්‍රදේශයේ භූ විෂමතාවය, ශාක ව්‍යාප්තිය (විශේෂ අනුව) සහ ‍වෙනත් පැලෑටි වර්ගවල විස්තර ඇතුළින් ලේඛන මඟිනි. මීට අමතරව මේවායෙහි අදාල ප්‍රදේශයේ මාර්ග, බෝග වගාවන්, මිනිස් ජනාවාසවලට ඇති දුර හා එහි බලපෑම, ජල වහන පද්ධතිවල විස්තර යන පාරිසරිකව අති සංවේද ප්‍රදේශව පාංශු තත්වයන්ගේ විස්තර යනාදිය වේ. අවසාන වශයෙන් මෙම වනාන්තර කළමනාකරණ සැලසුම්වල භූමිය උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමේ ආකාරය හා එය සිදු කරන කාල රාමුව ද ඇතුළත් වේ.
නමුත් ගස් කපා ගැනීමේ හෝ අදාල ප්‍රදේශයේ සිදු කරන වෙනත් ක්‍රියාකාරකම් බොහෝ විට භූමිය අයිතිකරුගේ හෝ බදු ඔප්පු හිමි‍යාගේ (මීට වනාන්තරයෙන් දැව ලබා ගැනීම සඳහා අවසර සහිත දැව සමාගම්වලට හෝ රජයේ වනාන්තර නම් රජය) අරමුණුවල බලපෑමට යටත් වේ.
මීට අමතරව වෙනත් පාර්ශවකරුවන්ගේ (උදාහරණ ලෙස වනාන්තරය ආසන්න ප්‍රජාව හෝ ප්‍රජාවන්, අසල්වාසීන් හෝ වනාන්තර තුළ හෝ එහි මායිමේ වෙසෙන ග්‍රාමීය ජනතාවගේ) අවශ්‍යතා ද සලකා බැලීම නව ප්‍රවණතාවක් ලෙසින් ඇති වී තිබේ. මෙහිදී හැමවිටම දැව ලබා ගැනීමේ වනාන්තරවලට අදාල නීති රීති හා කරුණු සලකමින් සැලසුම් සැකසීම සිදු කරයි. මේ සියලු සැලසුම් අවසන් දැව ලබා ගැනීම සඳහා උපදෙස් මෙන්ම අලුතෙන් මාර්ග තැනීමට හෝ වෙනත් ඉංජිනේරුමය වෙනස්කම් අවශ්‍ය වේ නම් ඒවාද ඇතුළත් වන ලෙස සකස් කෙරේ.
සාම්ප්‍රදායික වනාන්තර කළමණාකරණ ව්‍යාපෘති වලදී ප්‍රධාන වශයෙන්ම අරමුණු කරනු ලබන්නේ ලී, ඔප දැමූ ලී, තුනී ලෑලි, කඩදාසි, දැව දර හා වෙනත් කර්මාන්තවලට අවශ්‍ය වන අමුද්‍රව්‍යයක් ලෙස ලී කොට සැපයීමයි. නිෂ්පාදනය කරනු බන දැවවල තත්වය, ප්‍රමාණය, රැකියා උත්පාදනය හා ලාභය මුලික වශයෙන් සැලකුව ද එය හැමවිටම වැදගත් ලෙස නොසලකනු ලැබේ. වනාන්තර වගාකරුවෝ බොහෝ විට පසු අස්වනු ක්ෂේත්‍ර සැලසුම් ඉදිරිපත් කරයි. මේවා බොහෝ විට නැවත වන වගාව (විශේෂ වශයෙන් වගා), වල් පැලෑටි පාලනය, පොහොර දැමීම හෝ ළපටි පැළ අතර දුර වැඩි කිරීම (බොහෝ විට ගස් එකිනෙක ආසන්නව තදබෑම වර්ධනය වීම අඩු කොට ලිහිල් වනාන්තර ඇති කිරීමට) යනාදී අරමුණු කර පවතී.
මීට අමතරව වනාන්තර වගාකරුවන්ගේ වෙනත් වගකීම් ලෙස කෘමි උවදුරු පාලනය කිරීම හා වැළැක්වීම, විවිධ රෝග පාලනය, වනාන්තරවල හා තෘණ භූමිවල ලැව් ගිනි පාලනය යනාදිය වේ. බොහෝ විට වනාන්තර හේතුවෙන් ඇතිවිය හැකි රෝගී වසංගත තත්වයන්ගේ පිටත හා දේපල හානි අවදානම බලාපොරොත්තු මෙන් වුවද ඉහත සඳහන් වගකීම් ඉටු කරමින් ස්වභාවික ලෙස මෙම ජෛව පද්ධතිවට ක්‍රියාත්මක වීමට ඉඩ සැලසීම නව ප්‍රවනතාවක් ලෙසින් ක්‍රියාත්මක වෙමින් පවතී.
වන වගාකරුවෝ බොහෝ විට වනාන්තර වර්ධන වීමේ ආදර්ශනය කිරීමේ හා මැනීමේ විශේෂඥයෝ වෙති. (වනාන්තර මිනුම්කරණය) මීට අමතරව මෙම වන වගාකරුවෝ වන ජීවී සංරක්ෂණ ව්‍යාපෘති හා ජලාධාර සංරක්ෂණ ව්‍යාපෘති වලට ද සහභාගී වෙති.
 
== References ==
"https://si.wikipedia.org/wiki/වන_සංවර්ධන_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි